> රාත්‍රියේ පිපී, හිරු නැගෙන්නට පෙරම මිලින&

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    > රාත්‍රියේ පිපී, හිරු නැගෙන්නට පෙරම මිලින&

    අදට යෙදෙන ඇයගේ 32 වැනි අවමංගල්‍ය සංවත්සරය නිමිත්තෙනි.

    රාත්‍රියේ පිපී, හිරු නැගෙන්නට පෙරම මිලිනව ගිය කඩුපුල් මල.......

    " මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
    හඬා දොඩා ඵල නොලැබෙන හින්දා..
    උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
    සිනා මලක් මුව අද්දර රන්දා....

    ආජු තපර ලාහිලා බීජි තපර ලාහිලා
    ආජු තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා// "

    ඒ 1987 වසරයි. ලංකාවේ යුඳ ගිනි දැල් ඇවිලී භීෂණය රජ කළ කාලයට ආසන්න වූ යුගයයි. මරණයේ රුඳුරු සෙවනැලි යට සිටි අප කළ හැකි අන් දෙයක් හෝ වෙන යාමට අතක් නොවූයෙන් සරසවි සිහිනයවත් සැබෑ කර ගැනීමට ලහි ලහියේ උසස් පෙළ ජය ගැනීමට වෙහෙසුණු වකවානුවයි.

    යොවුන් වියේ සිහින වියැකුණු, පීඩනයෙන් හෙම්බත්ව ,විභාග ආතතියෙන් ආතුරවූ අපට තිබූ එකම සහනය වූයේ හැන්දෑවට පුංචි තිරයේ විකාශනය වූ නන්දන වින්දන වැනි සංගීතමය වැඩ සටහනක් හෝ ටෙලි නාට්‍යක් නැරඹීම පමණකි. එළිමහන් සංගීත සංදර්ශන හෝ සිනමා පටයක් නැරඹීමට යාමට හරිහමන් සිනමා ශාලාවක් හෝ එකල අනුරාධපුර නඟරයේ නොතිබිණි. නිවෙස් වලට ගාල් වූ අපේ තුරුණු විය,පල් වූ මඩ වඟුරක් සේ එක තැනම නැවතී තිබිණි.

    මෙවන් එක්තරා රාත්‍රියක රූපවාහිනියේ විකාශිත එක්තරා ඒකාංගික ටෙලි නාට්‍යකි. මහපොළ ශිෂ්‍යත්වය නිසා ලැබෙන ප්‍රතිලාභ ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නිර්මාණය වූ විජය ධර්ම ශ්‍රී මහතා විසින් අධ්‍යක්ෂණයක කළ මෙය " භාග්‍යා" නම් විය.

    ඒ නාට්‍ය තුළින් එක රැයකින්ම මුළු රටේම ජනප්‍රිය වූ යොවුන්‍ නවක නිළියකි. එතෙක් කලක් එවකට අපගේ ස්වප්න විජිතවල සිටි සිහින රාජිණිය වූ අචලා අලස් පරදවමින් මේ නව මුහුණ අපගේ හදවත් වල අභිෂේක ලැබුවාය. ඇයගේ සිහින් ඉඟ සුඟ, උන්මාදනීය සිනහව හා ශුංගාරයෙන් පිරි රෝස තොල් පෙති, අපව එක රැයින්ම , පළමු දසුනින්ම ගෙන ගියේ අමුතුම ලොවකටය.

    මා මේ සටහන ඇරඹුමේදීම සටහන් කළ " මහා මෙරක් ලෙසට" ගීතයට මේ නාට්‍යයේ දී රංගනයෙන් දායක වූයේ ඇයයි. එදා රැයේ සඳ සිසිලේ පිපුණු මලක් ලෙස පිපි රමණී බර්තෝලමියුස් නම්වූ ඇය අප සැමගේ හදවත් වල ලැගුම් ගත්තේ සදා නොමැකෙන සුන්දර සිහිනයක් විලසිනි.

    මේ හදිසියේ , එනම් ඇය පළමු වරට මා දුටු 1987 වසර පසුවී වසර 31 කට පසුව නැවතත් ඇය ගැන මට සිහිවූයේ පසුගියදා මා නැරඹූ ,ලක්ෂ්මන් විජේසේකරයන් සහභාගී වූ " මියුරු කල්පනා" වැඩසටහනේදී මේ ගීතය ගැන සඳහනක්ද සහ එහි ගැයීමක්ද සිදුවූ නිසාවෙනි. බංඩාර ඇහැලියගෙඩයන් ලියා, රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවෙන් පෝෂිතවූ මෙම ගීතය ආනන්ද වීරසිරි හා එවකට පාසල් සිසුවියක වූ ඉතාම ආධුනික දීපිකා ප්‍රියදර්ශනී පීරිස් යන ගායක ගායිකා යුවළ ගැයූ අතර එය එක රැයින්ම ජනප්‍රිය වූ බවත් එය තැන නොතැන නැතිව වාදනය කෙරෙන හා ගැයෙන ගීතයක් බවට පත්වූ බවත් සඳහන් කෙරුණත් මා එදත් අදත් විශ්වාස කරන අන්දමට ඒ ගීත උන්මාදයට බලපෑ සැබෑම හේතුව ගැන නම් සඳහන් නොවූ නිසා මගේ සිතේ ඇතිවූ තැවුල හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මට සිත්විය.

    මෙම ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයේ ඇති විශිෂ්ටතාවය ගැන කිසිදු විවාදයක් නැත. එය ඉතාමත්‍ම ඉහළය. එහෙත් මගේ විශ්වාසය නම් මේ ගීතය, එක රැයින් ජනප්‍රිය වීමට හා රසිකයා එය උන්මාදයෙන් වැළඳ ගැනීමට හේතුව නම් ඒ නවක නිළිය රමණී බර්තෝලමියුස්ම වූ බවයි.

    1966 වසරේ ඉපදී 1985 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණිය ලෙස කිරුළපලන් ඇය එම වසරේම ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එමෙන්ම 1983 වසරේ දී ආචාර්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන්ගේ "යුගාන්තයෙන් " සිනමාවට එක් වූ ඇය ධර්මසිරි බංඩාරනායකයන්ගේ " මකරාක්ෂයා " නාට්‍යයෙන් වේදිකාවද දිග්විජය කළාය. " හිමකුමාරි" නාට්‍යයේ එවකට ඉතාමත්ම ජනප්‍රිය තලයේ සිටි කමල් අද්දරආරච්චි සමඟ රඟපෑ ඇය එතනින්ද නොනැවතී කමල්ගේ සැබෑ දිවියේද පෙම්වතිය බවට පත් වූයේ කමල් අද්දරආරච්චි නම් නළුවා අපගේ ජන්මාන්තර හතුරකු බවට පත්කරලමිනි. අපගේ සිහින ලොවේ පෙම්වතිය ඔහු ඩැහැ ගැනීම එයට හේතුව විය. අප ඔහුට ඊර්ෂා කළෙමු.

    අපගේ ඔහු කෙරේ තිබූ ඒ තරහා හා ඉරිසියාව වෛරයකට පෙරළූ ඉතාමත්ම අවාසනාවන්ත මූසල සිදුවීමක් අප භාග්‍යා ටෙලි නාට්‍ය නරඹා නොබෝ දිනකින්ම එනම් 1987 වසරේ පොසොන් මස 30 වෙනිදා අලුයම් යාමයේ සිදුවිය. එනම් රමණී බර්තෝලමියුස් නම්වූ අපගේ සිහින කුමරිය මෙලොව හැරගිය පුවතයි. එවකට ඇය යන්තම් විසි හැවිරිදි වූවා පමණි. සිනමාවට හා නාට්‍යයට පය තැබුවා පමණි. එහෙත් ඇය රසික හදවතවල නම් ලැඟුම්ගෙන සිටියේ එහි පතුලේමය.

    හරියට හොරු ගෙනගියා සේ පැමිණි මේ පුවත අපගේ හදවත් කීතු කීතු වලට ඉරා දැමීමට සමත් විය. එදින අලුයම් යාමයේ කමල් අද්දරආරච්චි විසින් පැදවූ රථයෙන්, රථය ධාවන වෙද්දීම ඇය එළියට පැන මේ මරණය සිදු වූ බවට වාර්තා වූවත් හරියටම සිදුවූ දෙය අදටත් අබිරහසකි. සිදු වූ දෙය හරියටම දන්නේ ඒ මූසල රාත්‍රියේ අහසේ තිබූ සඳත්, මිය ගිය ඇයත් සහ කමල් අද්දරආරච්චිත්ම පමණි.

    රාත්‍රියේ පිපෙන කඩපුල් මලක් පරිද්දෙන් එක රැයකින්ම රසික හදවත් වල පිපී සේපාලිකා මලක් මෙන් සුවඳ විහිදුවා උදෑසන හිරු නැඟඑන්නටත් පෙරම මිලින වී ගිය ඒ සිහින කුමරිය රමණී බර්තෝලමියුස් , මේ පුංචි සටහන ඔබ වෙනුවෙනි. අද ඔබ ගැන කවුරුත් කතා නොකළත් එදා ඔබට ආදරය කළ රසික හදවත් තුළ ඔබ අදත් ජීවමානය. ලස්සන හා සුවඳැති මල් කලක් පවතින්නේ නැත. ඒවා සිහිනයෙන් මෙන් පැමිණ සිහිනෙන් ගෑ සුවඳ පමණක් සැමදාටම ඉතිරි කොට නෙපෙනී යන්නේය. එපමණකි.

    ඇය නිසා ජනප්‍රිය වූ ආජුතපර ගීතයට ඇය රඟ පෑ දර්ශනය








    riRvJRW.jpg

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කමල් සහ මැය ගැන එක එක කතා තියනව නේද...
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ai bn me sinhala un mona hari liyaddi oniwata wada wal watrama upama arawa mewa danne. oluwath ekka ridenawa kiyawanna giyama. niwedakayoth e wage thamai
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක එක කතා නම් නැහැ .. කමල් තමයි මෙයාගේ මරණයට වගකියන්න ඕන ..

    ඌ මරලද?නැත්නම් ඇක්සිඩන්ට් එක නිසාද?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඌ මරලද?නැත්නම් ඇක්සිඩන්ට් එක නිසාද?


    මේ දෙන්නා අතර සෑහෙන්න ප්‍රශ්න තිබිලා තියෙනවා . මෙයා රඟපාන එකට කමල් කැමති නැතිලු . ඔය වගේ ප්‍රශ්න දුරදිග ගිහින් තමයි මේ සිද්දිය වෙන්නේ .. මරණ පරීක්ෂනේ උනත් හිස කොහේ හරි වද්දපු කතාවක් කියන්නේ. හැබැයි ඔප්පු කරගන්න සාක්ෂි නැති නිසා කමල් බේරුනා. ලගින්ම හිටිය අය අදටත් කියන්නේ කමල් තමයි මේකට වග කියන්න ඕන කියලා .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිතලා මරලා නෙමේ. කමල් වලත්තයා නේ. ඌට හෑමතෑනම ගෑණූ. ඒ හින්දා හෑම දාම වලි. ඒ වගේ වලියකදි වෙච්ච දෙයක් තමා. කමල් සෑහෙන්න ගෑණුන්ගේ ජීවිත අවුල් කරලා ඈති, ඒත් තනිකරම උගේ වෑරෑද්දෙන් නෙමේ, ගෑනුන්ගෙත් කෑමෑත්තෙන් වෙච්ච දේවල්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හිතලා මරලා නෙමේ. කමල් වලත්තයා නේ. ඌට හෑමතෑනම ගෑණූ. ඒ හින්දා හෑම දාම වලි. ඒ වගේ වලියකදි වෙච්ච දෙයක් තමා. කමල් සෑහෙන්න ගෑණුන්ගේ ජීවිත අවුල් කරලා ඈති, ඒත් තනිකරම උගේ වෑරෑද්දෙන් නෙමේ, ගෑනුන්ගෙත් කෑමෑත්තෙන් වෙච්ච දේවල්




    ඔව් . මැරෙන්න තල්ලු කරේ නම් නැහැ .. හැබැයි මැරුණා :)