රාස්සිගේ අව්ව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    රාස්සිගේ අව්ව කියන්නෙ විශේෂ වෙලාවකට වැටෙන අව්වක් ගැන ද?
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    රෑ වීමට පෙර ,රෑ වීමට ඉස්සර වැටෙන අව්ව, රෑ ඉස්සර යන්න කාලීනව රස්සිගේ වී ඇත. රාස්සියක් මෙහි ඇතුලත් නොවේ.
    තවද රැස් ඉස්සුනු අව්ව ලෙසද කියයි. අව් රැස් දහවල අහසේ සිට පහලට වැටේ. මේ කියන වෙලාවට අව් රැල්ල පහලින් ඉහලට වැටී උස් ස්ඨාන වල ගැටේ.
    මෙය බැස යන අව්ව ය.
    මෙය ලමා කතාවක රාස්සි ගල මුදුනේ වී වේලන අවස්ටාවක් හා සබැදි වන මෙයට රාස්සියක් සම්බන්ධ වී තිබේ

    (රාස්සිගේ අව්ව කියන්නෙ, හවස දෙක හතර අතරෙ තියෙන කට්ට අව්වට.
    රාස්සි තමන්ගෙ වී අව්වට දමල වේලගන්නෙ ඒ වෙලාවටලු. මේ තමයි දවසේ හිරු රශ්මිය වැඩිම වෙලාව.
    ප.ලි. ඉර බැසීමට ආසන්න වෙලාවද මේ නමින් හඳුන්වන ප්‍රදේශ ඇත.)

    copied
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම අකමැතිම මූසල එළියක් තියෙන්නේ.
    මුන් කියද්දි මට තේරුනේ කොයි එලියද කියලා. මම නම් පට්ට ආසයි බන් ඒ වෙලාවට. ගෙදර ඉන්නකොට එලියට බහින්න ආස ම වෙලාව
     
    • Like
    Reactions: Asmodeus and Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    මුන් කියද්දි මට තේරුනේ කොයි එලියද කියලා. මම නම් පට්ට ආසයි බන් ඒ වෙලාවට. ගෙදර ඉන්නකොට එලියට බහින්න ආස ම වෙලාව
    මට මූසල ෆිළිං එකක් එන්නේ. ඕක මම හිතන්නේ මම පොඩි කාලේ කාගේ හර් මළ ගෙදරක අන්තිම ටික ඔය අව්ව එක්ක සෙට් උනා වගේ මතකයි එකත් එක්ක උන දෙයක් වෙන්න ඕනි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රාස්සිගේ අවුව වැටී
    දඹරන් වූ ඔබේ කෙහෙරැළි
    සුළං සමග පොර බැදුවා
    ඔබ‍ට මතක නැති උනාට
    අද වගේ මතකයි මට.....

    ඉර බැහැගෙන යද්දී වැටෙන අවුව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මට මූසල ෆිළිං එකක් එන්නේ. ඕක මම හිතන්නේ මම පොඩි කාලේ කාගේ හර් මළ ගෙදරක අන්තිම ටික ඔය අව්ව එක්ක සෙට් උනා වගේ මතකයි එකත් එක්ක උන දෙයක් වෙන්න ඕනි
    මම ආස වෙන්නත් හෙතුව පොඩි කාලෙ බන්. මම ඉස්කෝලෙ ඇරිය එද්දි ම 3යි වෙලාව. කැලේ පැනලා ඇලවල් වල බැහැලා පිස්සු කෙලින වෙලාව ඕක තමා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ඉර බැහැගෙන යන වෙලාවට තියෙන තබිලිපාටට හුරු අවුව.

    මේ වෙලාවටලු රාස්සි වී වේලලා , වී කොටලා (ඔය වී වලට අදාළ ඔක්කොම ) කොරලා ගේම ගහන්නේ
     
    • Like
    Reactions: Ryan08 and Mr.dark

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    රෑ වීමට පෙර ,රෑ වීමට ඉස්සර වැටෙන අව්ව, රෑ ඉස්සර යන්න කාලීනව රස්සිගේ වී ඇත. රාස්සියක් මෙහි ඇතුලත් නොවේ.
    තවද රැස් ඉස්සුනු අව්ව ලෙසද කියයි. අව් රැස් දහවල අහසේ සිට පහලට වැටේ. මේ කියන වෙලාවට අව් රැල්ල පහලින් ඉහලට වැටී උස් ස්ඨාන වල ගැටේ.
    මෙය බැස යන අව්ව ය.
    මෙය ලමා කතාවක රාස්සි ගල මුදුනේ වී වේලන අවස්ටාවක් හා සබැදි වන මෙයට රාස්සියක් සම්බන්ධ වී තිබේ

    (රාස්සිගේ අව්ව කියන්නෙ, හවස දෙක හතර අතරෙ තියෙන කට්ට අව්වට.
    රාස්සි තමන්ගෙ වී අව්වට දමල වේලගන්නෙ ඒ වෙලාවටලු. මේ තමයි දවසේ හිරු රශ්මිය වැඩිම වෙලාව.
    ප.ලි. ඉර බැසීමට ආසන්න වෙලාවද මේ නමින් හඳුන්වන ප්‍රදේශ ඇත.)

    copied
    හිරු රශ්මිය වැඩිම 12 -2 PM වෙලාවනේ බන් ??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    මම අකමැතිම මූසල එළියක් තියෙන්නේ.
    රාස්සිගේ අව්ව වැටී තඹ රන් වූ ඔබ කෙහෙරැලි සුළං සමග පොරබැදුවා ඔබ‍ට මතක නැති වුණාට අද වාගේ මතකයි මට ❤️
     
    • Love
    Reactions: Mr.dark and Ryan08