රිසිංහලාධීශ්වර රාජසිංහ රජු දඹානේ වැද්දෙකුට බෑනා වෙයි...

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    දෙවන රාජසිංහ කියන්නෙ සෙනරත් රජුගෙත් කුසුමාසන දේවියගෙත් පුත් වුණු, කන්ද උඩරට රාජධානිය පාලනය කළ ශ්‍රේෂ්ඨ රජෙක්. රජවීමට පෙර මහා අස්ථාන සහ දේවරාජසිංහ යන නම් වලින් හැඳින්වුණත්, සිය පියාගෙන් අනතුරුව කිරුළ හිමිකරගැනීමෙන් පසු ජනයා අතර වඩාත්ම ප්‍රචලිත වුණේ “රාසිං දෙයියෝ” යන නාමයෙන්.

    දෙවන රාජසිංහ (1608 – 1687) (Thuppahi’s Blog)

    දෙවන රාජසිංහ ඈත සංචාරයන්හි යෙදෙද්දී ඔහු ප්‍රියකරන බිසවක් තමා හා ‍රැගෙන යෑම හෝ, එම ප්‍රදේශයෙන් තාවකාලික බිසෝකමට ස්ත්‍රියක් පාවාගැනීම සිරිතක් වී තිබුණේ ලු. අලුත් බිසව තමාට ඉතා ප්‍රිය නම් ඈව මාළිගාවට කැඳවාගෙන ඒමත්, අන්තඃපුරයේ ඉඩ මදි වන විට පැරණි බිසෝවරුන් නිදහස් කොට යටත් නිලධාරීන්ට පාවා දීමත් ඔහුගේ සිරිතක්ව තිබුණු බව කියැවෙනවා. බලවත් පාලකයෙක් මෙන්ම, කඩවසම් රූපයක් ද හිමිව තිබූ බව කියන ඔහුට පෙම් සබඳතා වලින් අඩුවක් නොතිබූ බවයි ජනප්‍රවාදයන්හි පැවසෙන්නේ. මේ, එවන් එක් ජනප්‍රවාදයක්.

    සොරබොර වැවට දඩයමේ ගිය අයෙක්
    ශතක ගණනාවකට පෙර එක් දිනෙක, මහියංගන ප්‍රදේශයේ සොරබොර වැව ප්‍රදේශයට එක්තරා පුරුෂයෙකු දඩයමේ පැමිණියා. හෝරා ගෙවුණත් දඩයමක් කරගත නොහැකි වූ නිසා ආපසු යෑමට හැරුණු ඔහු කැලයේ අතරමං වුණා. මඟ සොයාගැනීමට උත්සාහ කරමින් අවට සැරීමෙන් විඩාපත් වූ නිසා කුඩා වැවක් සමීපයේ ගිමන් හැරීමට නතර වූ පුරුෂයා එහිම නින්දට වැ‍ටුණා. මද වේලාවකින් අවදි වූ ඔහු අබියස සිටියේ ලබු කැටයක් අතින් ගත් ශෝභමාන තරුණියක්!

    මේ තරුණිය ජලය ගෙන යෑමට වැවට පැමිණි කල ගසක් යට නිදා සිටි කඩවසම් පුරුෂයා දැක තිබුණා. ඈ නිදා වැටී සිටි ඔහුගේ රුව අගය කරමින් සිටින විටයි මේ තැනැත්තා පිබිදුනේ.

    නිල්ගල වැද්දාට මුණගැසුණු දඹානේ වැදි තරුණිය

    තරුණිය ඉතා රූමත් නිසාත්, තමා අවදි වූ විට පවා කිසිදු බයක් හෝ ලැජ්ජාවක් නොපෙන්වූ නිසාත්, මේ පුද්ගලයා ඈ සමඟ කතාවට වැ‍ටුනා. ඇගේ තොරතුරු විමසා ඈ දඹානේ වැදි දෙටුවාගේ දියණිය බව දැනගත් ඔහු, තමා නිල්ගල වැදි ගමේ නායකයා බවත්, උඩරට යන අතරේ මඟ වැරදුණු බවත්, අවිවාහක තමා ඇයව පාවාගැනීමට සතු‍ටු බවත් ප්‍රකාශ කළා. එම අදහසට ප්‍රිය වූ ඈ ද ඔහු කැ‍ටුව සිය මාපියන් වෙත ගොස්, ඔහු හා ආවාහ වීමට ඔවුන්ගෙන් අවසරය ඉල්ලා සිටියා. නිල්ගල වැද්දාගේ රූපයට ප්‍රසන්නව ඔහුගේ තොරතුරු විමසූ දඹානේ වැදි නායකයා විවාහයකට කැමැත්ත දුන් නිසා, තමා ඊළඟ දිනයේ ඈ සඳහා එන බව පැවසූ ඔහු ආපිට පිටත්ව ගියා.

