තනියෙන් හිටපන් බං.පේන විදියට උඹට කට්ටිය එක්ක ඉන්න එක සෙට් නෑ වගෙ.පස්සෙ කට්ටිය ආස්සරේ කරන කොට,උඹට හරියන එකෙක් හිටියොත් ඌත් එක්ක සෙට් වෙයන්.ඊට වඩා නං එපා...මම නෑදෑ වෙන ගෙදරක හිටියෙ කොළඹ නැවතිල විභාගෙන් පස්සෙ...
ඒක කැම්පස් එකට දුරයි. ඒ නිසා අම්මලා තනි කාමරයක් ඇටෑච් බාත් එක්ක හම්බ වෙලා 12 000 ට. කෑම බීම ඉතින් උයාගෙන තමයි කන්න වෙන්නෙ. තැන නම් පිරිසිදුයි පිලිවෙලයි.
කට්ටිය තාත්තල අම්මලා අක්කලා එහෙම ආවම ඉදල යන්නත් එක්ක තමයි මෙහෙම තැනක් හොයාගත්තෙ කියල තාත්ත කිව්ව. ඒත් මට ඕන කට්ටිය එක්කත් එකතු වෙලා ආතල් එකේ ඉන්න. මට කට්ටිය මිස් වෙයි මාව කොන් වෙයි කියල හිතනව. (-_-)
මම බෝඩිම එපා කියල කට්ටිය එක්ක එකතු වෙලා බෝඩිමකට යන්න ද?
මන් අකමැති දේවල් ටිකකුත් තියෙනවා. So උබලගෙ උපදෙසක් ඕන
මන් අහල තියෙනව කට්ටිය බෝඩිම්වල බාත්රූම් එකේ එකට හෙළුවෙන් නානව
හෙළුවෙන් කාමරේ ඇතුලෙත් ඉන්නෙ කියල
ඒකට නම් මම කැමති නෑ.
බාත්රූම් එක හැඩි කරල දාන එක බාත්රූම් සුද්ද කරන එක මග අරින එවුන් එකක් එකට ඉන්නත් අකමැතියි. ලැප් එක ෆෝන් එක හොරෙන් පාවිච්චි කරන උන්ටත් අකමැතියි
සමහරු හැම තිස්සෙම පස්සෙ දෙන්නම් කිය කිය පර්ස් එකට විදින්න එන උනුත ඉන්නවනෙ. ඉස්කෝලෙ යද්දි පන්ති යද්දි එහෙම එවුන්ට අම්බානක සල්ලි දීල නැති වෙලාවක දී නෑ කිව්ව ම කැරි කතා කියනව තැන තැන. අන්තිමේ උනුත් නෑ සල්ලිත් නෑ.
ඔය වගේ උන්ගෙන් පර්ස් එක බේරගෙන ඉන්නත් ඕන.
වෙන ඉතින් කෑම බීම පෑන් පොත් ෂර්ට් එහෙම බෙදා ගන්න එක අවුලක් නෑ.
උඹල කියන්නෙ මොකද්ද හොද? මම
මේ තනි රෑම් එකේ ඉන්න ද? බෝඩිමකට යන්න ද?


