රාජපක්ෂ අනුගාමිකයින් වෙත..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රාජපක්ෂ අනුගාමිකයින් වෙත..

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජය ගැන සහ එතුමාගේ අනුගාමිකයින්ට මෙසේ ලියමි..

    කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා නැවත නැවතත් පරාජය කරවීමට සක්‍රීය දායකත්වයක් දුන්නේ එතුමාව නැවතත් එම ලෙසින්ම මහා මැතිවරණයට කැන්දාගෙන ආ අපේක්ෂකයින් නොවෙන චන්ද දායකයින් විසින් යයි මම යෝජනා කරමි.. එයට හේතුවනම් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ තිබු දුර්වලකම් සහ වැරදි, නිවැරදි කරවීමට තරම් උවමනාවක් චන්ද දායකයින්ට වූ නුඹලාට නොතිබූ බැවින්ය..මහින්ද සමග නැගිටිමු, මහින්ද අගමැති කරමු මැයෙන් සටන් පාඨ කියූ පමණින් එකවරක් පරාජයට පත්වූ අපේක්ෂකයෙක් මාස හයකින් පසුව නැවතත් එම තත්වයෙන්ම ජයග්‍රහණය කරවීමට ප්‍රයත්න දැරීම දුරදර්ශී නොවෙනා වූ ක්‍රියාවක් බවට පහදා දීමට තරම් බුද්ධිමත් උපදේශකත්වයක් රාජපක්ෂ මහතා වටා නොතිබූ බව මෙයින් පැහැදිලිය....

    ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හේතුව වත් අඩුම තරමේ විමසා බැලීමට එකුදු චන්ද දායකයෙකු හෝ ඉදිරිපත් වූයේනම් තත්වය මීට වඩා වෙනස් වන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.. පරාජයට පත්වූ මහින්ද දුෂිතයින් නොමැතිව මහා මැතිවරණයට ඉදිරිපත් වූයේනම් තත්වය මීට වඩා බොහෝ සෙයින් යහපත් වන්නට ඉඩ තිබුණි.. එහෙත් මහින්ද සමග නැගිටිමු යන්නෙන් උද්යෝගයට පත් චන්ද දායකයින් වූ නුඹලා රාජපක්ෂ මහතා වටා සිටිනා හොර මුල විසින් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයට කරන්න වූ හානිය නොදුටුවේද.. නොදුටුවාසේ සිටියාද.. එසේත් ඇතොත් එම දුෂිතයින් රාජපක්ෂ මහතා දිනවන බලවේග ලෙසින් දුටුවාද යන්න වෙනම තනි තනිවම විමසා බැලිය යුතුය..

