රිසර්ච් උදව්වක්.....

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රිසර්ච් උදව්වක්.....

    දැන් අපි වෙන පේපර් එකකින් ගත්ත විද්යාත්මක තොරතුරක්
    අපේ පේපර් එකට දානව කියමුකෝ
    මෙහෙම දාද්දි සයිටේශන් කරනවානේ ඒකත් අවලක් නෑ.
    ඔය තොරතුරු දාන විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ලොකු උදව්වක්... මාත් මේ හොයන ගමන් ඉන්නේ......
    පොඩි සරල එxසාම්පල් පාරක් එක්ක කිව්වොත් වඩා පැහැදිලි වේයි....
    :confused::confused::confused::confused::confused:
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මොකක්ද හරියටම දැනගන්න වුවමනා කියල පැහැදිලි නෑ.

    සයිට් කරනවා කියල කරන්නේ, වෙන අයකු සොයා ගත දත්ත හෝ වෙන අයකු ඉදිරිපත් කරපු අදහසක් නැවත අපි සාකච්චා කරද්දී ඒවාගේ මුල් කතෘවරු සදහන් කරන එකනේ.

    දත්ත සහ හොයාගත්තු දෙයක් නම් සදහන් කරන එක ලොකු අමාරුවක් නැහැ.
    Duckworth and Lewis (1998) showed that ................

    කගේ හරි ප්‍රකාශයක් ඒ අයුරෙන්මත් අපිට ලියන්න පුළුවන් quoted text විදියට.
    "The greatest enemy of knowledge is not ignorance, it is the illusion of knowledge." Hawking(2000)

    පින්තුර නම් එහෙම්ම අරගෙන දමන්න තහනම්, ඒවා ඕන නම් අපිට වෙනම රුප සටහන් විදියට අදින්න පුළුවන්, එත් මුල් කතෘ සදහන් කරන්න ඕන.
    (Redrawn from ....) කියල.

    පින්තුරයක් එහෙම්ම දමන්න නම්, මුල් ලිපියේ "copy rights" තියෙන කෙනාගෙන් එයට අවසර අරගන්න ඕන.
    ගොඩක් විද්‍යාත්මක ලේඛන ප්‍රකාශකයෝ මේ සදහා වෙනම සේවයක් සපයනව්, සමහරක් අය මුදලක් අය කරන්න ඉඩතියෙනවා.
    ඔබ යම් පින්තුරයක් ප්‍රකාශනයක දැම්මට පස්සේ, ඒ පින්තුරයේ අයිතිය ඒ ප්‍රකශකයට (publisher ) ලබා දෙනවා.
    ඉන් පසුව වෙන ලිපියකට ඒ පින්තුරය පාවිච්චි කරන්න ඔබටම වුවමනා වුනත් නැවත අර ප්‍රකාශකයා ගෙන් අවසර ඕන.

    ඔයාට මොකක්ද දැනගන්න ඕන කියල පැහැදිලි නැතිව මේවගේ ප්‍රශ්නෙකට උදව් කරන්න අමාරුයි.
    එහම එක ක්‍රමයක් කියල නැහැ, මතක තියා ගන්න ඕන "copy-right" උල්ලංඝනය නොකරන්න.

    :rolleyes: