රුසියානු නාවික හමුදා දින සැමරුම
රුසියාව සුපුරුදු පරිදි මෙවරත් ඔවුන්ගේ සාම්ප්‍රදායික නාවික හමුදා දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදි.පසුගිය ජූලි මස 30 වනදා රුසියාවේ නාවික හමුදා කඳවුරු ආශ්‍රිතවද,ප්‍රධාන සැමරුම් උත්සවය ශාන්ත පීටර්ස්බර්ග් නගරය කේන්ද්‍රකරගෙන ද පවත්වන ලදි.සිරියාවේ ටර්ටෘස් වරායේ ද සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට එහි සිටින රුසියානු නාවික හමුදාව පියවර ගෙන තිබිණි.එවැන්නක් සිදුවූයේ පළමුවතාවටයි.එහිදී වරාය ආශ්‍රිතව රුසියානු නෞකා 6ක් සහ කළු මුහුද නාවික බල ඇණියට අයත් නවතම ඩීසල් සබ්මැරිනය වන ක්‍රාස්නොඩාර් යාත්‍රා කරන ලදි.සිරියානු කමෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ තිබෙන රුසියානු ප්‍රහාරක යානා වරාය ඉහළ අහස වර්ණවත් කරමින් ගුවන් යානා සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
රුසියාවේ ඈත පෙරදිගින් සැමරුම් උළෙල ඇරඹිණි.පැසිෆික් බල ඇණියට අයත් යුද නෞකා සහ සබ්මැරීන ඇතුලුව යාත්‍රා 40කට ආසන්න සංඛ්‍යාවක් සහ 1,500 වැඩි නාවික හමුදා සෙබලුන් මෙන්ම යුදෝපකරණත් විලැඩ්වොස්ටොක් වරාය නගරයේ රැස්ව සිටි පිරිසට අමතක නොවන අත්දැකීමක් ලබාදුන්හ.
විලැඩිවොස්ටොක් වරාය නගරය ආශ්රිත සැමරුම් උළෙලේ දී මුහුදේ සිට දියත් කල බීආර්ටී-80 සන්නාහ සන්නද්ධ රථ ගොඩබිමට ළඟා වූ අයුරු
අද්මිරාල් විනොග්රාඩොව් නම් සබ්මැරීන දඩයම් කරන නෞකාව නෞකා පෙළපාලියේ ඉදිරියෙන් යාත්‍රා කරන අයුරු,ව්ලැඩිවොස්ටොක්.
විලැඩිවොස්ටොක් හි සිට කි.මී.10,000 වැඩි දුරකින් වූ කලිනින්ග්‍රාඩ් හි බොල්ටිස්ක් නගරයේ තවත් පෙළපාලියක් පවත්වන ලදි.එය රුසියාවේ බෝල්ටික් බල ඇණියේ නිවහනයි.ඊට අයත් නෞකා මුහුදේ යාත්‍රා කරමින් රුසියාවේ නාවුක ශක්තිය විදහා පෙන්වද්දී අනෙකුත් යුද්ධෝපකරණ වෙරළේ ප්‍රදර්ශනය කෙරිණි.
කළු මුහුදු බල ඇණියේ නෞකා සහභාගී වූයේ ඔවුන්ගේ මව් කඳවුර ආශ්රිත සැමරුමට පමණක් නොවේ.ශාන්ත පීටර්ස්බර්ග් නගරය ඇතුලුව තවත් ස්ථාන කිහිපයක සැමරුම් උළෙලවල් සඳහා එම බල ඇණියේ නෞකා පිටත් කර යවා තිබිණි.
මෙදින ප්‍රධානතම නෞකා පෙළපාලිය රුසියාවේ උතුරුදිග අගනුවර වන ශාන්ත පීටර්ස්බර්ග් නගරය ආශ්‍රිතව සිදු කෙරිණි.උත්සවය නෙවා සහ ක්‍රොන්ස්ටැඩ්ට් යන ගංගා වල පැවැත්විණි.ඊට නෞකා සහ සබ්මැරීන 40 පමණද ගුවන් යානා 40ක්ද සහභාගි විය.
ප්‍රධාන සැමරුම් උළෙලට සහභාගි වන නෞකා ශාන්ත පීටර්ස්බර්ග් නගරයට පැමිණෙන අයුරු
උත්සවය වෙනුවෙන් රුසියානු ප්‍රහාරක යානා ක්‍රොන්ස්ටැඩ්ට් ප්‍රදේශයට ඉහළ අහසේ පියාසර කරන අයුරු
රුසියානු නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගමන් කරන අද්මිරාල් කුස්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුලුව නෞකා සහ සබ්මැරීන 30ක ආසන්න සංඛ්‍යාවක් උතුරුදිග බල ඇණියේ ප්‍රධාන කඳවුර වන සෙවරොමොර්ස්ක් නගරය අවට මුහුදේ යාත්‍රා කරමින් නාවික හමුදා දිනය සැමරීය.
