රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    රාහූ 7 + චන්ද්‍ර එක්ක. අවුල්ද ? ☹️
    Ubatada tiyenne

    රාහු කියන්නේ චායාමාත්‍ර ග්‍රහයෙක්. ඔය ග්‍රහයන්ට රූප දීලා තියෙන්නේ ඒවායින් දෙන ඵල දිහා බලලා ඒවාට ගැලපෙන්න. ඒකෙන් ග්‍රහයාගේ ස්වභාවය ගැන සාමාන්‍ය කෙනෙකුට වුණත් අදහසක් ඇතිකර ගන්න පහසුයි. මේ ලිපිය කියවන්න. එතකොට රාහුට ඔහොම රූපයක් දීලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි.
    Oke lassana kathawk tiynwa machan...ekath poddak dapan pluwan nam :yes:
    ------ Post added on Feb 16, 2023 at 5:31 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    මොකක්ද කතාව මචං?

    iii-rahu.jpg

    රාහු හා කේතු පිළිබඳව හින්දු පුරාණ දේව කතාවලියේ අපූරු කතාවක් සඳහන් ය. මේ කතාව සඳහන් වන්නේ කතා මාලාවක් ගෙතෙන සුප්‍රකට සුරාසුර යුද්ධය ආශ්‍රිතව ය.

    පුරාණ කාලයේ සුරයන් හා ඔවුන්ගේ විරුද්ධවාදීන් වන අසුරයන් අතර මහා යුද්ධයක් හටගත්තේ ලු. මේ යුද්ධය නිමාවක් නො වෙමින් ඉදිරියට ඇදෙන සඳ පිළිමලුන් වහා පිටු දැකීමට රිසි වූ සුරයෝ විවිධ පියවර ගන්නට වූහ. යුද ජය පිණිස සුරයන්ට අමාව (අමෘතය) පානය කොට අමරණීය වන්නට ඇවැසි විය. අමාව තිබුණේ ‘කිරිමුහුද’ පත්ළේ ය. ඉතින් විෂ්ණු අමාව උදෙසා කිරිමුහුද කැලඹීමට සැරසුණේ ය. විෂ්ණු දෙවියෝ මහාමේරු පර්වතය වටා අනන්ත නම් නාග රාජයා ඔතා මහාමේරුව පත්හැන්දකට ගෙන කිරිමුහුද කලඹන්නට විය. මේ මහා කැලඹීමෙන් කිරිමුහුදේ තිබූ වටිනා වස්තු මතුවන්නට විය. සිතූ පැතූ සම්පත් දෙන දෙනක වූ සුරබිදෙන, සිතූ පැතූ සම්පත් දෙන ඝටයක් වූ භද්‍ර ඝටය, සිතූ පැතූ සම්පත් දෙන මිණක් වූ සිතුමිණ පමණක් නො ව නෙළුම් මලක සිටි සිරිකත (ලක්ෂ්මිය) ද මෙසේ මතු වූ සම්පත් අතර විය. (පසුව විෂ්ණු ලක්ෂ්මිය සිය බිරිය කරගත්තේ ලු.) අවසානයේ අමරණීයත්වය ලබාදෙන අමාව ද මතුවිය. දෙවියෝ අමාව පානය කොට අමරණීය වී අසුරයන් පරාජය කළහ.

    එදා සුරයන් පෙළට සිට අමාව පානය කරන විට ‘රාහු’ නම් අසුරයා ද හොරෙන් පෙළට එක් වී අමාව පානය කරන්නට ගත්තේ ය. මේ දුටු හිරු හා සඳු දෙවිවරු වහා මේ පුවත විෂ්ණුට දැන්වීය. විෂ්ණු දෙවියෝ වහා සිය ගදායුධයෙන් රාහු අසුරයාට පහර දුන්නේ ය. රාහු දෙකඩ විය. එහෙත් ඔහු ඒ වන විටත් අමාවෙන් මඳක් පානය කර තිබූ බැවින් මියගියේ නැත. දෙකඩ වූ ඔහුගේ සිරුරේ උඩ කොටස රාහු වූ අතර යටි කොටස කේතු විය. ඉතින් රාහු එදා විෂ්ණුට කේලාම් කිවූ හිරු හා සඳු කෙරෙහි වෛරයෙන් පසුවෙයි. ඇතැම් විට සඳ රාහු ගිලින්නේත් තවත් විටෙක හිරු රාහු ගිලෙන්නේත් ඒ පරණ තරහට ය.