    සැප සම්පත් සහ බැංකු ගිණුම අරමුණු කරගත් මිතුරු වෙසින් සිටි හොර මුලක් විසින් සාදා දුන් සටන් පාඨ කියවමින් රාජපක්ෂ මහතා මැතිවරණය වෙත කැන්දාගෙන ආ නුඹලා විසන් අකුරටම හොරුන්ගේ අවශ්‍යතාවය සැබවින්ම ඉටුකරදී ඇත.. එහෙත් උක්ත පුද්ගලයා අගමැතිකමක් නොලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී ඇත.. රාජපක්ෂ මහතාගේ ඇඟේ එල්ලී පාර්ලිමේන්තුවට සෙන්දුවූ ගෙම්බන්ට තවත් වසර පහක් යනතුරු මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය වන්නේ නැත..මන්ද වසර පහකට අවුන් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගෙන ඇති බැවින්ය ..ඔවුන් එදත් උන්නේ එතනය.. අදත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එයම පමණය.. එහෙත් කොටියා පරලොව යවා වසර ගණනක් ජනාධිපතිකම හොබවූ නායකයකු ඔබලා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හොරමුල සමගම සම ආසනයේම පාර්ලිමේන්තුවේ වාඩිකරවා ඇත... සිතා බලන්න .. ඔබෙත් මගෙත් හිටපු නායකයා හොරමුලක් සමග සමතැන් ගන්නා තැනට ගෙන ආවේ ඔබයි... සාපෙළ අසමත් මුදල් වංචා රැසකට සාඩම්බර උරුමකම් කියනා විමල් වීරවංසත්, පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භුක්ති විඳිනා ගම්මන්පිලත් ඇතුළු වාසි පැත්තට හෝයියා ගොයියන් සමග සම අසුනේ ඔබලාගේ නායකයා අසුන්ගැන්වුයේ ඔබලායි... නුදුරු අනාගතයේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් මෙතෙක් කල් රාජපක්ෂ මහතාගේ ලේ උරා බිව් කුඩලලන් ඊට වඩා වරදාන ලැබෙන, වරප්‍රසාද ලැබෙන රස නහර පිනා යන ලෙයක් තිබෙන එකෙකුගේ ඇඟේ එල්ලෙනු නොඅනුමානය..රාජපක්ෂ මහතාගේ කරෙන් පාර්ලිමේන්තුවට සේන්දු වූ ගෙම්බන් ආණ්ඩු පක්ෂයෙන් දහසින් බැඳී පියල්ලක් සමගින් මස් කටුවක් පෙන්වූ සැනින් ඇඳි වත උස්සා රාජපක්ෂ මහතා වෙතම පශ්චාත් භාගය පෙන්වා ආණ්ඩුවට මුක්කු ගසනු එකක් නැති කියා විශ්වාසයක් තැබීමට තරම් යහපත් ඉතිහාසයක් ගෙම්බන්ට නොමැති වග නැවත නැවතත් පැහැදිලි කල නොවුමනාය..නුදුරු දිනෙක රාජපක්ෂ මහතා මන්ත්‍රීකමක් දරනා පාර්ලිමේන්තුවේ රාජපක්ෂ මහතාගේ කරෙන් පාර්ලිමේන්තු ගිය කුඩල්ලන් ඇමතිකම් දරනු ඇත.. හොරුන් විසින් සදා දුන් සටන්පාඨ වනමින් පෙරහරේ ගිය නුඹලා එදිනට පසුතැවිලි වනු නොඅනුමානය.. ඒ නුඹලාට මාස හයක් ඇතුලත නිවැරදි කිරීමට තිබු වැරදි නුඹලා විසින් නිවැරදි නොකළ පාපයටය..:(:(:(:(:(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මහින්දය ජනවාරි 8 නම්බු පිටිං ගෙදරට වෙලා හිටිය නං අපිත් කටරගම ගිහිං එන වෙලාවක මැදමුලන ගිහිං පොරව බලල එනව.
    සන්ධානයේ උන් මය්ට්‍රි එක්ක සෙට් වෙලා චන්දෙ කරල එහෙනං අද සන්ධානයේ ආණ්ඩුවකුත් පිහිටුවල ජනපතිත් සන්ධානයේ.

    පැරෂුට් කාරයෝ සහ හොරු කිහිපදෙනෙක් නිසා නිදහස් පක්සේ ඉවර උනා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දගෙ ඡන්ද කැඩීමට සක්‍රීයව දායක වෙමින් දිවා රෑ වෙහෙසිමින් කටයුතු කල දිල්වාලේ මහතාට අපගේ බලවත් ස්තූතිය
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එතකොට මේ පල්ලෙහා වීඩියෝ එකේ කියන එකා වගේ එවුන් දේශපාලනේට ගෙනාපු, තව අර විනිමය වංචා නඩුවක් තිබ්බ එකෙක්ට මුදල් ඇමතිකම දීපු, ඊළඟට ඔය උඹ කරා කියන හොරකම් ඔක්කොගෙම එකතුවට වඩා මුදලක් මහ බැන්කුවෙන් හොරාකාපු රනිල්ගේ පක්ෂෙට ඡන්ද හම්බ උනේ මොකද?

