රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    rahu123.jpg

    රාහු

    "නාග හිසක් සහ මනුෂ්‍ය කවන්ධයක් සහිත බුද්ධි හීන වාතාධික කළුවන් ධුමාකාර ඝන නීල වර්ණ රෝමයෙන් වැසීගිය ඉතා උස්ව ගිය දේහධාරි ඉතා දිගු පාද ඇති බිහිසුණු රුවකි."

    වාහනය : අශ්වයා .............. ආයුධය : රේමස
    ලිංග : පුරුෂ .............. ගති : කෘර
    වරණය : ධූම නිල .............. නිලය : සෙසු
    අවතාරය : ඌරු .............. වෘක්ෂ : වැටකේ

    රාහු ද කේතු මෙන්ම චායාමාත්‍ර කල්පිතමය බලයක් වූවද ජෝතිෂ් ශාස්ත්‍රයේ ඉතා ප්‍රමුඛ ග්‍රහයෙකි. අවුරුදු 18 ක තරම් දීර්ඝ දශා කාලයක් රාහුට වෙන්කර තිබීමෙන් මේ බව තහවුරු වෙයි. මොහු ආපස්සට ගමන් කරන ග්‍රහයෙක් ලෙස සැලකේ. රාශි දොළහ පසුකිරීමට අවුරුදු 18 යි මාස 7 කුත් දින 13 ක කාලයක් ගතකරයි.

    ඉතා දිගු පාද යුගළට අමතරව වාහනය ට අශ්වයෙකු ද සතු වීමෙන් රාහුට අයිති ප්‍රධාන රාජකාරිය මොනවට පිළිබිඹු වේ. තම බලයට නතු මිනිසාට එක තැනක නැවතී ඉන්නට ඉඩක් නොදී දස අතේ ඇවිද්දවීම රාහුගේ ප්‍රධාන ම කාර්යභාරය යි. රාහුට ඇත්තේ නාග හිසකි. ඔලුව රත් කරයි, පිස්සු වට්ටයි. සිහිකල්පනාවෙන් යුතුව සාවධානව කටයුතු කිරීමට කිසිවිටෙක ඉඩ නොදෙයි. වෙනෙකක් තබා එක තැනක සිට හරි හැටි කෑම වේලක් වත් නොගනියි. හදිසියේ ඔබ මොබ ඇවිදිමින් රස ගුණ නොබලා නොසැලකිල්ලෙන් ආහාරය ගනියි. ශරීරයේ සම දූෂ්‍ය කරයි හෙවත් චර්ම රෝග හටගනී.
    කරන සුළු දෙයක් වුවද ලොවටම පෙනෙන්නට ප්‍රසිද්ධියේ කිරීම රාහුගේ සිරිතයි. ධනය හා ප්‍රසිද්ධිය පසුපස හඹා යයි. සූදුවට මෙන්ම දුම් පානයට ද ලොල්වේ. බොහෝ විට සූදුවෙන් දිනයි. නා නා ප්‍රකාරයෙන් ධනය උපයයි.

    මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි ද 3, 6, 9 සහ 11 යන භාවයන් ද රාහු ට යහපති. 6 වැන්නේ රාහු සතුරන් නසයි. 9 වැන්නේ ඉඩකඩම් වස්තුව දෙයි. 3, 11 අරිටු නසා කිත් යසස් වඩයි.

    රාහු දශාවෙන් හා උත්පත්ති බලයෙන් නපුරු වූ විට ගින්නෙන් ද වස විස ආදියෙන් ද බලු - බළල් ආදී සිවුපා සතුන් ගෙන් ද සර්පයන් දෂ්ට කීරීම් ආදියෙන් ද විපත් ඇතිවෙයි. ඉගෙනීම කඩාකප්පල් කර මහත් ව්‍යසන පමුණුවයි.

    නාගර්ජුන යන්ත්‍රය, ගෝමේද, පස්ලෝ පැළඳීම ද, වැටකේ වෘක්‍ෂය ඇසුරු කිරීම හා ඊට සාත්තු කිරීම වැනි දෙයින් රාහු ගේ අපලය දුරුවන බව කියාතිබෙයි.

