රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කර&#350

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කර&#350

    රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි? සහ කල නොහැකි අවස්ථාවන්


    2qkiagm.jpg


    බොහෝ දෙනා පිංකම් වලදී අටපිරිකරයන් පූජා කර ඇති. එහෙත් මෙයින් ලැබෙන ආනිසංස ගැන වැටහීමක් නැතිවා වන්නට පිළිවන. ඒ නිසා මෙම සටහන තැබීමට සිතුවෙමි. බෞද්ධ ආගමිකයන්ගේ එකම අරමුණ නිර්වාණය සක්ෂාත් කරගැනීමයි. එනම් බුද්ධත්වය , පසේ බුද්ධත්වය , රහත් යන බෝධීන් තුනෙන් එකකට පත් වීමෙනි. වැඩි දුර කතාබහ කිරීමට ප්‍රථම ඒ ගැන සුළු අවබෝධයක් ලබාගත යුතුය.


    බුද්ධත්වය
    ලොව්තුරා බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා සේම ; ධර්මාවබෝධය ලැබීමට පෙරුම්පුරා පැමිණෙන ඕනෑම කෙනෙකු හට (ත්‍රිහේතුක ප්‍රතිසංදියක් ඇත්තෙකු හට) නිර්වාණය සඳහා කරුණු කාරනා අවබෝධ කරවීමට හැකියාව ඇත. එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව ඒ ඒ පුද්ගලයාට කරුණු පැහැදිළි කිරීමේ හැකියාව ඇත. (එකිනෙකාගේ බුද්ධි මට්ටම තේරුම් ගෙන ඉලක්කගතව කරුණු පැහැදිළි කිරීමේ හැකියාව සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකටද ඇත)


    පසේ බුද්ධත්වය
    පසේ බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත (සරළම පැහැදිළි කිරීම) . එහෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් හට පවින් වැළකීමේ ආනිසංස , යහමගට ඒමේ ආනිසංස වැනි දේ ගැන කරුණු වටහා දීමේ සමත් කම් ඇත. ඒ ඇරුණුකොට සමස්ථ ධර්මස්කන්ධයම සිතේ ධාරණය කරගනිමින් එකින් එක අවශ්‍ය ස්ථානයේදී ගැළපෙන ලෙස ලිහා දීමට පසේ බුදුන්වහන්සේ කෙනෙකුන් හට බැරිය. (පසේ බුදුවරුන් ගොළු වේ වැනි මනස්ගාත ඇත්නම් එය ඉවත් කරගන්න)



    රහතන් වහන්සේ
    ලොව්තුරා බුද්ධත්වයට පත් වහන්සේ නමකගෙන් ධර්ම කරුණු එකින් එක අසා දැනගනිමින් නිර්වාණ මගට පත් වේ (රහත් ඵලයට). එසේම වෙනත් අයටද නිර්වාණාවබෝධය සඳහා ධර්ම කොටස් එකින් එක වෙන් කර දීමේ හැකියාව ඇත. එසේම සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ නමකට මීටත් වඩා හැකියාවන් ප්‍රමාණයක් පොදුවේ හිමි වේ. (භාෂා සියයක් කතා කිරීමේ හැකියාව , අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය ධාරණය කරවීමට සමත් බුද්ධියක් , පුද්ගලයෙකුගේ චෛතසිකයන් නිවැරදිව හඳුනාගැනීමට ....... , ........ , අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්බිදාන ඥානයන් ආදී වශයෙන්.) එසේම සංසාරයේ පුරණා ලද පාරමී අනුව රහතන්වහන්සේලා අතර එකිනෙකට දෙවෙනි නොවන්නා වූ හැකියාවන් ඇති රහතන් වහන්සේලාද පහල වේ. උදාහරණයක් :- ඍර්ධි ලාබීන්ගේ අග්‍රස්ථානය මුගලන් තෙරුණුවන් වන විට , බුද්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සැරියුත් තෙරණුවන් වේ. (මේවා වෙන වෙනම පැහැදිළි කල යුතු කරුණු වේ)


    රහත් භික්ෂූන් වහන්සේගේ පැවැත්මෙහි අවශ්‍යතාවය
    බුද්ධශාසනයේ පැවැත්ම සඳහා බුදු කෙනෙකුට පමණක් දෙවෙනි වන්නා වූ මෙහෙයක් ඉටු වන්නේ රහතන්වහන්සේලාගේ අතිනි. පරපුරෙන් පරපුරට ධර්මය පවත්වාගෙනයාම , ධර්මය සොයා එන්නන් හට ධර්මය වටහාදීම , ඇති වන ගැටලුසහගත තැන් නිරවුල් කර දීම , අනාගතය උදෙසා ධර්මය ආරක්ෂා කිරීම ආදී වශයෙන් බොහෝ උත්තම කාර්යන් රාශියක් රහතන්වහන්සේලා අතින් ඉටු වේ.

    බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා සහ ගිහි දායක-දායිකාවන්ගේ සභාගීත්වයෙන් බුද්ධශාසනයේ මූලික පැවැත්ම සිදු වේ. බුදු කෙනෙකු විසින් අවබෝධ කරගන්නා වූ ධර්මය අසා දැනගෙන , ඒ මගෙහි යන්නෙකු අවසානයේදී රහත් ඵලයට පැමිණෙන බව ඉහත සඳහන්. යම් කිසි භික්ෂුවක් භික්ෂූත්වයේ සිටියදී රහත් ඵලයට පැමිණියේ නම් , එම භික්ෂුව රහත් භික්ෂුවක් බවට පත් වේ.

    එහෙත් යම් කිසි අයුරකින් ගිහි ස්වභාවයෙන් සිටියදීම අයෙක් බුදු කෙනෙකු ඉදිරියේ ධර්මය අවබෝධ කර රහත් භාවයට පත් වූයේ නම් එම රහතන් වහන්සේට ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දිය යුතුය. කිසිදු ගිහි රහතන්වහන්සේ නමකට ගිහි ස්වරූපයෙන් පැවැත්මක් ගෙන යා නොහැකිය. එම නිසා බුදුන්වහන්සේ විසින් එම රහතන්වහන්සේව ඒහිභික්ෂූභාවයට පත් කරලනු ලබයි. නැතහොත් නියත වශයෙන්ම පිරිනිවන් පෑමට පැමිණේ!

    (මෙයින් පහතට ඇති කොටස් සඳහා නියමිත අයුරින් ගෞරව පදයෙන් ඇමතීම යෙහෙකි. කළේය = කල සේක ආදී වශයෙන්)

    ඒහි භික්ෂුභාවය යනු බුදුන් විසින් දකුණු අත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම භික්ෂුවට තමා අභිමුඛයට පැමිණීමට අණ කිරීමයි (යුධ සේවයේ වැනි අණ දීමක් නොවේ) . එවිට හිස් රැවුල් බෑවී , පාත්‍රා සිවුරු පහළ වී බුදු පා මුලට පැමිණේ.​



    ඒහිභික්ෂුභාවයට පත් කිරීමට සිදු වූ අවස්ථාවක්​
    දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද බුදුන් දුටුවනම බුදුන් වහන්සේට වැඳ ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම දුටු සැරියුත් මහා රහතන්වහන්සේ විසින් සිනහා පහල කිරීමට හේතුව විමසුවේය.

    " පිංවත් සාරිපුත්තය ඔබ මේ දුටු තරුණයා අද සවස් වීමට ප්‍රථම රහත් භාවයට පත් වනවා. ඒ බැව් දැනගෙන මට සිනහා පහල විය " යනුවෙන් වදාලේය . එවිට සියලු භික්ෂු පිරිසද සාදු කාරයක් දී එය අනුමත කළෝය.

    කී පරිදිම සවස් යාමය එළඹීමත් සමග යට කී තරුණ තෙම බුදුන් දැකීමට ආරාමයට පැමිණියේය. පැමිණ එකත්පසව හිඳ බුදුන්වහන්සේ සමග තමා පැමිණි කාරණය මෙසේ එළි කර සිටියේය. (පහත දක්වා ඇත්තේ වාචික භාෂාවෙන් බව සළකන්න)


    lord-buddha-081.jpg


    ස්වාමීන්ද්‍රයන්වහන්ස මා නමින් සංතතික. මා අසවල් රජුගේ ප්‍රධාන ඇමති තෙම වේ. රාජ්‍යයේ බොහෝ උවමනා එපාකම් ඉටු කරන්නේ මා විසින්. විදේශයන් වෙතින් යුද්ධයන් පැමිණෙන විට රජු මගේ පිහිට පතයි.

    " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි රජු මා හමුවට පැමිණ කියයි. එවිට මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. කාලයක් ඉක්ම ගිය තැන නැවතත් රජු මා හමුවට පැමිණ " සංතතික අසවල් රටෙන් යුධ ප්‍රකාශ කර තිබෙනවා අනේ අපව බේරා දෙන්න " යැයි කියයි. එවිට නැවතත් මම වහා මගේ චරපුරුෂ උපක්‍රමයන් භාවිතා කර රට ගලවා ගනී. මෙයාකාරයෙන් මම නිහඬව , සියලු ප්‍රයෝගයන් භාවිතා කරමින් රට ආරක්ෂා කරයි. මෙලෙස කාලයක් ඉක්ම ගිය තැන ඉතා විශාල ආක්‍රමණයක් පැමිණියා. එවිටද රජු මා හමුවට පැමිණ " අනේ සංතතික මෙවර ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. අප රාජ්‍ය වුවද වැනසී යා හැකිය . ඒ නිසා අපව බේරා දෙන්න " යැයි ඉල්ලා සිටියා.

    මා එහිදීද මගේ ප්‍රයෝගයන්ගේ පිහිටෙන් රට ගලවාගැන්මට සමත් වූවා. මේ සිද්දියෙන් පසු රජු මා හට විශේෂ වරයක් ප්‍රධානය කරා , දින 7 ක් යනතුරු රටෙහි රාජධූරය මට ප්‍රධානය කරා. එසේ ප්‍රධානය කර ඔහු නිවාඩුවකට නික්ම ගියා.

    ඉඳින් ඒ දින හත පුරාවට මා රජ සැප නොඅඩුව විදින්නටත් , නොයෙක් ආහාරයන්හි මිහිර , පල වැල හි මිහිර , නාටිකාවන්ගේ නැටුම් ගැයුම් හි මිහිර විඳින්නට වුණා. දින හත අවසාන වන අද දිනදී මා යම් දෙයක් දුටුවා. දින හත පුරාවට මා සතුටට පත් කල එක් නාටිකාවන්ඟනාවක් අද දින වෙහසට පත්ව වේදිකාවේදීම මිය ගියා.

    "ඒ මොහොතෙහි සිට මගේ සිතෙහි හට ගත් චිත්තඃස්වභාවය දරාගැනීමට නොහැකිව ස්වාමීනි ඔබ දැක්මට මෙසේ පැමිණියෙමි " යනුවෙන් මෙම තරුණයා බුදුන් හමුවේ විස්තර කරසිටින්නට විය.

    මෙතෙක් වේලා කරුණු අසා සිටි බුදුන්වහන්සේ මේ තරුණයාට දහම් දෙසු සේක. දහම් දෙසීම අවසානයේ සංතතික රහත් ඵලයේ පිහිටියේය. ඉඳින් සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. මේ අවස්ථාවේදී බුදුන් මෙයට හේතුව විමසා බැලීමේදී පෙනී ගියේ අහෝ ...! සංතතික මහා රහතන්වහන්සේ ඒහි භික්ෂු භාවයට පත් වීමට පාරමී සපුරා නැති බවයි.

    තමා පිරිනිවන්පෑමට පත් විය යුතු බව දැනගෙන සංතතික රහතන්වහන්සේ බුදුන්වහන්සේගේන් එයට අවසර පැතුවේය .

    " ස්වාමිනි මා පිරිනිවන්පෑම සඳහා නික්මිය යුතුයි. ඒ සඳහා මට අවසර දෙන්න "

    මේ බව අසා සිටි රැස්ව සිටි පිරිස මේ වන්නේ කුමක්දැයි විමසා සිටින්නට විය. මන්ද රහත් භාවයට පත් වූවෙක්ව බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට හඳුනාගැනීමට නොහැකිය. ( මෙය ඉතා සංකීර්ණ කරුණක් වෙනම පැහැදිළි කල යුතු. බුදුන්ට පමණක් බුද්ධියෙන් දෙවෙනි වන්නා වූ සැරියුත් තෙරණුවන්ට පවා යම් අවස්ථා වලදී රහත් භාවයට පත් වූ තම ශිෂ්‍යන් එකෙණිහිම*1 හඳුනා ගැනීමට නොහැකිව ගිය තැන් සඳහන් . එකෙණිහිම*1 යන්න ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. එහෙත් මේ හැකියාව ඇති නොයෙක් දිව්‍ය පුත්‍රයන් , බ්‍රහ්ම රාජ්‍යන් සිටි ; ඔවුන් සහ සැරියුත් තෙරණුවන් සංසන්දනය කිරීමටද නොයන්න. එය වෙනම පැහැදිළි කල යුත්තක් බව සිහි තබාගන් .

