රුසියානු යකඩයාට ඉන්දියානු සහ චීන ඉල්ලුම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු යකඩයාට ඉන්දියානු සහ චීන ඉල්ලුම

    OtzoYGh.png

    2015 වසරේදී ලෝකය ඉදිරියේ නිරාවරණය කල රුසියාවේ නවතම යුද ටැංකිය වන T-14 Armata මිලදී ගැනීම උනන්දුවක් දක්වන රටවල් අතර චීනය සහ ඉන්දියාව පෙරමුණේ පසුව බව රුසියානු රජය සඳහන් කරයි.විලැඩ්මීර් පුටීන්ගේ පෞද්ගලික සහායක යැයි සැලකෙන විලැඩ්මීර් කොසින්ට අනුව යුද ටැංකිය පළමුව සේවයට යොදාගන්නේ රුසියානු හමුදාවයි.නාසි ජර්මනියට එරෙහිව 1945 දී ලැබූ ජයග්‍රහණය සිහිපත් කිරීමට පවත්වන විජයග්‍රහණයේ පෙළපාලියේදී(2015) T-14 Armata යුද ටැංකිය ඇතුලු නවතම සන්නාහ සන්නද්ධ රථ පෙළක්ම ප්‍රදර්ශනය කිරීමට රුසියාව කටයුතු යොදා තිබිණි.


    රුසියාවේ අවි මිලදී ගන්නා සාම්ප්‍රදායික රටවල් වන්නේ ඉන්දියාව,චීනය සහ දකුණු-නැගෙනහිර ආසියා රටවල්ය.

    Ybn7KGN.gif


    aCuU0eF.jpg
    චීනයේ අසල්වැසියෝ​

    චීනය යනු දේශසීමා ආරවුල් කිහිපයකටම මුහුණ දී තිබෙන රටකි.පාකිස්තානය,ඉන්දියාව,වියට්නාමය යන රටවල් සමග චීනය දේශසීමා නිර්ණය කිරීමේදී ගැටලුවලට මුහුණ පා තිබේ.චීනය සතු අතිවිශාල දේශසීමාව රැකීමට නම් නූතනයට ගැලපෙන යුද ටැංකිය අවශ්‍යතාවය මතුව තිබේ.චීනයේ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය වන්නේ Type 99ය.එය පැරණි සෝවියට් T-72 යුද ටැංකියේ ව්‍යුත්පන්නයකි.එහි සැලැස්ම 1980 දශකයේ මැද භාගය තෙක් පැරණිය.

    FQ72n48.jpg
    Type 99 යුද ටැංකිය​


    අනෙක් පසින් සිටින්නේ විශාල යුද හමුදාවක්ද සහිත පසමිතුරු න්‍යෂ්ඨික බලවතෙක් අසල්වැසියා වන ඉන්දියාවයි.රුසියානු T-90 යුද ටැංකි විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන රටක් වන්නේ ඉන්දියාවයි.නමුත් ඔවුන්ට තමන්ගේම යුද ටැංකියක් තිබේ.ඒ Arjun Mark-1ය.

    EEWSISY.jpg
    Arjun Mark-1 යුද ටැංකිය​

    මෙම රටවල් දෙකම යුද ටැංකි ඇතුලු රුසියානු අවි මිලදී ගැනීම සම්බන්ධ දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නේය.චීන යුද හමුදාව තවමත් සිය ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය ලෙස භාවිතා කරන්නේ T-72 බව කියවේ.ඉන්දියානු හමුදාව මේවන විට ප්‍රධාන වශයෙන්ම යැපෙන්නේ රුසියානු T-90 යුද ටැංකි මතයි.ඒවා පැරණි සෝවියට් T-72 යුද ටැංකිය ආශ්‍රයෙන් නිර්මාණ කර තිබේ.

    lv4Z5mw.jpg

    ඉන්දියාව ඊට අමතරව ස්වදේශීය නිපැයුමක් වන Arjun Mark-1 යුද ටැංකියද භාවිතා කරයි.නමුත් එය වර්තමානයට නොගැලපෙන යුද ටැංකියක් බව ඔප්පු කර තිබේ.මෙම යුද ටැංකියේ සම්ප්‍රේෂණ පද්ධතිය,ඉලක්ක කිරීමේ සහ අධෝරක්ත දැකිමේ පද්ධතිවල තාක්ෂණික ප්‍රශ්න ඇතිව තිබෙන බව ඉන්දියාව පසුගිය වසරේදී සඳහන් කර තිබිණි.ටොන් 62ක් තරම් බර මෙම Arjun Mark-1 යුද ටැංකිය සංග්‍රාම භූමියට සුදුසු දැයි තවමත් පරීක්ෂාවලට ලක් කර නොමැති බව කියවේ.ඉන්දියාව සතුව Arjun Mark-1 යුද ටැංකි 124ක් තිබේ.ඉන්දියා පසුගිය සමයේ Arjun යුද ටැංකියේ දෙවන සංස්කරණයද(Arjun Mark-2) එළිදක්වන ලදි.එය ටොන් 50 ට අඩු බරකින් යුක්තය.ඉන්දීය හමුදාව සතුව Arjun Mark-2 යුද ටැංකි 118ක් තිබෙන බව කියවේ.අර්ජුන් යුද ටැංකි ව්‍යාපෘතිය ඇරඹෙන්නේ 1974 වසරේදීය.ඒ විශ්‍රාම යැවූ සෝවියට් T-54 යුද ටැංකි සහ ඒවන විට භාවිතා කරමින් සිටි 1600කට වැඩි සෝවියට් T-72 යුද ටැංකි වෙනුවෙන්ය.

    eUTj7Sa.jpg


    Q9bYFWm.jpg
    Arjun Mark-2​

    T-14 Armata යුද ටැංකිය සතුව නවීනතම සන්නාහයක්,දුරස්ථව පාලනය කල හැකි කොතක් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලය සිටින කොටස ඊට සමාන සතුරු ප්‍රහාරයකින් ආරක්ෂා කල හැකි ලෙස නිර්මාණය කර තිබේ.බොහෝදෙනා පවසන්නේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම රුසියානුවන්ගේ නව ප්‍රවණතාවයක් බවයි.නමුත් ඇමෙරිකානු M1 Abrams ,ඊශ්‍රායෙල Merkava ආදී යුද ටැංකි මේ කාරණය ගැන සිතුවේ බොහෝ කාලයකට පෙර සිටය.යුද ටැංකිය තුල සිටින සෙබලුන්ට ලබාදෙන ආරක්ෂාව අතින් පළමු තැන හිමිවන්නේ ඇමෙරිකානු M1 A2 යුද ටැංකියටයි.රුසියාව T-14 Armata යුද ටැංකිය නිර්මාණය කිරීමේදී තම වෘත්තීයමය සෙබලුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැඩි අවදානයක් යොමුකර තිබේ.

    dt6g7Ce.jpg



    JsYHkVJ.jpg
    T-14 Armata යුද ටැංකියේ ප්‍රධාන අවිය,දුරස්ථපාලක අවිය සහ අනෙකුත් සංවේදක උපාංග සහිත කොත​

    T-14 ‘Armata’ යනු සම්පුර්ණයෙන්ම සෝවියට් යුද ටැංකි ආකෘතිවලින් නිදහස්ව නිර්මාණය කල යුද ටැංකියකි.එනම් දැනට ලොව පුරා භාවිතාවන සෝවියට් යුද ටැංකිවන T-72/80/90 ආදිය මත පදනම් නොවූවකි.​

    sMW1o0n.jpg
    T-14 Armata සහ T-90 යුද ටැංකි දෙකක්​

    කෙසේවෙතත් තවත් වසර දෙක තුනක් ඇතුලත T-14 Armata යුද ටැංකිය අපනයනය කිරීමට රුසියාව සුදානම්දැයි කිව නොහැකිය.T-14 Armata යුද ටැංකියේ පැමිණීම රුසියානු T-90MS යුද ටැංකි විකිණීම කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කල හැකි යැයි විශේෂඥයින් පවසයි.අළුත් යුද ටැංකිය තිබෙද්දී දශක ගණනක් පැරණි යුද ටැංකි මිලදී ගන්නේ ඇයි දැයි ගැනුම්කරුවන් තුල සෘණාත්මක හැඟීමක් ඇතිවීම ස්වභාවිකය.