    --

    ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න

    Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි ද 3, 6, 9 සහ 11 යන භාවයන් ද රාහු ට යහපති. 6 වැන්නේ රාහු සතුරන් නසයි. 9 වැන්නේ ඉඩකඩම් වස්තුව දෙයි. 3, 11 අරිටු නසා කිත් යසස් වඩයි.

    මිථුන වගේ අයගේ රාහු 4 වැන්නේ තැන්පත් උනාම රහස් වැඩ, හොර වැඩ කරන උන් බිහිවෙනවා කියලා කියනවා නේද? සමහර අයගේ චරිතේ හොද උනත් ඒ අය කරන වැඩ ගැන අනිත් අයට සැක හිතෙනවා කියලා මම අහලා තියනවා. මේක මිථුන සහ මේෂ අයට ගොඩක් අදාලයි නේද
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    මිථුන වගේ අයගේ රාහු 4 වැන්නේ තැන්පත් උනාම රහස් වැඩ, හොර වැඩ කරන උන් බිහිවෙනවා කියලා කියනවා නේද? සමහර අයගේ චරිතේ හොද උනත් ඒ අය කරන වැඩ ගැන අනිත් අයට සැක හිතෙනවා කියලා මම අහලා තියනවා. මේක මිථුන සහ මේෂ අයට ගොඩක් අදාලයි නේද
    ඔව්. කොහොමත් 4 රාහුට ශුභ නෑ. :yes:
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    Rahu 7 inna eka hama welawema hoda nadda ? Mona wage deyak da eka?
    රාහු 7 ට අශුභයි. භාර්‍යා හානිය, පදිංචිය වෙනස් කිරීම, අර්ශස් වගේ රෝග වගේ අශුභ ඵල කියලා තියෙනවා. හැබැයි අනිත් ග්‍රහයන්ගේ බලපෑම්, ගෙවෙන දශාව වගේ සෙසු කරුණු එක්ක ගලපලා බලන්න ඕන.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    රාහූ 7 + චන්ද්‍ර එක්ක. අවුල්ද ? ☹️

    ඉතා නරක තත්වයක් මිත්‍රයා
    වහාම පලපුරුදු ජෝතිශ්‍යවේදියෙක් ගෙන් උපදෙස් ලබා ගන්න
    මාරක තත්ව ඇති වෙන්න පුලුවන්
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    View attachment 197422

    රාහු

    "නාග හිසක් සහ මනුෂ්‍ය කවන්ධයක් සහිත බුද්ධි හීන වාතාධික කළුවන් ධුමාකාර ඝන නීල වර්ණ රෝමයෙන් වැසීගිය ඉතා උස්ව ගිය දේහධාරි ඉතා දිගු පාද ඇති බිහිසුණු රුවකි."

    වාහනය : අශ්වයා .............. ආයුධය : රේමස
    ලිංග : පුරුෂ .............. ගති : කෘර
    වරණය : ධූම නිල .............. නිලය : සෙසු
    අවතාරය : ඌරු .............. වෘක්ෂ : වැටකේ

    රාහු ද කේතු මෙන්ම චායාමාත්‍ර කල්පිතමය බලයක් වූවද ජෝතිෂ් ශාස්ත්‍රයේ ඉතා ප්‍රමුඛ ග්‍රහයෙකි. අවුරුදු 18 ක තරම් දීර්ඝ දශා කාලයක් රාහුට වෙන්කර තිබීමෙන් මේ බව තහවුරු වෙයි. මොහු ආපස්සට ගමන් කරන ග්‍රහයෙක් ලෙස සැලකේ. රාශි දොළහ පසුකිරීමට අවුරුදු 18 යි මාස 7 කුත් දින 13 ක කාලයක් ගතකරයි.

