පිස්සු තමා. දැනටමත් කොලඹ ජනගහනය වැඩි.
හැමතැනම ට්‍රැෆික්.
සමහර ගෙවල්වලට වතුර කපපු කාල වල දවසක් විතර වැඩිපුර බලන් ඉන්න වෙනව අනිත් ගෙවල්වලට වතුර පුරවන් ඉවර වෙලා තමන්ගෙ ගෙදරට එනකල්.
යටිතල පහසුකම් හදන්න වෙනව තමා අමුතුවෙන්ම. ඒක ඉතින් කිසිම නියාමනයක් නැතුව අවුරුදු ගානක් පුරා හිතුමතේ ඉදිකිරීම කරන්න දීල තමා කෙලවගෙන තියෙන්නෙ. දැන්වත් ඔවා හැදෙන්න ඔනි.
මොරටුවේ කොස් එකක් තිබ්බ town and country planning කියල. එකෙ ඉන්න උන්ගෙන් වැඩක් ගන්නෙ නැ වගෙ.
උබ ත් මාර කතාවක් කියන්නේ . කොළඹ Trafic නම් යකෝ අලුතෙන් පාරවල් හදන්න ඕනේ දැන් කියන්න එපා පාරවල් හදන්න කොළඹ ඉඩ නැහැ කියලා . පාරවල් මෙන්න මේ වගේ වෙන්න ඕනේ.
උඩින් ඉඩ නැත්නම් මේ වගේ Under Goround Roads හදන්න ඕනේ .
තවත් Trafic එක වැඩි නම් මේ වගේ MRT ලයින් තුනකින් වත් කොළඹ cover කරන්න ඕනේ
බිම ගෙවල් ගහලා මුළු රටම කන්නේ නැතුව මේ වගේ තට්ටු නිවාස හදලා කොළඹ වැඩ ට එන අයට දීලා පදිංචි කරන්න ඕනේ . පොඩි ඉඩම් කට්ටී කඩලා විකුණන එක නාවත් වල මේ වගේ තටුටු නිවාස සංකීර්ණය ඇති කරන්න ඕනේ. මේ වගේ තැන් වල MRT Train station හදන්න ඕනේ .ගේදරින් එළියට බැහැපු ගමන් Train එක ගන්න
කොළඹ ඇතුලත Private Bus දුවන එක නතර කරලා මේ වගේ Bus Rapid Transist එකක් පටන් ගන්න ඕනේ Gov එකෙන්. මිනිස්සු කාර් වල සුක්කානම් කරකර ඉන්නේ නැතුව මේ බස් වලට නිකම්ම ගොඩ වෙනවා ලේසියෙන්ම වැඩට යන්න
Office Buildingsටික මේ වගේ ගහන්න ඕනේ . එකම තැනක
කොළඹ Traffic එකක් එන්නේ නැහැ . ලෝකේ කොයි රටත් කරේ මිනිස්සු නගර වලට ගෙන්නලා උපරිම පහසුකම දුන්න එක .Fiber Optic ඉන්ටර්නෙට්. HD ip tv service තව 5G වගේ ඕනෑම සේවාවක් දෙන්න පුළුවන්. රට පුරාම මිනිස්සු ඉන්නවා කියලා රට පුරාම Fiber Optics අදින්න බැහැ. Japan උනත් කරේ මේක තමා දෙවන ලෝක යුද්දෙන් පස්සේ .
ඔය වෙන රටක් දැකලා නැති ගොන් මිනිස්සු කියන විදියට රටවල් හදන්න බැහැ එක ප්‍රායෝගික නැහැ. රට පුරාම මිනිස්සු ඉන්නවා කියන්නේ රටපුරාම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි කියන එක.