බය වෙන්න එපා බං, බය වුනොත් කෙලිය. එතකොට වාහනේ ස්ටාර්ට් කරලා ක්ලච් එකදෙනකොට උඹව වෙවුලලා වෙවුලලා හුචස් ගාල එතනම වාහනේ නවතිනවා. බය නැතුව පලයන්, හැබැයි හොඳට පුරුදු වෙලා.
මම බයික් ලයිසන් අරගෙන අවුරුදු හතරකට පස්සේ තම ලයිට් වෙහිකල් දැම්මේ, කළුතරින් තමා දැම්මේ. බණ්ඩාරගම ලර්නස් එකකින් තමා ඉගෙන ගත්තේ. මේ යක්කු හරියට පුරුදු කලේ නැහැ සල්ලි ටික අරගෙන බාගෙට තමා පුරුදු කලේ. යන යන දවසට මොකක් හරි කියල මග ඇරලා ඉඳල හිටලා පැය කාලක් වගේ පාලු පාරවල් වල පුරුදු කළා. අන්තිමට ට්‍රයල් දවසේ තමා දන්නේ මේ කැ#යට මොකක් හරි කේස් එකක් නිසා ලර්නස් ලයිසන් කැන්සල් කරලා කියල. මාව දැම්මේ කළුතර සේන ලර්නස් එක හරහා. දැන් උදේ ගිහින් සේන ලර්නස් එකේ ඉන්නකොට ඒකේ එකා කියන ඒවා ඇහෙනවා, "ඔයා බය වෙලා දෙපාරක් එන්ජිම නවතුනානේ", ඔයා සෙකන්ඩ් එකෙන් එහා දැම්මේ නැති නිසා ෆේල් උනේ" ඔයවගේ දාහක් ඒවා, මම ඒවත් හිතට අරගෙන, හිතාගත්ත.. "කමක් නැහැ ට්‍රයල් එක ගිහින් බලමුකෝ", ෆේල් කලොත් අයෙත් දානවා කියල. ඊට පස්සේ අරු කට්ටියත් දාගෙන ට්‍රයල් එකට කලින් පොඩ්ඩක් කට්ටියව චෙක් කරන්න ගෙනිච්චා, හුටා.. මාව තමා මේ යකා මුලටම ගත්තේ. මම කළුතර ටවුමේ කොළඹ පැත්තට වාහනේ අරං යනවා. වටරවුමෙන් හරවන්න කිවුවා ගාල්ල පැත්තට, දැන් මම හරවනවා, අරූ බනිනවා පලු යන්න මටයි, උගන්නපු එකාටයි දෙන්නටම ස්ටියරින් වීල් එක අල්ලන විදිහවත් කියල දීල නැහැ, වාහනේ පුරුදු නැහැ, ඔහොම පාස් වෙන්න බැහැ, අරවද මේවද. ඒ අස්සේ කහ ඉරේ ස්ලෝ කලේ නැහැ කියල බලු බැනුම්. කොහොම හරි කට්ටිය අරගෙන ගිහින් එග්සැමිනර්වත් දාගෙන ගියා එ පාර මට හම්බ වුනේ දෙවනියට, කලින් එකා පාස්, ඌ එලවපු විදිහයි එග්සැමිනර්ගේ හැසිරීමයි හොඳට බලාගෙන දෙයියනේ කියල බය පැත්තක තියල මම ඉඳගත්තා ඩ්‍රයිවින් සීට් එකේ. ස්ටාර්ට් කළා, ෆස්ට් එකට දැම්ම, දකුණට සිග්නල් දැම්ම, ටිකක් ඉස්සරහට ගත්තා සෙකන්ඩ් එකට දැම්මා, ටික දුරක් ගිහින් තර්ඩ් එකට දැම්ම, ඊටපස්සේ සාමාන්‍ය වේගෙන් හොඳට පුරුදු එකෙක් වගේ ගියා, ටිකදුරක් යනකොට එග්සැමිනරයා කිවුව නවත්තන්න කියලා. වමට සිග්නල් දාල ශේප් එකේ අයිනට කරලා නවත්තල, නිවුට්‍රල් කරලා, හෑන්ඩ් බ්රේක් ඇදල එන්ජිම ඕෆ් කරලා බැස්ස, මෙන්න යකෝ අරු දෙනවා කොලේ පාස් කියල. ඔන්න ඔහොමයි අපි වාහන එලවන්න බැරුවත් පාස් වුනේ, හැබැයි රිවස් එක දුන්නනම් එහෙම මට යන්න වෙන්නේ හොම්බෙන් තමා.