    එකල වැද්දන් කැලයේ ගල්ගුහා වල ජීවත් වුණා (මෙය 1900 වසරේ ඡායාරූපයකි) (antiquemapsandprints.com)

    පොරොන්දු පරිදි ඊළඟ දිනයේ එහි ගිය නිල්ගල වැද්දා දෙමාපියන්ගේ අවසරය ඇතිව වැදි තරුණිය කැඳවාගෙන ආවා. තමා ප්‍රිය කරන වැද්දා සමඟ මද දුරක් පැමිණි තරුණිය, මඟ සිටි රාජ පුරුෂයින් ඇතුළු විශාල කණ්ඩායමක් ඔහුට ආචාර කළ විට මුහුණ දුන්නේ මහත් කම්පනයකට. වැද්දෙකු යැයි සිතා ඈ සරණ ගොස් තිබුණේ සෙංකඩගල රජු සමඟයි!

    අග නුවරින් පිට උපනගරයන් වල වාසය කරන කාලයට වෙස්වලාගෙන රටවැසියා අතර සැරිසැරීම දෙවන රාජසිංහ රජුගේ සිරිතක්ව තිබුණා. රජු අලුත්නුවර මාළිගයේ වාසය කළ කාලයක මෙලෙස වෙස් වලාගෙන සොරබොර වැව ප්‍රදේශයේ දඩයමේ යෙදෙද්දියි ඔහුට වැදි තරුණිය හමුව තිබුණේ. ඉතින් ඊළඟ දිනයේ වෙස්වලාගත් රජු වැඩිමල් වැදි යුවලට ත්‍යාගයනුත් ඇතිව ඈව ගෙන ඒමට තනිව දඹානට ගියේ, පිරිවරට පැමිණි රාජ පුරුෂයින් ද, දාසියන් ද, ආලත්ති අම්මාවරුන් ද දඹාන ආසන්නයේ පෙදෙසක මඟ නතර කර තබා යි. එසේ නවතා ගිය පිරිසයි මේ යුවළට ආපිට ගමනේ දී හමු වූයේ.

    දෙවන රාජසිංහ රජුගේ ප්‍රේම වෘත්තාන්තයක්

    පිරිස දුටු තරුණිය කම්පනයට පත් වුණා කියලා අපි කලින් කිව්වනෙ. ඔබ හිතයි ඇයි මෙයාකාරයේ වාසනාවක් උදා වුණාම කම්පනය වෙන්නෙ කියලා. කොහොම නමුත්, වැදි තරුණියට නම් එසේ සිතෙන්නට නැහැ. එනිසා, තමා කවුද යන වගත්, සරණපාවා ගැනීම සඳහා ඈව ගෙනයන්නේ අලුත්නුවර මාළිගයට බවත් රජු ඇයට හෙළි කළ විට ඈ එයට විරුද්ධ වුණා ලු. ඒ, තමා ආලය කළේ තවත් වැද්දෙකුට නිසාත්, රජ බිසවක වීමට ඇයට අවශ්‍ය නොවූ නිසාත්, රජුන්ගේ තබා සිහළුන්ගේ සිරිත්-විරිත් වත් ඈට හුරු නැති නිසාත් බවයි කියැවෙන්නේ. මේ අනාවරණයෙන් පසු ඈ එතැනින් පලා යෑමට පවා තැත්කළත්, විවිධාකාරයෙන් කරුණු කියූ රජු ඈ සනසා තමා හා මාළිගයට යෑමට පොළඹවාගත්තා.

    ඉන්පසු ආලත්ති අම්මාවරුන් (බිසවුන්ගේ ආරක්ෂක ස්ත්‍රීන්) විසින් ඇයව නාවා, විලවුන් හා ආලේපන ගල්වා, හිසකෙස් සරසා, බිසෝ වස්ත්‍රාභරණයන්ගෙන් හැඩකෙරුණා. හැඩ කළ වැදි තරුණිය ඉන්පෙර රජුට බිසෝ වූ කාන්තාවන්ට වඩා රූමත් වූ බවයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. සියල්ලටම පසු, රාජාභරණයෙන් සැරසුනු රජුත්, අලුත් බිසවත් දෝළාවන් දෙකක නැග අලුත්නුවරට ගමන් කළා.

    අලුත්නුවර මාළිගය ඉතිරිව නැතත්, මහනුවර මාළිගය අදටත් දැකගත හැකියි (srilanka.for19days.com)

    රජු දැකුම
    මේ දේවල් මෙසේ සිදු වුණත්, වැදි තරුණියගේ දෙමාපියන්ට මේවා දැනගන්නට ක්‍රමයක් තිබුණේ නැහැනෙ. ඉතින් ඔවුන් දෙදෙනා දින කීපයකට පසුව තම වැදි බෑණාත්, ඔහු හා සරණ ගිය දියණියත් දැකීමට නෑගම් යෑමට සැරසෙනවා. මී වද, රෙදි, දඩ මස් ආදිය ඇතුළු ත්‍යාගයන් ද සූදානම් කරගත් දෙදෙනා අලුත්නුවර රජ මාළිගය සමීපයට පැමිණ, එහි එක්තරා දොර‍ටුවක දොර‍ටුපාලකයාගෙන් “නිල්ගල වැදිදෙ‍ටුවා” ගැන විමසන්නේ, දඹානෙන් පිටත්වීමට පෙර බෑනා ලබාදුන් උපදෙසකට අනුවයි. තමා සොයා පැමිණෙන්නේ නම් අලුත්නුවර මාළිගයට පැමිණ අසවල් දොර‍ටුවේ දොර‍ටුපාලකගෙන් විමසන ලෙසත්, තමාව හඳුනන ඔහු ඔවුනට මඟ පෙන්වනු ඇති බවත් “වැදි බෑනා” මේ දෙපළට කියා තිබුණා.

    වැදි දෙමහල්ලන්ට නිල්ගල වැදි නායකයාගෙන් මෙසේ උපදෙස් ලැබෙද්දී, අදාල දොර‍ටුවේ දොර‍ටුපාලකට රාජසිංහ රජුගෙන් උපදෙසක් ලැබී තිබුණා. ඒ, “නිල්ගල වැද්දා සොයා යම් වැද්දෙක් එහි පැමිණියහොත් ඔහුව තමා හමුවීමට ගෙන ආ යුතු” බව යි. ඒ අණට අනුව, නිල්ගලට යාමට පෙර රජතුමා හමු වී අවසර ලබාගත යුතු බවට වැදි දෙපළට කියා ප්‍රයෝගයෙන් ඔවුන් දෙදෙනා වාසලට කැඳවාගෙන යන දොර‍ටුපාලක, මේ දෙපළගේ පැමිණීම රජුට වාර්තා කරනවා

    වැද්දෙකුට බෑනා වූ සිංහල රජු
    හෝරාවකට පමණ පසු රාජ සභාව ‍රැස්ව මැති ඇමැති ආදීන් සියල්ලම අසුන්ගත් පසු රජු විසින් මේ දෙපළ සභාවට කැ‍ඳවනවා. බියෙන් ගැහෙමින් නුහුරු පරිසරයකට පැමිණි වැදි පියාට මේ රජු තමාගේ බෑනාගේම මුහුණවර ඇත්තෙකු යැයි සෝදිසි වූවත්, එය වචනයට නැගීමට තරම් ඔහු නිර්භීත වුණේ නැහැ. ඔවුන්ව නොහඳුනන්නා සේ රඟ පෑ රජු, “කුමක් සඳහා මෙහි පැමිණියේදැ”යි ප්‍රශ්න කළ නිසා, තමා මෙහි පැමිණියේ නිල්ගල වැදි ගමට යෑම සඳහා අවසර පැතීමට යැයි ද ආදී සියළු තොරතුරු දඹාන වැද්දා බියෙන් වෙව්ලමින් රජුට ප්‍රකාශ කළා. රජු මෙහිදී ඒ වන විටත් සභාවේ තිරයක පි‍ටුපස සිටි වැදි බිසව තමා අසලට කැඳවා, අසුන් ගැන්වීමට සැලැස්වූ බව පැවසෙනවා. බිසව රූපකායෙන් තම දියණියට සමාන බව සිතුණත්, එය විය නොහැක්කක් යැයි වැදි දෙමහල්ලන් ඇදහුවා. දෙමහල්ලන්ගේ වික්ෂිප්තභාවය දකින රජු, “මේ බිසව තොපට හඳුනාගත හැකිදැ”යි විමසනවා. පිළිතුරු ලෙස බියෙන් පැකිළෙමින් ඔවුන් පවසනවා ඈත් ඔවුන්ගේ දියණියත් රූපකායෙන් සමාන බව.

