රුවන් වීරසේකරට උදව් කරමු

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රුවන් වීරසේකරට උදව් කරමු

RuwanW1_600px_15_05_11.jpg


දක්ෂ වයලීන වාදකයකු හා ගායකයකු වන රුවන් වීරසේකර මේවන විට දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවක් වෙත යොමුකර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

රුවන් මසකට වඩා වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ සිටියේය. කෙසේවවුද ඔහු මෙතෙක් කෝමා තත්ත්වයෙන් මිදී නොමැති බවද වාර්තා වේ. ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවේ 43 වැනි ඇදේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෛද්‍යමතය වන්නේ ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන කාලවේලාවක් කිව නොහැකි බවයි. ඔහුට දීර්ඝ කාලීනව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවින් ඊට යම් සහයක් වන්නට හැකි නම් එය විශාල හයියක් බව ඔහුගේ සහෝදරයා වන මංගල වීරසේකර මහතා ශ්‍රී ලංකා මිරර් සමග කියා සිටියේය.

ඊට මූල්‍යමය වශයෙන් දායකවීමට සොයිසාපුර සෙලාන් බැංකුවේ එච්.එම්.පී. සෙනවිරත්න මහතාගේ ගිණුම් අංක 079001127410101 ට මුදල් බැර කිරීමෙන් හැකිය.(එච්.එම්.පී. සෙනවිරත්න මහතා, රුවන්ගේ බාල සොයුරාය)


රුවන්ගේ වැයුමේ සුමට බව හා ගැයුමේ සුමිහිරි බව දැක්වෙන වීඩියෝ පට දෙකක් පහත දැක්වේ.

mirror News

දැනගන්න ලැබුන විදියට මෙතුමාගේ සීනි මට්ටම අඩු වෙලා තමයි කෝමා තත්වයට පත්වෙලා තියෙන්නේ :(:(:(







මෙතුමාට ඉක්මන් සුවය අත්වේවා !!


 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද ජානක වෙලා තියෙන්නේ?
    අෆ්ෆට සිරි විල්තෙරේ සද්ද වහල හිටිය නිසා ෆීල්ඩ් එකෙන් එන නිවුස් ගැන බැලුවෙත් නෑ කියහං කෝ......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද ජානක වෙලා තියෙන්නේ?
    අෆ්ෆට සිරි විල්තෙරේ සද්ද වහල හිටිය නිසා ෆීල්ඩ් එකෙන් එන නිවුස් ගැන බැලුවෙත් නෑ කියහං කෝ......

    ලොක්කයියේ ආයි විල්තෙර පටන් ගමුද? :)