    " සංතතික ඔබට පිරිනිවීම සඳහා අවසර දෙමි. එහෙත් ඔබ පිරිනිවන් පෑමට ප්‍රථම තල් ගස් හතක් තරම් වූ ඉහළ අහසට පැනනැග , එහි සිට පිරිනිවන් පෑම මැනවි. මේ රැස්ව සිටින ජනයාගේ යහපත පිණිස එසේ කරන්න. "

    ඉඳින් සංතතික රහතන්වහන්සේ තල් ගසක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී , නැවත තල් ගස් දෙකක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී , නැවත තල් ගස් තුනක් තරම් වූ උසකට පැනනැගී යළිත් බුදු පා හමුවට පැමිණ අවසරගනී. මෙලෙස තල් ගස් හතක් ඉක්මයන තරම් වූ උසකට පැමිණි මොහෙත එළඹීමත් සමග අහසේ පලක් බැඳ සිටියදීම පිරින්වන් පෑවේය..!

    උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු අහසට පැනනැගී ධාතු කොටස් ලබාගත් බුදු හිමියන් මෙසේ දේශනා කරන්නට විය.

    සංතතික රහතන්වහන්සේ අද මෙලෙසක පිරිනිවන් පෑමට හේතු වූයේ යම්කිසි හේතුවක් නිසාය. රහත් වීමට තරම් පුණ්‍ය ශක්තියක් තිබූවද සසරෙහි කිසිදු දිනක ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමට තරම් පාරමිතාවන් සම්පූර්ණ නොකර තිබීම එයට හේතුවයි. පෙර විසු පියුමතුරා බුදුන් සමයේදී බන්දුමතී නුවර ධර්මඝෝෂකව සිටියදී පිරූ පාරමිතාවන් හි බලයෙන් අද මෙලසක රහත් ඵලය අවබෝධ කරගත්තද , බුද්ධඃප්‍රමුඛ මහා සංඝයා වෙත අටපිරිකරක් සංසාරයේ කිසිදු දිනක පූජා කරන්නට නොලැබී තිබු බැවින් භික්ෂූත්වයක් ලැබීමට නොහැකි වුණා (භික්ෂුවකට අටපිරිකරක් පූජා කිරීමට බැරි ලෙස ලබනා උප්පත්තිද මෙයට හේතුවක් වූවා විය හැකිය. මෙයද නැවත පැහැදිළි කල යුත්තක් බව සළකන්න). ධර්මඝෝෂකව සිටියදී ලැබූ පුණ්‍ය ශකිතියෙන් කල්ප ගණනක් පුරා දිව්‍ය ලෝකයෙහි ඉපිද දිව්‍ය පුත්‍රයෙක් මෙන් විරාජ මානව සිටියා . එම දිව්‍ය පුත්‍රයා නිවන් ලැබීම පිණිසම මනුලොවට පැමිණි භවයයි මේ. ඉඳින් මේ භවයේදීද අසීමිත බුද්ධියක් , අසීමිත ධාරණ ශකිතියක් , ප්‍රයෝගයෙහි නිපුණත්වයක් ලැබ රාජ රාජ මහාමාත්‍ය සැප විඳීමට එම පිණ ඉවහල් වුනා. එහෙත් රහත් බව ලැබීමෙන් පසු එම අති මහත් වූ බුද්ධියෙන් ලෝකයාට සෙතක් සැලසීමට නොහැකි වුනා. එනයින් අටපිරිකර පූජා කිරීමේ අනිසංශ වදාළ බුදු හිමියන් දෙසුම අවසානයේ සංතතික රහතන්වහන්සේගේ ධාතු පිරිස අතරේ බෙදා දී මේවා රැගෙන ගොස් චෛත්‍යක් කරවා වැඳුම් පිදුම් කරන්නට අවසර දුන් සේක.

    උපුටා ගැනීම http://obeth-mageth-addakeem.blogspot.com/
    ලිපියේ සම්පුර්ණ ගෞරවය මුල් කතෘ වෙත හිමි විය යුතුය.

    ~//තෙරුවන් සරණයි//~
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :P chack කරන්න හදද්දී වැරදිලා preview වෙනුවට post උනා බං. :D
    දැන් හරි නේද?

    එලකිරි මචන්,,, වටිනවා


    You must spread some Reputation around before giving it to keerthi.mac again.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෙහි "බුද්ධත්වය" කියල විස්තර කරල තියෙන තැන title ක "ලොව්තුරා බුද්ධ" වෙන්න ඕන
    මොක්ද මේ තුන ම බුද්ධත්වයන් නෙ. බුදුන් දැක නිවන් දකිත්වා කියල ප්‍රර්ථනා කරන්නෙ මේ බෝධි තුනෙන් එක් බෝධියකට පත් ව නිවන් දකිත්වා කියන එක.
    අනික රහතුන් වහන්සේ කියන වචනෙ වැරදී. හිතලම බලන්න. නමෝ තස්ස බගවතෝ අරහතෝ කියන පාඨයෙ රහතෝ නෙවෙයි නෙ තියෙන්නෙ. අරහතෝ කියන්නෙ රස බැලීමෙන් වැලකුණු කියන තේරුම. රහතෝ කියල කිව්වොත් ඒකෙන් කිය්වෙන්නෙ ගොඩක් දුරට රහ බැලීම ම ගැන

    සමස්තයක් වශයෙන් ඉතාමත් හොඳ thread එකක් මචෝ. ගොඩක් වටිනව. තෙරුවන් සරණ යමු.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බොහොම පිං සහෝදරයා, තෙරුවන් සරණයි
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    ඉඳින් සංතතික රහතන්වහන්සේව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාවට පත් කිරීම උදෙසා බුදුවහන්සේ තම දකුණත දිගු කර " මහණ මෙහි එව " යනුවෙන් අණ කිරීමක් කළද කිසිදු වෙනසක් සිදු නොවීය. මේ අවස්ථාවේදී බුදුන් මෙයට හේතුව විමසා බැලීමේදී පෙනී ගියේ අහෝ ...! සංතතික මහා රහතන්වහන්සේ ඒහි භික්ෂු භාවයට පත් වීමට පාරමී සපුරා නැති බවයි.

    බුදුන් වහන්සේ "එව මහණ" කියා අමතන්නේ ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා ගැනීමට පාරමිතා පුරා ඇත්නම් පමණි. එසේ ආවර්ජනා නොකර බුදුන් වහන්සේ මෙලෙස ඇමතූ බවක් කිසිදිනක අසා නැත. මෙම කතාව පිළිගත නොහැක. :rolleyes:

    ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දෙන්නේ රහතන් වහන්සේලාට පමණක් නොවන බවද සලකන්න. තමා විසින්ම සකසා ගත් අටපිරිකර නිවැරදිව පූජා කළ අයෙකුට එම කුසල කර්මය දිව්‍යමය පාතා සිවුරු පහළ වීමෙන් අවසන් වේ. දිව්‍යමය පාතා සිවුරු දැරිය හැකි කෙනෙකුට මහණ වීමේදී ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දිය හැක.

    මේක ලියපු කෙනා කවුද කියල හොයල බලන්න.
    :rolleyes:
     

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    බුදුන් වහන්සේ "එව මහණ" කියා අමතන්නේ ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා ගැනීමට පාරමිතා පුරා ඇත්නම් පමණි. එසේ ආවර්ජනා නොකර බුදුන් වහන්සේ මෙලෙස ඇමතූ බවක් කිසිදිනක අසා නැත. මෙම කතාව පිළිගත නොහැක. :rolleyes:

    ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දෙන්නේ රහතන් වහන්සේලාට පමණක් නොවන බවද සලකන්න. තමා විසින්ම සකසා ගත් අටපිරිකර නිවැරදිව පූජා කළ අයෙකුට එම කුසල කර්මය දිව්‍යමය පාතා සිවුරු පහළ වීමෙන් අවසන් වේ. දිව්‍යමය පාතා සිවුරු දැරිය හැකි කෙනෙකුට මහණ වීමේදී ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දිය හැක.

    මේක ලියපු කෙනා කවුද කියල හොයල බලන්න.
    :rolleyes:

    me kathawa mama ahala thiyenneth wena widhiyakata...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදයි සහෝදරයා
    ගොඩක් පිං
    තෙරුවන්සරණයි!
     
    Last edited: