බය කරන්න නෙවේ දෙන්නා සමගි නොවුනොත් අනාගතේ වෙන්න බැරි නැති දේවල් ටිකක් කිව්වෙ. මහින්ද කොහොමත් බලය පස්සෙ දුවන කෙනා. ඒ අස්සෙ මෛත්‍රීත් 2/3 අරගන්න වැඩ කරන කතාවක් කියලා තිබ්බා. දන්න තරමින් මෛත්‍රී ගෝටා එක්කත් බොක්ක. ඒත් තමන්ගෙ දේශපාලන හිතවතා මහින්ද. ඩබලගෙ වලි වැඩි වෙලා, මහින්දගෙ සපෝර්ට් එකට මෛත්‍රීත් ආවොත් හෙන විකාරයක් වෙන්නෙ.
2/3 නැතත් 113ක් 120ක් 130ක් ලැබුනත්, ජනපති බලය අඩු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් එජාපයයි ජවිපෙයි ලොවෙත් මහින්දට සපෝර්ට් කරනවා. දුර්වල වෙන්නෙ ගෝටා.
2015 මෛත්‍රී හිටපු තැනයි, මේ ටික කාලෙට පත් වෙලා ඉන්න තැනෙයි ලොකු වෙනසක් නෑ. දෙන්නටම කැමති විදිහට වැඩ කරන්න බෑ. බලය තිබුනත් අනිත් අයගෙ හිත් නොරිදවා ඉන්න ඕනේ කියන සීන් එකේ ඉන්නෙ.