රැවුල ගොඩක් අයගේ වැවෙන්නේ කට උඩ සහ කට යට කොටසේ විතරයිනේ.
ඉතින් ගොඩක් අයට කම්මුල් දෙපැත්තේ රැවුල නෝවැඩෙන එක ලොකු ප්‍රශ්නයය වෙලා තියෙන්නේ.
හැමෝම ආස කොන්ඩේ රැවුල වවලා නලු බට්ටෝ වෙන්නනේ.

රැවුල හිටවන්නේ බන් ඔය වැඩි තැන් වලින් ගලවලා නැති තැන් වල හිටවලා තමා.
වැවෙන ගතියක් තියෙනවා..හැබැයි ඒකේ සාර්ථක අසාර්ථක බව දන්නේ නෑ..
හොස්පිටල් වල නම් හෝමෝන් ඉන්ජෙක්ට් කරනවා රැවුල නැති තැන් වලට.
එතකොට නම් ලාවට වැවෙන ගතියකුත් තියෙනවා..
හිගන්නෙක් වගේ රැවුල වවන රැල්ලකුත් කාලයක් තිබ්බා.

ඔය ස්ප්‍රේ හිටන් තිබ්බේ..
ඔලුවේ කොන්ඩේ යන එක නම් හැමෝටම පොදුවේ එන ප්‍රශ්නයක්..
කොන්ඩේ හිටවනවා කියන එකත් කරුමයක් බන් පෙනුමෙන් ලේසී වගේ උනාට.

එක කෙස් ගහක් හිටවන්න රු.100 ක් ගන්නවා සාමාන්්‍යයෙන්.

ඔලුවේ මොලේ හරියට වෙන්න තියෙන කොටසෙන් මුලත් එක්ක කෙස් ගලවන්නේ බන්.
එතකොට ලේ එනවා ගොඩාක්..

ඔය ගලවන තැනින් බිසබීජ යන්න අවධානමක් තියෙන නිසා එතනට කහ පාට බෙහෙතක් ගාලා වහනවා..වේලෙනකම්..
ඒ කොටසේ කෙස් බහුල නිසා එතනින් ගලවන්නේ පේලීයට.
ඒ ගලවන තැනින් ආයේ කෙස් වැඩෙන්නේ නෑ..

ඒ හරිය අනිත් කෙස් වලින් කවර් කර ගන්න ඕනී.
ඒ ගලවන කෙස් , කෙස් නැති ප්‍රදේශ වල හිටවනවා..
ඒවා හිටවලා පස්සේ මාස කීපයක් යනකන් සේලයින් වතුරෙන් ඔලුව හෝදන්න ඔනී.
එතකොට තමා ඒවා පැලවෙන්න ගන්නේ..

ඒ කෙස් ආයේ කවදාවත් වැටෙන්නේ නෑ..
සාමාන්‍යයෙන් ඕකක් කරන්න රු.ලක්ෂ 2 ක් විතර යනවා..

රු.40,000 ට කරනවා කියලත් පත්තර වල ෆේස්බුක් වල තියෙනවා.
ඒවා නම් තනිකරම බලාපොරොත්තු ඇති කරවලා මුදල් හම්බ කරන උප්‍රක්‍රම..
මම දන්න සැලූන් එකක බුවෙක් 35,000 ට කොන්ඩේ හිටවලා දැන් උගේ තිබ්බ කොන්ඩෙත් නෑ.
ඔලුව පුරා කඩතොලු.


ඒවා පැච් පැච් පේනවා..
ඌ දැන් හැම වේලේම තොප්පියක් දාගෙන ඉන්නේ..

ඒකට කියන්නේ දැන ගියොත් කතරමග නොදැන් ගියොත් අතරමග කියලා.