    ඔවුන් අස්වසාලන දෙවන රාජසිංහයන් පවසනවා මේ ඒ වැදි දියණියම බවත්, ඈ සරණ ගත් නිල්ගල වැදි නායකයා තුන් සිංහලයටම අධිපති තමා බවත්. එයින් අනතුරුව නව බිසවටත් දෙමාපියන්ටත් එකිනෙකා වැළඳ ආචාර කිරීමට අවකාශ ලබාදෙන ඔහු, බිසවගේ ඉල්ලීම පරිදි, වැඩිමහල් වැදි යුවලට ද මාළිගාවේ නැවතීමට ඉඩකඩ සලසන බව පවසනවා. නමුත් එම පරිසරය තමන්ට නුහුරු බවත්, වනයේ ජීවිතය වඩා ප්‍රිය බවත් පවසන ඔවුනට ඒ වෙනුවට ඌව ප්‍රදේශයේම වැදි නායක පදවියත්, රන්කම් කළ දුනු ඊතලත්, වස්ත්‍රාභරණත් ත්‍යාග වශයෙන් ලබා දී, ගෞරව නාමයකුත් පටබැඳ, තමා අලුත්නුවර මාළිගයට පැමිණෙන සෑම අවස්ථාවකම වැදි බිසව කැඳවාගෙන විත් ඔවුනට හමුවීමට ඉඩ ප්‍රස්ථාව සලසන බව ද පොරොන්දුව, නැවත දඹානට යෑමට අවසර ලබා දෙනවා.

    වැදි දෙමහල්ලන්ගේ ඉතිරි ජීවිත කාලය සැප සම්පත් සහිතව ගෙවුණු බව ජනප්‍රවාදයන්හි සඳහන් වෙතත්, වැදි බිසව දිගටම රජුගේ බිසෝ තනතුරෙහි සිටියා ද යන්න හෝ ඇයට ඉන්පසු කුමක් වූයේ ද යන්න ගැන තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

    මූලාශ්‍ර:
    divaina.com
    මඟ දිගට ජනකතා – ඩී. පී. වික්‍රමසිංහ
    (Thuppahi’s Blog)
    (උපුටා ගැනීම Roar Media Sinhala lk වෙතින් )
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    හරිම රසවත් කතාවක් :love2:
    nfl quit GIF
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එම ප්‍රදේශයෙන් තාවකාලික බිසෝකමට ස්ත්‍රියක් පාවාගැනීම සිරිතක් වී තිබුණේ ලු.
    මාර සින් එකක් නේ එක..
    අන්තඃපුරයේ ඉඩ මදි වන විට පැරණි බිසෝවරුන් නිදහස් කොට යටත් නිලධාරීන්ට පාවා දීමත් ඔහුගේ සිරිතක්ව තිබුණු
    හරිම හොද රජ තුමෙක්.. ජය වේවා රජතුමාට අපේ.!!!!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    ඔය කොච්චර ලොකු රාජ නම් තිබ්බත් සුද්දා ආවෙ නැත්නම් තාම බක්කි කරත්තෙන් යන, කලු කැත, සුදු පාටක් හොයගන්නත් නැති මිනිස්සු ටිකක් ඉන්දි තොවිල් නට නට
     
    • Like
    • Sad
    Reactions: NRTG and reuse

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181

    ගැහුවලුද කියන්නේ....
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඔය කොච්චර ලොකු රාජ නම් තිබ්බත් සුද්දා ආවෙ නැත්නම් තාම බක්කි කරත්තෙන් යන, කලු කැත, සුදු පාටක් හොයගන්නත් නැති මිනිස්සු ටිකක් ඉන්දි තොවිල් නට නට
    Whats wrong with that?

    Confused Ryan Gosling GIF