සෙවරොමොර්ස්ක් වරායට පැමිණි අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත් වූ උත්සවය සඳහා රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් මහතාද සහභාගි විය.එහිදී ඔහු ප්‍රකාශ කලේ මෙම වසර අවසන් වන විට රුසියානු නාවික හමුදාවට අලුතින් නෞකා 30ක් එක්වීමට නියමිත බවයි.
නෙවා ගංගාවේ යාත්‍රා කරන බෝට්ටුවක සිට නෞකා පෙළපාලිය නිරීක්ෂණය කල ජනපති පුටීන්.
ජූලි මස 30 වෙනිදා පැවැත් වූ රුසියානු නාවික හමුදා දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා එරට උතුරුදිග බල ඇණියේ ප්‍රධාන කඳවුරෙන් පිටත් වූ බැට්ල්කෲසර් වර්ගයේ න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන 'පියොට්‍ර වෙලයිකි' යුද නෞකාව සහ 'ඩිමිත්රි ඩොන්ස්කොයි' න්‍යෂ්ඨික සබ්මැරීනය ශාන්ත පීටර්ස්බර්ග් නගරය බලා පැමිණියේ ජාත්‍යන්තර මුහුදු සීමාව හරහාය.ඒවා බටහිර යුරෝපා රටවල මුහුදු තීර ආසන්නයෙන් ගමන් කරද්දී යුරෝපා මාධ්‍යවල අවධානයට ලක් විය.
පියොට්‍ර වෙලයිකි යනු රුසියානු උතුරුදිග නාවික හමුදා බල ඇණියේ නායක නෞකාවයි.ඒ සමග පැමිණි ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය ලොව තිබෙන විශාලතම න්‍යෂ්ඨික සබ්මැරීනයයි.මෙම දැවැන්තයින් දෙදෙනා ජූලි මස 27 දා වන විට ක්‍රොන්ස්ටැඩ්ට් වරායට පැමිණියේ නාවික හමුදා දිනය වෙනුවෙන් සූදානම් කල ප්‍රධාන උත්සවයට සහභාගී වීම සඳහාය.එම උත්සවය ලෝකාවධානයට පාත්‍ර වූයේ මෙතරම් දැවැන්තව එම දිනය සමරන ප්‍රථම වතාව මෙය වීම නිසාය.
අද්මිරාල් කුස්නෙට්සොව් එනම් රුසියානු නාවික හමුදාවේ නායකත්වය දරන නෞකාව ඇතුලුව නෞකා කිහිපයක් සහ න්‍යෂ්ඨික සබ්මැරීන නාවික හමුදා දින උත්සවය සඳහා කෝලා බොක්කේ පෙරහුරුවක නිරත වන අයුරු කැමරාවට හසුව තිබුණේ මෙසේය.
නූතන ඉතිහාසය තුල ප්‍රථම වතාවට ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ රුසියාව මහා පරිමාණ නාවික හමුදා දින නෞකා පෙළපාලිය පවත්වන ලද්දේ මෙම වර්ෂයේදීය.ජූලි මස 30 දා නෙවා ගංගාව ඔස්සේ නෞකා 22ක් යාත්‍රා කරන ලදි.එදින අවසානයේදී උත්සවය අවසන් වූයේ ගිනිකෙළි සංදර්ශනයකිනි.
ඉතිහාසයේ ප්‍රථම වරට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර බ්ලගොව්ස්චෙන්ස්කි,ඩ්වොර්ට්සොවි,ට්රොයිට්ස්කි සහ ලයිටෙයිනි යන පාලම් නෞකා ගමනාගමනය වෙනුවෙන් දිවා කාලයේදී ඔසවන ලදි.සාමාන්‍යයෙන් මෙම පාලම් මෙලෙස ඔසවන්නේ රාත්‍රී කාලයේ පැය කිහිපයකට පමණි.නමුත් පසුගිය මස 23 දා නගරයේ පැවැත් වූ නාවික හමුදා දින උත්සවයේ පෙරහුරු නෞකා පෙළපාලිය වෙනුවෙන් පාලම් දිවා කාලයේදී ඔසවන ලදි.
ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ නාවික හමුදා දිනය සමරමින් පෙළපාලියේ ගමන් ගන්නා නාවිකයෝ,2017 ජූලි 30.