    u2lsJeb.jpg
    T-90 යුද ටැංකිය නවතම T-14 Armata යුද ටැංකියට වඩා බරින් අඩු අතර ප්‍රමාණයෙන්ද කුඩාය​

    සන්නාහ සන්නද්ධ රථ සම්බන්ධ විශේෂඥයෙක් වන Alexey Khlopotov මේ ගැන පළකලේ මෙවැනි අදහසකි."පළමුව T-72Sද දෙවනුව T-90ද සම්බන්ධව අපිට ඝෘණාත්මක අත්දැකීම් තිබේ.1990 දශකයේ මුල් සමයේදී මිල ගණන් සම්බන්ධ පරීක්ෂණවලින් T-72S යුද ටැංකි සාර්ථකව සමත්විය.නමුත් 1995-97 සමයේ T-90S යුද ටැංකි පැමිණීමත් සමග කිසිම රටක් T-72S ගැන උනන්දුවක් නොදැක්වීය."

    9aeSGVZ.jpg
    ඉන්දියාව සතු T-90 යුද ටැංකි යුද අභ්‍යාසයක නිරතවන අයුරු​

    කෙසේවෙතත් නවතම T-14 Armata යුද ටැංකිය යනු දේශපාලනික වශයෙන් බලය පෙන්වීමට විජයග්‍රාහී පෙළපාලියේදී යොදාගත්තකි.එය තවමත් ක්ෂේත්‍ර පරික්ෂණවලට ලක් කර නොමැත.සටන් බිමේ කෙසේ හැසිරේදැයි පරීක්ෂාවට ලක් කර නොමැත.ඒ නිසා මෙය ලෝක අවි වෙළඳපොලට නුදුරේදිම පැමිණේ යැ‍යි සිතිය නොහැකිය.T-14 Armata යුද ටැංකියේ මිල සාපේක්ෂව අනෙක් රුසියානු යුද ටැංකිවලට වඩා වැඩි මුත් ඉන්දියාව සහ චීනය එම කරුණ නොසලකා හැර යුද ටැංකි මිලදී ගැනීමට ඉල්ලුම් කරන්නේ ඒ සම්බන්ධව තිබෙන කුතුහලය නිසාවෙනි.

    cTT3X8X.jpg
    T-14 Armata යුද ටැංකිය​

    lpQoBkv.jpg
    2015 වසරේ මොස්කව් හි පැවති විජයග්‍රහණයේ පෙළපාලියට ගෙන ආ T-14 Armata යුද ටැංකියක් අතරමඟ ඇණහිට තිබූ අයුරු​

    Alexey Khlopotov අනුව "T-14 Armata යනු රුසියානු තාක්ෂණයේ ප්‍රගතිය ප්‍රදර්ශනය කරන අග්‍රඝන්‍ය නිර්මාණයකි.නමුත් එවැනි යුද ටැංකියක් මේවන තෙක් විකිණී නැත.ඇයි?මිල ගණන් විශාල නිසාය.එසේ නම් අපේ සාම්ප්‍රදායික ගැනුම්කරුවන්ට එවැනි උසස් යුද ටැංකියක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔහු පළමුව කල යුත්තේ සුඛෝපභෝගී සර්ව සම්පුර්ණ යුද ටැංකියක් මිලදී ගෙන පරීක්ෂා කිරීමයි"

    LKSKMr6.jpg
    ඉන්දියාව සතු T-90 Bhishma යුද ටැංකියක්​

    GFG7CVS.jpg
    T-14 Armata යුද ටැංකියක් සිය ප්‍රධාන අවිය ක්‍රියාත්මක කල මොහොතක්​

    හේතු ගණනාවක් නිසා T-14 Armata යුද ටැංකිය අපනයනය කිරීම වසර 15-20 දක්වා පමා විය හැකිය.ස්වාධීන යුද විශේෂඥයෙක් වන Oleg Zheltonozhko අනුව T-14 Armata යුද ටැංකියේ තාක්ෂණික පැත්ත තවමත් අවසන් කර නොමැති අතර එහි සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතියි.එම කටයුතු අවසන් වන්නේ දීර්ඝ අත්හදා බැලීම්වලින් පසුවයි.ඒ සඳහා වසර කිහිපයක් වුවද ගතවිය හැකිය.මෙම කාලපරිච්ඡේදය කඩිනම් කල නොහැක්කේ එය සමත්වීමට අත්‍යාවශ්‍ය අධියරයන් නිසාය.

    Euslcdg.jpg
    Uralvagonzavod සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ල​

    මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ නිෂ්පාදන ධාරිතාවයයි.සේවය සඳහා මෙම යුද ටැංකිය යෝග්‍යබව අනුමත කල පසු නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ Uralvagonzavod සමාගමේ කර්මාන්තශාලා සංකීර්ණ තුලයි.නුතන රුසියාව යනු 1990 පෙර පැවති සෝවියට් දේශය නොවන බව මුලින්ම කියයුතුය.සෝවියට් දේශයේ යුදමය නිෂ්පාදනයක් බොහෝමයක් එකල ස්ථානගත වී තිබුණේ යුක්‍රේනය තුලයි.නමුත් සෝවියට් දේශය බිඳ වැටීමේම් පසුව යුක්‍රේනය ස්වාධීන වීමත් සමග රුසියාවේ නිෂ්පාදන පහසුකම් සීමා විය.Armata යනු යුද ටැංකියක් නොව සන්නාහ සන්නද්ධ රථ පවුලකි.

    Azz0LQD.jpg
    T-14 Armata​

    CvVqq1X.jpg
    ඉන්දියානු සහ රුසියානු සෙබලුන් පිරිසක්​

    ඒ නිසා T-14 Armataහි නිෂ්පාදන කටයුතු මෙම කර්මාන්තශාලාවල සිදුකිරීමත් සමග ඒවා සිය සම්පුර්ණ නිෂ්පාදන ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.නමුත් ඉල්ලුම සපුරාලන්නට එය ප්‍රමාණවත් වේවිද?ඒ සඳහා පිළියමක් තිබේ.ඒ වෙනත් රටක් සමග එක්ව නිෂ්පාදන කටයුතු සිදුකිරීමයි.පස්වන පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානයක් වන PAK FA (T-50) රුසියාව සහ ඉන්දියා සහයෝගයෙන් නිපදවා තිබේ.චීනය Reverse engineering ඔස්සේ ඕනෑම අවියක් ,ගුවන් යානයක්,රථයක් අධ්‍යයනය කර අනුකරණ නිපදවන නිසා T-14 Armata යුද ටැංකිය වැනි අග්‍රඝන්‍ය නිෂ්පාදනයක් චීනයට ලබාදේ වි දැයි සැක සහිතය.චීනය මෙලෙස රුසියානු නිෂ්පාදන අනුකරණය කිරීම නිසා රුසියාව ඔවුන්ට සපයන යුද අවි සීමා කර තිබෙන බව කියවේ.කෙසේ වෙතත් චීනය මේ වන විට අනුකරණය කරමින් හෝ තමනගේම යුද අවි නිෂ්පාදනයට යොමුවෙමින් සිටියි.

    T8gT4QX.jpg
    PAK FA (T-50)​



    Source:Nationalinterest.org

    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    bump patta machoo
    Thanks

    කෝරලේමහත්තයා;19947698 said:
    elaz


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    ape army eka gana daapanko:D:D:D:D
    :rolleyes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    කොහෙද බන් හිටියේ
    :eek:

    Thanks

    මරුවට ලියල තියනවා
    Translated !

    Thanks

    Thanks

    Good Post Bro..!
    ++
    :cool:
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    ෆට්ට
    Thanks

    Thanks