එහෙම කෘතිමව බාහිර සාධක වෙනස් කරලා කරන්න පුලුවන්කම තියෙන්නේ ඉල්ලුමක් තියෙනවා නං විතරයි. හැම වෙලාවෙම ඉල්ලුම මේ වගේ බලෙන් හැදුවම වෙන්නේ support level hit කරලා ආයේ ස්ටෙබල් කරගන්න එක. කොහොම මොන මුදල් ආවත් ඔක්කෝටම ඕක පොදු ලක්ෂණයක්.
හරියට trade වෙනවා නං 70% ක් විතර වෙනකං හිස්ට්‍රි data බලපානවා. Sentimental analysis වලින් අනික් ටික හෙන්ඩ්ල් කරගන්න පුළුවන් එතකොට ඕනිම market එකක් predict කරන්න පුළවන්කමක් තියෙනවා. හිටිගමන් decision ගන්නේ නෑ නේ fiat වල උනත්.
ඔන්න ඉතින් තේරුම් අරගෙන නැහැ නේ කියපු දෙය උබ කොහොමද කියන්නේ රුපියල් වලට ඉල්ලුම නැහැ කියලා
මෙතැන කෘතිමව බාහිර සාධක වෙනස් කරලා රුපියලට තියෙන ඉල්ලුම තමා වෙනස් කරලා තියෙන්නේ
1 . බැංකු වල පොලී අනුපාතය වැඩි කරපු ගමන් ඩොලර් විකුණලා රුපියල් විදියට Fixed Deposit දානවා (රුපියලට ඉල්ලුම වැඩි වෙනවා)
2. ආනයන සීමා කරනවා එතකොටත් ආනයන අපනයන වලට වඩා අඩුවෙන නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා
3. පහුගිය අවුරුදු දෙකේ අළුතෙන් රට ගිය අය ලංකාවට ඩොලර් ඒවනකොට ලංකාවේ Accounts වලට එන්නේ LKR විදියට එතකොට ඩොලර් දීලා රුපියල් ගන්න නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා
4. ගොඩක් අය පහුගිය කාලේ පිස්සූවෙන් වගේ ඩොලර් එකතු කරේ ඩොලර් නැතිවෙයි කියන බයට දැන් හැම බංකුවකින් ම ඩොලර් දෙන නිසා කවුරුවත් ඩොලර් එකතු කරන්න යන්නේ නැහැ මේක නිසාත් ඩොලර් වලට ඉල්ලුම අඩුවෙනවා
5. Tourist ලා වැඩිපුර එනවා දැන් ඒ අය ඔක්කොම ඩොලර් දීලා LKR ගන්නවා රුපියල් වලට ඉල්ලුම වැඩි වෙනවා .
රුපියලේ මිල වැඩිවෙන්න නම් රටේ අපනයන වැඩිවෙන්න ම ඕනෑ කියලා තර්ක කරන්නේ ඔය හදුන්නෙත්ති නේ පොර දන්නේ ඕක ගිරවා වගේ කියවන්න විතරයි ඌ දන්නේ නැහැ අපනයන කියන්නේ රුපියලේ ඉල්ලුම සැපයුම වෙනස් වීමට බලපාන සාධක ගොඩෙන් එක සාධකයක් විතරයි කියලා