රුපියල් 1000ක් දුන්න
ගිය අවුරුද්දෙ ළමයෙක්ට ඕලෙවල් ගණං ඉගැන්නුව ගෙදරට ගිහින්
මම එහෙම උගන්නන්නෙ නෑ සාමාන්‍යයෙන්
නෑදෑයො නිසා බෑ කියන්ඩ බැරි කමට ගියා
මට කීයක් හරි දෙන්නංකො කියල ලමයගෙ අම්මත් කිව්ව
ඉතිං මම දවස්ගානක් එහෙට ගිහින් ගණං කියල දුන්න
ගණං වලට ගොඩක් දුර්වල ලමයෙක්. එයාලට ඕන වුණේ කොහොමහරි S එකක් ගන්ඩ
S එකක් අරං දෙන වැඩේ තමා මට බාර වුණේ
අප්පට අන්තිමට මට රුපියල් 1000ක් දුන්න
ඒ වුණාට එයාල අපිට පොල් විකුණනව කඩේ ගානට වඩා 10ක් විතර අඩුවෙන්
මට ඉතිං කටක් ඇරල ඕව කියන්ඩ බෑ. නෑදෑයොනෙ.. එයාලනං එයාලගෙ පොල් වල ගණන් අපි ගන්න ගන්න සැරේට 10 ගාණෙ වැඩි කලා.
ඒත් අවුලක් නෑ ලොකු පොල් ගෙඩියක් අන්තිමට ගත්තෙ 60 ගාණෙ
අපේ වත්තෙ එක පොල් ගහක් නෑ
ඊළඟ පාර ගන්න යනකොට 70ක් කියයිද දන්නෙ නෑ
ඒත් අපි වැඩක් කළාම අපිට ගෙවන හැටි, ෂිකේ.. ඒ වුණාට පල්ලියෙ කණු..

Last edited:

එහෙම කිව්ව නං ඕකුන් ආයෙ වචනයක් කතා කරන්නෑ 