උත්සවයට සහභාගී වූ නාවිකයෝ,2017 ජූලි 30.
සෙවස්ටොපොල් නගරයේ පැවති සැමරුම් උත්සවයේ වේග ප්‍රහාරක යාත්‍රා
නාවික හමුදා දින සැමරුම වෙනුවෙන් ක්‍රොන්ස්ටැඩ්ට් හි අහස සැරසූ ප්‍රහාරක ජෙට් යානා
ක්රොන්ස්ටැඩ්ට්හි නෞකා පෙළපාලියට සහභාගී වූ නෞකා පෙළ,2017 ජූලි 30
වොරොනෙස් හි සැමරුම් උත්සවය නරඹන්නට පිරිස
ක්රොන්ස්ටැඩ්ට්හි නාවික හමුදා පෙළපාලියට එක් වූ පියොට්‍ර වෙලයිකි නෞකාව සහ ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය,2917 ජූලි 30.
මුහුදු බෝම්බ විනාශ කරන කොව්රොවෙට්ස් නෞකාව සෙවස්ටොපොල් වරායේ දී මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු,2017 ජූනි 30.
රුසියානු Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සෙවස්ටොපොල් හි පැවති නාවික හමුදා දින පෙළපාලියට එක් වූ අයුරු,2017 ජූලි 30.
නොවොරොස්සිස්ක් හි සැමරුම් උළෙලේ රුසියානු නාවිකයින් දස්කම් පෙන්වමින්,2017 ජූලි 30.
ගලවාගැනීමේ නෞකා නොවොරොස්සිස්ක් හි උත්සවයට එක් වූ අයුරු,2017 ජූලි 30.
රුසියානු නාවික හමුදා දින ඉතිහාසය - අපි නොදන්න රුසියාව-23
Source:sputniknews.com
-HarshaLulzSec-

උත්සවය වෙරළේ සහ මුහුදේ සිදුකෙරුණු අතර ඊට ප්‍රහාරක යාත්‍රා 13ක් සහභාගී විය.ඊට නියාමක මිසයිල කෘසර් නෞකාවක් වන 'වරියැග්' ,සබ්මැරීන ලුහුබඳින්නන් සහ ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාද එක් විය.
අද්මිරාල් විනොග්රාඩොව් නම් සබ්මැරීන දඩයම් කරන නෞකාව නෞකා පෙළපාලියේ ඉදිරියෙන් යාත්‍රා කරන අයුරු,ව්ලැඩිවොස්ටොක්.
විලැඩිවොස්ටොක් හි සිට කි.මී.10,000 වැඩි දුරකින් වූ කලිනින්ග්‍රාඩ් හි බොල්ටිස්ක් නගරයේ තවත් පෙළපාලියක් පවත්වන ලදි.එය රුසියාවේ බෝල්ටික් බල ඇණියේ නිවහනයි.ඊට අයත් නෞකා මුහුදේ යාත්‍රා කරමින් රුසියාවේ නාවුක ශක්තිය විදහා පෙන්වද්දී අනෙකුත් යුද්ධෝපකරණ වෙරළේ ප්‍රදර්ශනය කෙරිණි.
බොල්ටික්ස් හි නාවික හමුදා දිනයට පෙරහුරු පෙළපාලියේ යාත්‍රා කල වෙරළාරක්ෂක බලකායට අයත් නඩ්යොස්නෙයි නෞකාව.
කළු මුහුදු බල ඇණියේ පෙළපාලිය සුපුරුදු පරිදි සෙවස්ටොපොල් නගරය ආශ්රිත මුහුදේ සිදුකරන ලදි.එය නැරඹීමට සෙවස්ටොපොල් බොක්ක අවටට පුද්ගලයින් 100,000 වැඩි පිරිසක් රැස්ව සිටි බව වාර්තා වේ.
සෙවස්ටොපොල් නගරය ආශ්‍රිතව පැවැත් වූ නාවික හමුදා දින සැමරුමේ අවස්ථාවක්
කළු මුහුදු බල ඇණියේ නෞකා සහභාගී වූයේ ඔවුන්ගේ මව් කඳවුර ආශ්රිත සැමරුමට පමණක් නොවේ.ශාන්ත පීටර්ස්බර්ග් නගරය ඇතුලුව තවත් ස්ථාන කිහිපයක සැමරුම් උළෙලවල් සඳහා එම බල ඇණියේ නෞකා පිටත් කර යවා තිබිණි.
සෙවස්ටොපොල් හි නෞකා පෙළපාලිය
මෙදින ප්‍රධානතම නෞකා පෙළපාලිය රුසියාවේ උතුරුදිග අගනුවර වන ශාන්ත පීටර්ස්බර්ග් නගරය ආශ්‍රිතව සිදු කෙරිණි.උත්සවය නෙවා සහ ක්‍රොන්ස්ටැඩ්ට් යන ගංගා වල පැවැත්විණි.ඊට නෞකා සහ සබ්මැරීන 40 පමණද ගුවන් යානා 40ක්ද සහභාගි විය.
ප්‍රධාන සැමරුම් උළෙලට සහභාගි වන නෞකා ශාන්ත පීටර්ස්බර්ග් නගරයට පැමිණෙන අයුරු
සිරියාවේ ත්‍රස්ත විරෝධී සටන් සඳහා යොදාගත් ගුවන් යානා ප්‍රවාහන නෞකා වෙනුවෙන් නිෂ්පාදිත සුකොයි-33 සහ මිග්-29කේ යානා ශාන්ත පීටර්ස්බර්ග් නුවර අහස වර්ණවත් කෙරිණි.
උත්සවය වෙනුවෙන් රුසියානු ප්‍රහාරක යානා ක්‍රොන්ස්ටැඩ්ට් ප්‍රදේශයට ඉහළ අහසේ පියාසර කරන අයුරු
රුසියානු නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගමන් කරන අද්මිරාල් කුස්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුලුව නෞකා සහ සබ්මැරීන 30ක ආසන්න සංඛ්‍යාවක් උතුරුදිග බල ඇණියේ ප්‍රධාන කඳවුර වන සෙවරොමොර්ස්ක් නගරය අවට මුහුදේ යාත්‍රා කරමින් නාවික හමුදා දිනය සැමරීය.
සෙවරොමොර්ස්ක් වරායට පැමිණි අද්මිරාල් කුස්නෙට්සොව් නෞකාව
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත් වූ උත්සවය සඳහා රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් මහතාද සහභාගි විය.එහිදී ඔහු ප්‍රකාශ කලේ මෙම වසර අවසන් වන විට රුසියානු නාවික හමුදාවට අලුතින් නෞකා 30ක් එක්වීමට නියමිත බවයි.
නෙවා ගංගාවේ යාත්‍රා කරන බෝට්ටුවක සිට නෞකා පෙළපාලිය නිරීක්ෂණය කල ජනපති පුටීන්.
ජූලි මස 30 වෙනිදා පැවැත් වූ රුසියානු නාවික හමුදා දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා එරට උතුරුදිග බල ඇණියේ ප්‍රධාන කඳවුරෙන් පිටත් වූ බැට්ල්කෲසර් වර්ගයේ න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන 'පියොට්‍ර වෙලයිකි' යුද නෞකාව සහ 'ඩිමිත්රි ඩොන්ස්කොයි' න්‍යෂ්ඨික සබ්මැරීනය ශාන්ත පීටර්ස්බර්ග් නගරය බලා පැමිණියේ ජාත්‍යන්තර මුහුදු සීමාව හරහාය.ඒවා බටහිර යුරෝපා රටවල මුහුදු තීර ආසන්නයෙන් ගමන් කරද්දී යුරෝපා මාධ්‍යවල අවධානයට ලක් විය.
පියොට්‍ර වෙලයිකි යනු රුසියානු උතුරුදිග නාවික හමුදා බල ඇණියේ නායක නෞකාවයි.ඒ සමග පැමිණි ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය ලොව තිබෙන විශාලතම න්‍යෂ්ඨික සබ්මැරීනයයි.මෙම දැවැන්තයින් දෙදෙනා ජූලි මස 27 දා වන විට ක්‍රොන්ස්ටැඩ්ට් වරායට පැමිණියේ නාවික හමුදා දිනය වෙනුවෙන් සූදානම් කල ප්‍රධාන උත්සවයට සහභාගී වීම සඳහාය.එම උත්සවය ලෝකාවධානයට පාත්‍ර වූයේ මෙතරම් දැවැන්තව එම දිනය සමරන ප්‍රථම වතාව මෙය වීම නිසාය.
අද්මිරාල් කුස්නෙට්සොව් එනම් රුසියානු නාවික හමුදාවේ නායකත්වය දරන නෞකාව ඇතුලුව නෞකා කිහිපයක් සහ න්‍යෂ්ඨික සබ්මැරීන නාවික හමුදා දින උත්සවය සඳහා කෝලා බොක්කේ පෙරහුරුවක නිරත වන අයුරු කැමරාවට හසුව තිබුණේ මෙසේය.