    ඔය උඹ කියල චෝදනා එකක්වත් හරියට ඔප්පු කරපු ඒවා නෙවෙයි. ලැම්බෝගිනි එහෙමත් හම්බ උනේ නෑනේ. ඒවා UNP කාරයොයි ජෙප්පොයි අවුරුදු ගානක් එක දිගටම රස කර කර කියල කියල මිනිස්සුන්ගේ හිතට කාවද්දපු කතා විතරයි.







    මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

    මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Politics කරන පුද්ගලයන්ගෙන් 90% ක් ම හිතන්නේ තමන් ගැන , අර සිරස එකේ Show එකක Dial එකක් කිව්වේ(milinda moragoda ) , දේශපාලනයට ගියාම මිනිස්සු කොච්චර වෙනස් වෙනවද කියල . . උන්ට හරි පඩියක් නැහැ , හරි හැටි security එකක් නැහැ , චන්ද කාලෙට Campaign එකට සල්ලි හොයන්නේ Business කාරයෝ ලග වැද වැටෙන්න ඔනෙහ් , දින්නට පස්සේ උන්ට උදව් කරන්නත් ඔනෙහ් එහෙම කලේ නැත්තන් ඊලග පාර දිනන්න බැහැ ඒ වගේම දවසෙන් විශාල කොටසක් දේශපාල වැඩ සදහා යොමු කරන්න ඔනෙහ් , ළමයින් බලන්න වෙලාවක් නැහැ , ගෑනිව බලන්න වෙලාවක් නැහැ , ගෙදර ඇවිල්ල TV එක බලන්න වෙලාවක් නැහැ, රට වටේ ගමන් බිමන් යන්න ඕනේ , මිනිස්සු එක්ක හොද සබදතා තියාගන්න නිතර මහන්සි වෙන්න ඔනෙහ් ...ETC ETC කරන්න ඔනෙහ් , ඔය මොන කරත් මදි අන්තිමට චන්දෙ ලං වුනාම කාලකන්නි ජනතාව හොයා හොයා උන්ට මතක් කරන්න ඔනෙහ් උබ අවුරුදු ගානක් උන් වෙනුවෙන් කරපු දේවල් මොනාද කියල :(


    එහෙම එකේ උන් කාලකන්නි වෙන එක පුදුමයක්ද බන් , අපිට අමතක උනාට උනුත් මිනිස්සු .

    මේපාර ශ්‍රී ලංකාව හොර එකාදිපතියා වෙනුවට බටහිර වහලෙකු සහ මිනිමරුවෙක් ව එකෙක්ව අගමැති කරා

    මේක 2015 , ශ්‍රී ලංකාව තාමත් සිටින්නේ අදුරේ .
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    ea kauruhari dannawada ban gampaha and colombo preferential votes(manaapa) kohomada bedila gihin thiyenne kiyala!!!
     
    මහින්ද පාක්ෂිකයෝ අතර අනුගාමිකයින් ඇති...නමුත් මහින්ද පාක්ෂිකයින් අතරින් බහුතරය මහින්ද එක්ක ඉන්නේ මහින්ද කරපු දේකට..මේ රටට නිදහස අරන් දුන්න නිසා.......එහෙම මනුස්සයෙක් තමන්ගේ විරයා නම් ඒ වෙනුවෙන් මිනිස්සු ඉන්නවා....

    නියම අනුගාමිකයෝ ඉන්නේ යු එන් පි හා ජවිපෙ....

    මේ කිසිම පක්ෂයක ප්‍රතිපත්ති අදහස් ගැන හරියට දන්නේ නැති, වේදිකාවල කටවල් දිහා බලන් පස්සේ යන කොටසක් තමයි ජවිපෙ ඉන්නේ....යු එන් පි එකේ ඉන්නේ