    ඉතා දිගු පාද යුගළට අමතරව වාහනය ට අශ්වයෙකු ද සතු වීමෙන් රාහුට අයිති ප්‍රධාන රාජකාරිය මොනවට පිළිබිඹු වේ. තම බලයට නතු මිනිසාට එක තැනක නැවතී ඉන්නට ඉඩක් නොදී දස අතේ ඇවිද්දවීම රාහුගේ ප්‍රධාන ම කාර්යභාරය යි. රාහුට ඇත්තේ නාග හිසකි. ඔලුව රත් කරයි, පිස්සු වට්ටයි. සිහිකල්පනාවෙන් යුතුව සාවධානව කටයුතු කිරීමට කිසිවිටෙක ඉඩ නොදෙයි. වෙනෙකක් තබා එක තැනක සිට හරි හැටි කෑම වේලක් වත් නොගනියි. හදිසියේ ඔබ මොබ ඇවිදිමින් රස ගුණ නොබලා නොසැලකිල්ලෙන් ආහාරය ගනියි. ශරීරයේ සම දූෂ්‍ය කරයි හෙවත් චර්ම රෝග හටගනී.
    කරන සුළු දෙයක් වුවද ලොවටම පෙනෙන්නට ප්‍රසිද්ධියේ කිරීම රාහුගේ සිරිතයි. ධනය හා ප්‍රසිද්ධිය පසුපස හඹා යයි. සූදුවට මෙන්ම දුම් පානයට ද ලොල්වේ. බොහෝ විට සූදුවෙන් දිනයි. නා නා ප්‍රකාරයෙන් ධනය උපයයි.

    මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි ද 3, 6, 9 සහ 11 යන භාවයන් ද රාහු ට යහපති. 6 වැන්නේ රාහු සතුරන් නසයි. 9 වැන්නේ ඉඩකඩම් වස්තුව දෙයි. 3, 11 අරිටු නසා කිත් යසස් වඩයි.

    රාහු දශාවෙන් හා උත්පත්ති බලයෙන් නපුරු වූ විට ගින්නෙන් ද වස විස ආදියෙන් ද බලු - බළල් ආදී සිවුපා සතුන් ගෙන් ද සර්පයන් දෂ්ට කීරීම් ආදියෙන් ද විපත් ඇතිවෙයි. ඉගෙනීම කඩාකප්පල් කර මහත් ව්‍යසන පමුණුවයි.

    නාගර්ජුන යන්ත්‍රය, ගෝමේද, පස්ලෝ පැළඳීම ද, වැටකේ වෘක්‍ෂය ඇසුරු කිරීම හා ඊට සාත්තු කිරීම වැනි දෙයින් රාහු ගේ අපලය දුරුවන බව කියාතිබෙයි.

    --

    ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න

    🪐 Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

    මංනං පිළිගන්නේ නෑ ඔය මගුල්
    උබ ඕකෙ යට ලිපි මාලාව කියන එකට hyperlink එකක් දාපන් එතකොට පට්ට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    6 rahu+chandra inna eka kohomada

    ------ Post added on Feb 16, 2023 at 3:26 PM

    රාහූ 7 + චන්ද්‍ර එක්ක. අවුල්ද ? ☹️
    රාහු 7 ඉද්දි කොහොමද කියලා උඩින් කියලා තියෙනවා.
    රාහු 6 ට නරක නෑ. සතුරන් නසනවා. යටිබඩේ දාහ ගති ඇති කරනවා. ස්ත්‍රී කේන්ද්‍රයක නම් රාහු 6 ශුභ නෑ

    මංනං පිළිගන්නේ නෑ ඔය මගුල්
    උබ ඕකෙ යට ලිපි මාලාව කියන එකට hyperlink එකක් දාපන් එතකොට පට්ට
    දැම්මා මචං. thanks (y)
    ------ Post added on Feb 16, 2023 at 3:48 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    රාහුව දැකපු එකෙක්ද මෙහෙම කියලා තියෙන්නේ ? රාහු කියන්නේ මොන ග්‍රහයට ද ?
    රාහු කියන්නේ චායාමාත්‍ර ග්‍රහයෙක්. ඔය ග්‍රහයන්ට රූප දීලා තියෙන්නේ ඒවායින් දෙන ඵල දිහා බලලා ඒවාට ගැලපෙන්න. ඒකෙන් ග්‍රහයාගේ ස්වභාවය ගැන සාමාන්‍ය කෙනෙකුට වුණත් අදහසක් ඇතිකර ගන්න පහසුයි. මේ ලිපිය කියවන්න. එතකොට රාහුට ඔහොම රූපයක් දීලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: animation