නූතන ඉතිහාසය තුල ප්‍රථම වතාවට ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ රුසියාව මහා පරිමාණ නාවික හමුදා දින නෞකා පෙළපාලිය පවත්වන ලද්දේ මෙම වර්ෂයේදීය.ජූලි මස 30 දා නෙවා ගංගාව ඔස්සේ නෞකා 22ක් යාත්‍රා කරන ලදි.එදින අවසානයේදී උත්සවය අවසන් වූයේ ගිනිකෙළි සංදර්ශනයකිනි.
ඉතිහාසයේ ප්‍රථම වරට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර බ්ලගොව්ස්චෙන්ස්කි,ඩ්වොර්ට්සොවි,ට්රොයිට්ස්කි සහ ලයිටෙයිනි යන පාලම් නෞකා ගමනාගමනය වෙනුවෙන් දිවා කාලයේදී ඔසවන ලදි.සාමාන්‍යයෙන් මෙම පාලම් මෙලෙස ඔසවන්නේ රාත්‍රී කාලයේ පැය කිහිපයකට පමණි.නමුත් පසුගිය මස 23 දා නගරයේ පැවැත් වූ නාවික හමුදා දින උත්සවයේ පෙරහුරු නෞකා පෙළපාලිය වෙනුවෙන් පාලම් දිවා කාලයේදී ඔසවන ලදි.
කොවෙට් වර්ගයේ නෞකාවක් වන ස්ටොයිකි සහ ෆ්රිගට් වර්ගයේ නෞකාවක් වන අද්මිරාල් මැකරොව් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ නාවික හමුදා දින නෞකා පෙරට්ටුවේ යාත්‍රා කරමින්,2017 ජූලි 30.
ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ නාවික හමුදා දිනය සමරමින් පෙළපාලියේ ගමන් ගන්නා නාවිකයෝ,2017 ජූලි 30.
නෙවා ගංගාව ඔස්සේ උඩුගං බලා යන රුසියානු නෞකා,ශාන්ත පීටර්ස්බර්ග්,2017 ජූලි 30.
පැරණි රුවල් නෞකාවක ආකෘතියක් රැගෙන යන නූතන යාත්‍රාවක්,ශාන්ත පීටර්ස්බර්ග්,2017 ජූලි 30.
ජනපති පුටීන් නෙවා ගංගාවේ යාත්‍රා කරන නෞකා නිරීක්ෂණය කරමින්,2017 ජූලි 30.
උත්සවයට සහභාගී වූ නාවිකයෝ,2017 ජූලි 30.
සෙවස්ටොපොල් නගරයේ පැවති සැමරුම් උත්සවයේ වේග ප්‍රහාරක යාත්‍රා
මිසයිල ප්‍රහාරක නෞකාවක් වන චුවාෂියා සහ ඩිමිත්රොව් ඩීසල් විදුලි සබ්මැරීනය නෙවා ගංගාවේ යාත්‍රා කරන අයුරු,2017 මැයි 30.
නාවික හමුදා දින සැමරුම වෙනුවෙන් ක්‍රොන්ස්ටැඩ්ට් හි අහස සැරසූ ප්‍රහාරක ජෙට් යානා
ක්රොන්ස්ටැඩ්ට්හි නෞකා පෙළපාලියට සහභාගී වූ නෞකා පෙළ,2017 ජූලි 30
වොරොනෙස් හි සැමරුම් උත්සවය නරඹන්නට පිරිස
ක්රොන්ස්ටැඩ්ට්හි නාවික හමුදා පෙළපාලියට එක් වූ පියොට්‍ර වෙලයිකි නෞකාව සහ ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය,2917 ජූලි 30.
මුහුදු බෝම්බ විනාශ කරන කොව්රොවෙට්ස් නෞකාව සෙවස්ටොපොල් වරායේ දී මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු,2017 ජූනි 30.
රුසියානු Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සෙවස්ටොපොල් හි පැවති නාවික හමුදා දින පෙළපාලියට එක් වූ අයුරු,2017 ජූලි 30.
නොවොරොස්සිස්ක් හි සැමරුම් උළෙලේ රුසියානු නාවිකයින් දස්කම් පෙන්වමින්,2017 ජූලි 30.
ගලවාගැනීමේ නෞකා නොවොරොස්සිස්ක් හි උත්සවයට එක් වූ අයුරු,2017 ජූලි 30.
රුසියානු නාවික හමුදා දින ඉතිහාසය - අපි නොදන්න රුසියාව-23
Source:sputniknews.com
-HarshaLulzSec-
Last edited:
වෙනද වගේම හොඳ ත්‍රෙඩ් එකක්.
+10 