රුපියල් පහ සෙවීම
ඉරද? හඳද?
මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස් බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක් අයකුවත් දැන සිටියේ නැත.
එක් මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.
"මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක් මිතුරා පිළිතුරු දුන්නේය.

ඒක තමයි!
එක්තරා සෙබළකු අසාමාන්‍ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්‍රධානියා දුටුවේය.
සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක් කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්‍රධානියා ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙත යවා පරීක්ෂා කර බැලුවේය.
ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.
ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්‍රධානියා ඔහු අතට පත් කළේය
බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක් මෙන්ම ඒ දෙස බලා යමක් කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස් හඬින් පැවසුවේය.

ගහට නොගොස් කුරුම්බා බීම
සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනා මධ්‍යම රාත්‍රියේ වාට්ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.
මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක් ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස් කීපයක් ඇති තැනක නතර විය.
විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක් ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක් නැති විය. මඳක් කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක් කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක් නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.

පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක් වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක් රාත්‍රි කාලයේ ටවුමට ගොස් පයින්ම ගෙදර එන සයිමන්ට දක්නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක් යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."
"ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක් වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
මඳක් විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.
"ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක් පමණ දුරින් වූ අඳුරු තැනක් පෙන්වූ පීටර්,
"අන්න අතනදි බං වැටුනෙ..."
මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්දැ"යි පැවැසීය.
"එතන හොයල වැඩක් තියෙනවද බං මෙලෝ හසරක් පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට් එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.

බබාට බිල්ලෙක් ඕනෙවෙලා
කුසුමාවතී මුණුපුරන් එක්ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක් දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක් දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.
"මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."
"දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."
දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.
"අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."
දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.
"මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.

source : link