රාජපක්ෂ අනුගාමිකයින් වෙත..
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජය ගැන සහ එතුමාගේ අනුගාමිකයින්ට මෙසේ ලියමි..
කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා නැවත නැවතත් පරාජය කරවීමට සක්‍රීය දායකත්වයක් දුන්නේ එතුමාව නැවතත් එම ලෙසින්ම මහා මැතිවරණයට කැන්දාගෙන ආ අපේක්ෂකයින් නොවෙන චන්ද දායකයින් විසින් යයි මම යෝජනා කරමි.. එයට හේතුවනම් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ තිබු දුර්වලකම් සහ වැරදි, නිවැරදි කරවීමට තරම් උවමනාවක් චන්ද දායකයින්ට වූ නුඹලාට නොතිබූ බැවින්ය..මහින්ද සමග නැගිටිමු, මහින්ද අගමැති කරමු මැයෙන් සටන් පාඨ කියූ පමණින් එකවරක් පරාජයට පත්වූ අපේක්ෂකයෙක් මාස හයකින් පසුව නැවතත් එම තත්වයෙන්ම ජයග්‍රහණය කරවීමට ප්‍රයත්න දැරීම දුරදර්ශී නොවෙනා වූ ක්‍රියාවක් බවට පහදා දීමට තරම් බුද්ධිමත් උපදේශකත්වයක් රාජපක්ෂ මහතා වටා නොතිබූ බව මෙයින් පැහැදිලිය....
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හේතුව වත් අඩුම තරමේ විමසා බැලීමට එකුදු චන්ද දායකයෙකු හෝ ඉදිරිපත් වූයේනම් තත්වය මීට වඩා වෙනස් වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.. පරාජයට පත්වූ මහින්ද දුෂිතයින් නොමැතිව මහා මැතිවරණයට ඉදිරිපත් වූයේනම් තත්වය මීට වඩා බොහෝ සෙයින් යහපත් වන්නට ඉඩ තිබුණි.. එහෙත් මහින්ද සමග නැගිටිමු යන්නෙන් උද්යෝගයට පත් චන්ද දායකයින් වූ නුඹලා රාජපක්ෂ මහතා වටා සිටිනා හොර මුල විසින් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයට කරන්න වූ හානිය නොදුටුවේද.. නොදුටුවාසේ සිටියාද.. එසේත් ඇතොත් එම දුෂිතයින් රාජපක්ෂ මහතා දිනවන බලවේග ලෙසින් දුටුවාද යන්න වෙනම තනි තනිවම විමසා බැලිය යුතුය..
සැප සම්පත් සහ බැංකු ගිණුම අරමුණු කරගත් මිතුරු වෙසින් සිටි හොර මුලක් විසින් සාදා දුන් සටන් පාඨ කියවමින් රාජපක්ෂ මහතා මැතිවරණය වෙත කැන්දාගෙන ආ නුඹලා විසන් අකුරටම හොරුන්ගේ අවශ්‍යතාවය සැබවින්ම ඉටුකරදී ඇත.. එහෙත් උක්ත පුද්ගලයා අගමැතිකමක් නොලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී ඇත.. රාජපක්ෂ මහතාගේ ඇඟේ එල්ලී පාර්ලිමේන්තුවට සෙන්දුවූ ගෙම්බන්ට තවත් වසර පහක් යනතුරු මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය වන්නේ නැත..මන්ද වසර පහකට අවුන් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගෙන ඇති බැවින්ය ..ඔවුන් එදත් උන්නේ එතනය.. අදත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එයම පමණය.. එහෙත් කොටියා පරලොව යවා වසර ගණනක් ජනාධිපතිකම හොබවූ නායකයකු ඔබලා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හොරමුල සමගම සම ආසනයේම පාර්ලිමේන්තුවේ වාඩිකරවා ඇත... සිතා බලන්න .. ඔබෙත් මගෙත් හිටපු නායකයා හොරමුලක් සමග සමතැන් ගන්නා තැනට ගෙන ආවේ ඔබයි... සාපෙළ අසමත් මුදල් වංචා රැසකට සාඩම්බර උරුමකම් කියනා විමල් වීරවංසත්, පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භුක්ති විඳිනා ගම්මන්පිලත් ඇතුළු වාසි පැත්තට හෝයියා ගොයියන් සමග සම අසුනේ ඔබලාගේ නායකයා අසුන්ගැන්වුයේ ඔබලායි... නුදුරු අනාගතයේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් මෙතෙක් කල් රාජපක්ෂ මහතාගේ ලේ උරා බිව් කුඩලලන් ඊට වඩා වරදාන ලැබෙන, වරප්‍රසාද ලැබෙන රස නහර පිනා යන ලෙයක් තිබෙන එකෙකුගේ ඇඟේ එල්ලෙනු නොඅනුමානය..රාජපක්ෂ මහතාගේ කරෙන් පාර්ලිමේන්තුවට සේන්දු වූ ගෙම්බන් ආණ්ඩු පක්ෂයෙන් දහසින් බැඳී පියල්ලක් සමගින් මස් කටුවක් පෙන්වූ සැනින් ඇඳි වත උස්සා රාජපක්ෂ මහතා වෙතම පශ්චාත් භාගය පෙන්වා ආණ්ඩුවට මුක්කු ගසනු එකක් නැති කියා විශ්වාසයක් තැබීමට තරම් යහපත් ඉතිහාසයක් ගෙම්බන්ට නොමැති වග නැවත නැවතත් පැහැදිලි කල නොවුමනාය..නුදුරු දිනෙක රාජපක්ෂ මහතා මන්ත්‍රීකමක් දරනා පාර්ලිමේන්තුවේ රාජපක්ෂ මහතාගේ කරෙන් පාර්ලිමේන්තු ගිය කුඩල්ලන් ඇමතිකම් දරනු ඇත.. හොරුන් විසින් සදා දුන් සටන්පාඨ වනමින් පෙරහරේ ගිය නුඹලා එදිනට පසුතැවිලි වනු නොඅනුමානය.. ඒ නුඹලාට මාස හයක් ඇතුලත නිවැරදි කිරීමට තිබු වැරදි නුඹලා විසින් නිවැරදි නොකළ පාපයටය..