රාහු
"නාග හිසක් සහ මනුෂ්‍ය කවන්ධයක් සහිත බුද්ධි හීන වාතාධික කළුවන් ධුමාකාර ඝන නීල වර්ණ රෝමයෙන් වැසීගිය ඉතා උස්ව ගිය දේහධාරි ඉතා දිගු පාද ඇති බිහිසුණු රුවකි."
වාහනය : අශ්වයා .............. ආයුධය : රේමස
ලිංග : පුරුෂ .............. ගති : කෘර
වරණය : ධූම නිල .............. නිලය : සෙසු
අවතාරය : ඌරු .............. වෘක්ෂ : වැටකේ
රාහු ද කේතු මෙන්ම චායාමාත්‍ර කල්පිතමය බලයක් වූවද ජෝතිෂ් ශාස්ත්‍රයේ ඉතා ප්‍රමුඛ ග්‍රහයෙකි. අවුරුදු 18 ක තරම් දීර්ඝ දශා කාලයක් රාහුට වෙන්කර තිබීමෙන් මේ බව තහවුරු වෙයි. මොහු ආපස්සට ගමන් කරන ග්‍රහයෙක් ලෙස සැලකේ. රාශි දොළහ පසුකිරීමට අවුරුදු 18 යි මාස 7 කුත් දින 13 ක කාලයක් ගතකරයි.
ඉතා දිගු පාද යුගළට අමතරව වාහනය ට අශ්වයෙකු ද සතු වීමෙන් රාහුට අයිති ප්‍රධාන රාජකාරිය මොනවට පිළිබිඹු වේ. තම බලයට නතු මිනිසාට එක තැනක නැවතී ඉන්නට ඉඩක් නොදී දස අතේ ඇවිද්දවීම රාහුගේ ප්‍රධාන ම කාර්යභාරය යි. රාහුට ඇත්තේ නාග හිසකි. ඔලුව රත් කරයි, පිස්සු වට්ටයි. සිහිකල්පනාවෙන් යුතුව සාවධානව කටයුතු කිරීමට කිසිවිටෙක ඉඩ නොදෙයි. වෙනෙකක් තබා එක තැනක සිට හරි හැටි කෑම වේලක් වත් නොගනියි. හදිසියේ ඔබ මොබ ඇවිදිමින් රස ගුණ නොබලා නොසැලකිල්ලෙන් ආහාරය ගනියි. ශරීරයේ සම දූෂ්‍ය කරයි හෙවත් චර්ම රෝග හටගනී.
කරන සුළු දෙයක් වුවද ලොවටම පෙනෙන්නට ප්‍රසිද්ධියේ කිරීම රාහුගේ සිරිතයි. ධනය හා ප්‍රසිද්ධිය පසුපස හඹා යයි. සූදුවට මෙන්ම දුම් පානයට ද ලොල්වේ. බොහෝ විට සූදුවෙන් දිනයි. නා නා ප්‍රකාරයෙන් ධනය උපයයි.
මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි ද 3, 6, 9 සහ 11 යන භාවයන් ද රාහු ට යහපති. 6 වැන්නේ රාහු සතුරන් නසයි. 9 වැන්නේ ඉඩකඩම් වස්තුව දෙයි. 3, 11 අරිටු නසා කිත් යසස් වඩයි.
රාහු දශාවෙන් හා උත්පත්ති බලයෙන් නපුරු වූ විට ගින්නෙන් ද වස විස ආදියෙන් ද බලු - බළල් ආදී සිවුපා සතුන් ගෙන් ද සර්පයන් දෂ්ට කීරීම් ආදියෙන් ද විපත් ඇතිවෙයි. ඉගෙනීම කඩාකප්පල් කර මහත් ව්‍යසන පමුණුවයි.
නාගර්ජුන යන්ත්‍රය, ගෝමේද, පස්ලෝ පැළඳීම ද, වැටකේ වෘක්‍ෂය ඇසුරු කිරීම හා ඊට සාත්තු කිරීම වැනි දෙයින් රාහු ගේ අපලය දුරුවන බව කියාතිබෙයි.
--
ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න
Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව
Last edited:

