රැග් රිටන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    කෙල්ල උඹේ නංගි ද ? පෙම්වතිය ද ?
    මෝඩ වැඩ කරන්න එපා.
    තව ටික දවසකින් ඔය රැග් කරපු කොල්ලෙක් එක්කම ඔය කෙල්ල ලව් එකක් පටන් ගැනීමේ සම්බාවිතාව 90% වෙනවා ,, මොකද කොල්ලො රැග් එකට අල්ල ගන්නෙ තමුන්ට ක්‍රෂ් කෑලි
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    :D:D:D Mokakda ban faculty eka balapn eke Antirag innawada kiyala ekarala un ekka set wenna kiyapan...Umbata puluwannam deepan hondata :D:D... oya sinduwakne aiyo mokakda kiyala atha arala thama dan owa kalisama galawana mattamata awith thiyenne.
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මෙහෙමයි හැම එකාම ‍රැග් කරනව කියන එක දන් නෑ සීන් එක දන්නේ නැති නිසා කියන්න බෑ.නෙලනවනම් නෙලපං.හේතුව කියන එපා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගහන එක සාධාරණයි කියල හිතෙනවනම් ගහපන්

    සමහර හීනමාන පොන්නයො එනව කොළඹ උන් දැක්කම සද්දෙ දාන්න

    මොකද උන් දන්නව රැග් සීසන් එක ඉවර උනාට පස්සෙ කොළඹ කළුතර ගම්පහ උන් උන්ට වඩා ඉහලින් ඉන්නව කියල

    ඒක අැත්ත
    වන්නියෙ ඉදන් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු ගොඩක් උන් හෙන කුහකයි
    උන්ට අනිත් උන්ගෙ සැප ඉවසන්ට බෑ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.
    හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.
    ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.
    නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.
    අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?
    එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?

    සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.
    නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.
    රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.
    මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.
    බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.

    උන් එක්ක සෙට් උනොත් වෙන්නෙ නන්ගිටත් කාලකන්නි වෙන්ට, රැලට වැටිල එක්සෑම් රිපීට් කරන් නිකන්ම නිකන් උපාදියක් අරන් එයි,කැම්පස් එකෙන් අවුට්.උනයින් පස්සෙ ගොඩක් වෙලාවට වැදගත් රස්සාවල් කරන්නෙ අල උන්.විතරයි
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    සමහර හීනමාන පොන්නයො එනව කොළඹ උන් දැක්කම සද්දෙ දාන්න

    මොකද උන් දන්නව රැග් සීසන් එක ඉවර උනාට පස්සෙ කොළඹ කළුතර ගම්පහ උන් උන්ට වඩා ඉහලින් ඉන්නව කියල
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :yes::yes::yes: eka ehati deyak newene. apith campus yana kale oya wage dewal tibba. owa ganan ganna dewal newene. ewata muna dunnaham nikanma jiwithe prashan walata muhuna denna igena gannawa. ofiz 1 boss banna kiyala eyata gahana bane. anika tika dawasak gihama kattiyama yaluwo wenawa:)
    :yes::yes:
    යකෝව්.. සින්දුවක් කියන්න කියල බෑ කියුවම :eek::eek::eek: ගහන්න තැන් කරා මිසක ගහල නෑ නේද.. හොඳට හිතල බලහන්.. අන්තිමට ඕව ඔක්කොම කැරකෙන්නේ නංගිට..:dull::dull::dull::dull::dull:

    ඔන්න ටොයිලට් එකේ වලෙන් වතුර එකක් අරන් බීපිය කියුවම බෑ කියුවම නෙලන්න ගිහින් වතුර බොන්න වෙච්ච සීන් එකක් වගේ නම් මචන්.. එකා එකා අල්ලන් පැත්තකට කරල කො‍ටුවේ station එකේ පොදු වැසිකිලියෙන් කෝප්පේ ගානේ පොවන්න තිබ්බා..

    (පොඩි කේස් එකක් නේ මචෝ.. උඹලගේ නංගිට විතරම නම් මේ විදියට බකට් එක ඇදල තියෙන්නේ කොහොමත් ගහන්න යන්න එපා. කෙල්ල තව අවුරුදු කීයක් ඉන්න ඕනද උන් එක්ක..සෑහෙන දෙනෙක්ට සීන් එක ඇදල නම් අහු වෙන්න නෙලන්න තිබ්බා..සින්දුවක් කියන්න දෙන එක ඒ තරම් ම කේස් ද...කොහොමද අන්තිමට තව අවුරුදු 3ක් 4ක් ගිහින් නංගිට ඉස්සෙල්ලම පාර්ට් එක දාපු එකා එක්කම නංගි යාළු උනොත්..උඹට කවදාවත් උගේ මූණ බලන්න වෙන්නේ නෑ.. එහෙම සීන් වෙලා තියෙනවා..
    :yes::yes:
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ගහලා තේරුමක් නෑ බං. මාත් කැම්පස් ගිය මුල් කාලේ ඔහොම හිතුවා. ඒත් ඒ ‍රැග් කරපු උන්ම තමයි පස්සේ කාලේ හොදටම ‍ෆිට් උනේ. ඒක සාමන්‍ය දෙයක්. කොහොම කලත කෙල්ලෙක්ට නම් කොහොමත්ම ගහන්නේ නම් නෑ. අනික උබ ඔක කියල කරොත් නංගිව කැම්පස් එකේ කොන් වෙන එක විතරයි වෙනනේ
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔය දේ කරන්න එපා ! මමත් කැම්පස් තාම.හැබැයි ප්‍රතිපත්තියක් විදියට මන් පොඩි උන්ව මනසිකව වට්ටන්නෙ නෑ.නමුත් මන් කාල ඇති අයියලගෙන් නොසෑහෙන්න.එවෙලෙට තරහක් එනව.පස්සෙ කාලෙක උන්ම තමයි සප් එකක් ගන්න හරි ඉතුරු උනේ.ඕක පොඩි දෙයක් නෙ.අනික ඔහොම එකක් නන්ගිට විදගන්න බෑ කියන්නෙ ඒක තමයි වැරැද්ද ! හැමෝම රැග් වෙන එකේ එයාට විටරක් බැරි ඇයි?
    සරලවම කිඋවොත් කොලබ ඉස්කෝල වල කෙල්ලො තේ එකක් බිව්වෙ කොලබ ඉස්කූල වල කොල්ලොත් එක්ක.රැග් එකෙන් පස්සෙ ලන්කාව වටේම උන් එක තේ එක එක කෝප්පෙන් බොන ගානට ෆිට් උනා.අන්න ඒක වටිනව !
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]ඕව ගණන් ගන්න එපා. සාමාන්‍ය රැග් එකක් නේ. ප්‍රශ්න ඇති කර ගන්න එපා. ඒව දුරදිග යනවා.[/FONT]
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔය දේ කරන්න එපා ! මමත් කැම්පස් තාම.හැබැයි ප්‍රතිපත්තියක් විදියට මන් පොඩි උන්ව මනසිකව වට්ටන්නෙ නෑ.නමුත් මන් කාල ඇති අයියලගෙන් නොසෑහෙන්න.එවෙලෙට තරහක් එනව.පස්සෙ කාලෙක උන්ම තමයි සප් එකක් ගන්න හරි ඉතුරු උනේ.ඕක පොඩි දෙයක් නෙ.අනික ඔහොම එකක් නන්ගිට විදගන්න බෑ කියන්නෙ ඒක තමයි වැරැද්ද ! හැමෝම රැග් වෙන එකේ එයාට විටරක් බැරි ඇයි? :lol::lol::lol::lol::lol:
    සරලවම කිඋවොත් කොලබ ඉස්කෝල වල කෙල්ලො තේ එකක් බිව්වෙ කොලබ ඉස්කූල වල කොල්ලොත් එක්ක.රැග් එකෙන් පස්සෙ ලන්කාව වටේම උන් එක තේ එක එක කෝප්පෙන් බොන ගානට ෆිට් උනා.අන්න ඒක වටිනව !

    Menna me wage manasikathwayak thama machan thiyenne unta :yes::yes:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එකක් පාර රැග් සීසන් එකේදි එක රැගෙක් ඇවිල්ල junior batch එකකට රැග් එක ගැන දේශනාවක් දෙනවලු

    ඌ කිව්වලු මිනිහෙක් ජීවිතේ රැග් වෙලා නැත්නම් ඌ මානසික රෝගියක් කියල

    එතකොට එක junior එකෙක් නැගිටල ඇහුවලු

    "A/L කරන උන්ගෙන් කැම්පස් එන්නෙ 3% වගේ"

    "එතකොට ලංකාවෙ ඉන්න මුලු ජනගහනයත් එක්ක බැලුවම කැම්පස් ආපු උන් ඉන්නෙ 0.5% වගේ" කියල

    "එතකොට අයිය කියන්න ලංකාවෙ ඉතුරු 99.5%ටම පිස්සු කියලද??
    lol

    +++
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අවුරුදු තුනක් අ.ල නොවන ශිෂ්‍ය සංගමයක මාණ්ඩලික සමාජිකයෙක් විදියට වැඩ කරා, එයින් එක අවුරුද්දක් විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සමස්තයක් විදියට මේ කාල සීමාව පුරාවට රැග් එක සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් ලැබුනා. අලුතෙන් නැවක් එකක් පටන් ගත්ත ගමන්ම රැග් එක ගැන කතන්දර හතර වටින් ඇහෙන්න පටන් ගන්නවා. ලගකදි මේ සම්බන්ධයෙන් තිබ්බ එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගි උනු ශිෂ්‍ය නායකයෙකුගේ කතාව අහලා මම තිගැස්සුනා. රැග් එක සම්බන්ධයෙන් නිවේදකයා යොමු කළ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල තිබුනෙ පුදුමාකාර විදිහෙ මැටි බවක්, ඒ සම්බන්ධයෙන් සබුද්ධ පිළිතුරක් ලබා දෙන්න ඔහුට හැකියාවක් තිබ්බෙ නෑ. ඉස්සර හිටිය ශිෂ්‍ය නායකයන්ට සාපේක්ෂව දැන් ඉන්න අයගේ තාර්කික බවේ සහ දේශපාලනික ප්‍රභාවේ අඩුවක් තියන බව පැහැදිලි කරුණක්. රැග් එක සම්බන්ධයෙන් 'මම සින්දු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්දා' ' මම කලිසම් අදින්න ඉගෙන ගත්තෙ රැග් සීසන් එකේ' වගේ සීනිබෝල කතා හැරුනහම බුද්ධිමය කතිකාවක් මෑතකදී ඇසුනේ නැති තරම්. සම්ප්‍රදායික රැග් එකක් අද කාලෙ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටළුව මේ සම්බන්ධ ප්‍රධාන ගැටළුවක්. දැන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් සාතිශය බහුතරයක් කටපාඩම් දැනුමෙන් විභාගය සමත් වෙච්ච සමාජ අවබෝධය අඩු බ්‍රොයිලර් ක්‍රමයට හැදුනු පිරිසක්. ඒවගේ පිරිසකට මීට අවුරුදු ගණනකට කලින් ක්‍රියාත්මක කරපු ආකාරයේ තද රැග් එකක් දරාගන්න අමාරුයි. අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් තේරුමක් නැති ආවේගෙන් මිදිලා වඩා සංවේදීව හා සබුද්ධව වැඩ කරන්න උවමනායි.
     
    Last edited:

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    යකෝ රැග් කාල බැනගෙන ගහගෙන
    පස්සේ උන් ෆුල් ෆිට් වෙනව ඔක තමයි
    කැම්පස් ලයිෆ් එක. ඔක කෑවේ නැත්නම්
    වැඩකුත් නෑ. අනික සින්දුවක් කියන්න කියපු එක රැග් එකක්ද බන් .ඔන්න වෙන සෙක්සුවල් කේස් එකක් නම් නෙලන්න වටිනව. පොඩ්ඩක් බලපන් උන් එවට වගේ එනව නම් කියන්න කියපන් නන්ගිට. නැතුව මේ සින්ඩුවක් කියන්න් කිව්ව කියල උන්ට ගහන්න පෑලෑන් කරන එක නම්
    ගොන්ටි වැඩක් බන්. ජොක්ස් එකක්
    Think twice

    මේක සහතික ඇත්ත. Think twice මු කියලා තියෙන හැමදේම 100%ක් ඇත්ත.
     
    මචන් සිංදුවක් කියන්න කියලානෙ කියලා තියෙන්නෙ. අමානුශික රැග් එකක් නෙවෙයිනෙ බං. ඔය ඔක්කොම ඉවරයි බකට් එකෙන් පස්සෙ. ඊට පස්සෙ ඔක්කොම සහෝදරයො සහෝදරියො.
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඔය දේ කරන්න එපා ! මමත් කැම්පස් තාම.හැබැයි ප්‍රතිපත්තියක් විදියට මන් පොඩි උන්ව මනසිකව වට්ටන්නෙ නෑ.නමුත් මන් කාල ඇති අයියලගෙන් නොසෑහෙන්න.එවෙලෙට තරහක් එනව.පස්සෙ කාලෙක උන්ම තමයි සප් එකක් ගන්න හරි ඉතුරු උනේ.ඕක පොඩි දෙයක් නෙ.අනික ඔහොම එකක් නන්ගිට විදගන්න බෑ කියන්නෙ ඒක තමයි වැරැද්ද ! හැමෝම රැග් වෙන එකේ එයාට විටරක් බැරි ඇයි?
    සරලවම කිඋවොත් කොලබ ඉස්කෝල වල කෙල්ලො තේ එකක් බිව්වෙ කොලබ ඉස්කූල වල කොල්ලොත් එක්ක.රැග් එකෙන් පස්සෙ ලන්කාව වටේම උන් එක තේ එක එක කෝප්පෙන් බොන ගානට ෆිට් උනා.අන්න ඒක වටිනව !

    Nikan puka denna epa. eka eka manasikathwaya tyena aya innawa eka me ublata ona widiyata minissu karanna be. Nidahas adayapanen awanam igenagena tamange wadak balaganin. Rag kiyanne ublagema hadagatta ledak.diyunu ratawala me dewal na.:angry::angry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් සිංදුවක් කියන්න කියලානෙ කියලා තියෙන්නෙ. අමානුශික රැග් එකක් නෙවෙයිනෙ බං. ඔය ඔක්කොම ඉවරයි බකට් එකෙන් පස්සෙ. ඊට පස්සෙ ඔක්කොම සහෝදරයො සහෝදරියො.


    සින්දුවක් කියන්න කියල කියන එකේ වරදක් දකින්නෙ නැති අයට මම කලින් දීපු මේ උත්තරේම තමයි යාලු ඔයාටත් දෙන්න තියෙන්නෙ. ඔයාල කියන විදිහට රැග් එක ක්‍රමානුකූලව නියාමනය කරලා කරන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි ගැසට් කරන්න වෙන්නෙ.


    ඕන කෙනෙක්ට අයිතිය තියනවා තමන්ට ඉන්න දුවල සහ අනාගතේට ලැබෙන්න ඉන්න දුවලා තමන්ට ඕන විදිහට හදාගන්න. හැබැයි එයාලට අනිත් මිනිස්සුන්ගෙ දුවලා තමන්ට ඕන විදිහට හදන්න ගියොත් එතන පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා.

    අනික එක එක කෙල්ලො එක එක විදිහ. සමහර එවුන් පාරෙදි දැක්කත් කතා කරන්න අප්පිරිය හිතෙන පජාත ගොරකයො ඇවිල්ල සින්දු කියන්න කියනවට කැමති නෑ. තව සමහර එවුන් පරපීඩක ගොබ්බයෙක් හරි තමන්ට කතා කරනවට කැමතියි. ඒ හින්ද රැග් කරන එවුන්ට තියෙන්නෙ ඔය දෙකෙන් තමන්ට කැමති එවුන්ව විතරක් තෝරලා ගන්න.

    දැන් එතකොට ඕකුන් ඇවිල්ල රැග් කරන්නෙ ළමයින්ගේ තියන හැකියාවන් ඔප් නංවල සබකෝලෙ නැති කරලා ගන්න ඕන යුගයේ තියන අවශ්‍යතාවය අන්දුරගෙනද? ඕව ගිහිල්ල කියපල්ලා හරක්ට.