    මෙකියන සඳ රාහු ගිලීම ආදී සංසිද්ධි අද චන්ද්‍රගහණ හා සූර්යග්‍රහණ ලෙස කුඩා ළමෝ හඳුනාගෙන සිටිත්. ඒ ස්වාභාවික සිද්ධි එසේ සිදුවීමට හේතුව ද උහු ඉගෙනගෙන සිටිත්. විෂ්ණු හා දෙකඩ වූ රාහු පිළිබඳ කතාව පැරණි සුන්දර මිත්‍යා කතාවකි. - www.dinamina.lk

    rahu-2-e1552379142625-min.jpg
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    කන්‍යා ලග්න රාහු 2 ගුරු සිකුරු බුද එක්ක ඉදියොත් මොන වගේද? අද නැකතෙන් ඉපදිලා තියෙන්නෙ.මාත් පොඩ්ඩක් සබ්ජෙක්ට් එක දන්නව.ගුරු මහදසාව ඉවර උන හන්ද ඔයාගෙ කියවීමයි මගෙ කියවීමයි එකමද කියල බලන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441

    Tfs සහෝ (y)

    මීට කලින් එළකිරියේ ජෝතිෂ්‍ය කරපු එකා ඒක අතෑරලා පරිප්පු බිස්නස් එකට බැස්ස
    මම කෝච්චියේ කඩල විකුනනවා :rolleyes:
    ------ Post added on Feb 16, 2023 at 6:08 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    සාමාන්‍ය විදියෙන් රාහු 3 ලොකු අවුලක් නෑ. රවි 5 බලන්නේ නැතුව කියන්න බෑ. කුජ 8 නම් අවුලක් තියෙනවා
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,274
    2,746
    113
    London
    ධන හානිය, මුහුණේ පළුදු (කුරුලෑ කැළැල් වගේ), අඩුකුලේ වචන, පියාට අපලයි
    Me balapama anil graha sanyoga ekka nisa adu wedi wenawada? ධන හානිය, මුහුණේ පළුදු (කුරුලෑ කැළැල් වගේ), අඩුකුලේ වචන mewa nam Mata komatath galapenne nehe.
    පියාට අපලයි - me sambandawa modada Kala hakke?? Leda duk thamai apala hatiyata ganna puluwan. Anik dewal wala nam life eke prashana ithama adui....:D
    ධන හානිය, මුහුණේ පළුදු (කුරුලෑ කැළැල් වගේ), අඩුකුලේ වචන, පියාට අපලයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කන්‍යා ලග්න රාහු 2 ගුරු සිකුරු බුද එක්ක ඉදියොත් මොන වගේද? අද නැකතෙන් ඉපදිලා තියෙන්නෙ.මාත් පොඩ්ඩක් සබ්ජෙක්ට් එක දන්නව.ගුරු මහදසාව ඉවර උන හන්ද ඔයාගෙ කියවීමයි මගෙ කියවීමයි එකමද කියල බලන්න ඕන.
    ගුරු මහදසාව ඉවර වුණේ කවදද කියන්න. නැකැත් පාදයත් කියන්න.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    View attachment 197422

    රාහු

    "නාග හිසක් සහ මනුෂ්‍ය කවන්ධයක් සහිත බුද්ධි හීන වාතාධික කළුවන් ධුමාකාර ඝන නීල වර්ණ රෝමයෙන් වැසීගිය ඉතා උස්ව ගිය දේහධාරි ඉතා දිගු පාද ඇති බිහිසුණු රුවකි."

    වාහනය : අශ්වයා .............. ආයුධය : රේමස
    ලිංග : පුරුෂ .............. ගති : කෘර
    වරණය : ධූම නිල .............. නිලය : සෙසු
    අවතාරය : ඌරු .............. වෘක්ෂ : වැටකේ

    රාහු ද කේතු මෙන්ම චායාමාත්‍ර කල්පිතමය බලයක් වූවද ජෝතිෂ් ශාස්ත්‍රයේ ඉතා ප්‍රමුඛ ග්‍රහයෙකි. අවුරුදු 18 ක තරම් දීර්ඝ දශා කාලයක් රාහුට වෙන්කර තිබීමෙන් මේ බව තහවුරු වෙයි. මොහු ආපස්සට ගමන් කරන ග්‍රහයෙක් ලෙස සැලකේ. රාශි දොළහ පසුකිරීමට අවුරුදු 18 යි මාස 7 කුත් දින 13 ක කාලයක් ගතකරයි.

    ඉතා දිගු පාද යුගළට අමතරව වාහනය ට අශ්වයෙකු ද සතු වීමෙන් රාහුට අයිති ප්‍රධාන රාජකාරිය මොනවට පිළිබිඹු වේ. තම බලයට නතු මිනිසාට එක තැනක නැවතී ඉන්නට ඉඩක් නොදී දස අතේ ඇවිද්දවීම රාහුගේ ප්‍රධාන ම කාර්යභාරය යි. රාහුට ඇත්තේ නාග හිසකි. ඔලුව රත් කරයි, පිස්සු වට්ටයි. සිහිකල්පනාවෙන් යුතුව සාවධානව කටයුතු කිරීමට කිසිවිටෙක ඉඩ නොදෙයි. වෙනෙකක් තබා එක තැනක සිට හරි හැටි කෑම වේලක් වත් නොගනියි. හදිසියේ ඔබ මොබ ඇවිදිමින් රස ගුණ නොබලා නොසැලකිල්ලෙන් ආහාරය ගනියි. ශරීරයේ සම දූෂ්‍ය කරයි හෙවත් චර්ම රෝග හටගනී.
    කරන සුළු දෙයක් වුවද ලොවටම පෙනෙන්නට ප්‍රසිද්ධියේ කිරීම රාහුගේ සිරිතයි. ධනය හා ප්‍රසිද්ධිය පසුපස හඹා යයි. සූදුවට මෙන්ම දුම් පානයට ද ලොල්වේ. බොහෝ විට සූදුවෙන් දිනයි. නා නා ප්‍රකාරයෙන් ධනය උපයයි.

    මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි ද 3, 6, 9 සහ 11 යන භාවයන් ද රාහු ට යහපති. 6 වැන්නේ රාහු සතුරන් නසයි. 9 වැන්නේ ඉඩකඩම් වස්තුව දෙයි. 3, 11 අරිටු නසා කිත් යසස් වඩයි.

    රාහු දශාවෙන් හා උත්පත්ති බලයෙන් නපුරු වූ විට ගින්නෙන් ද වස විස ආදියෙන් ද බලු - බළල් ආදී සිවුපා සතුන් ගෙන් ද සර්පයන් දෂ්ට කීරීම් ආදියෙන් ද විපත් ඇතිවෙයි. ඉගෙනීම කඩාකප්පල් කර මහත් ව්‍යසන පමුණුවයි.

    නාගර්ජුන යන්ත්‍රය, ගෝමේද, පස්ලෝ පැළඳීම ද, වැටකේ වෘක්‍ෂය ඇසුරු කිරීම හා ඊට සාත්තු කිරීම වැනි දෙයින් රාහු ගේ අපලය දුරුවන බව කියාතිබෙයි.

    --

    ජෝතිෂ්‍යය ගැන තවත් දේ දැනගන්න කියවන්න

    Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

    RAHU 12th House MESHA rashiye nam (Gemini)