රුසියාව ඉවත්ව යෑම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාව ඉවත්ව යෑම

    uo5B2MY.jpg

    2015 සැප්තැම්බර් මාසයේ සිරියාවේ ආරම්භ කල ගුවන් මෙහෙයුම්වලින් බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා මෙම මාසයේ 15 දා පටන් සිරියාවේ සිටින සිය ගුවන් හමුදාව ඉවත් කරගන්නා බවට රුසියානු ජනපති 2016 මාර්තු 14 දා නිවේදනය කලේය.පුටීන්ට අනුව මෙම හමුදා ඉවත් කරගැනීම මාස පහ තුල අවසන් කිරීමට නියමිතය.කෙසේවෙතත් නමුත් Latakia හි රුසියානු ගුවන් කඳවුර තවදුරටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිවි.එසේම Tartus හි රුසියානු නාවුක පහසුකම්වලද වෙනසක් නොවනු ඇති.ගුවන් මෙහෙයුම් සඳහා පැමිණි ප්‍රහාරක ,බෝම්බ හෙළන යානා ආදිය යළි සිය රට බලා යනු ඇත.

    Cajoly5.jpg
    Latakia​

    රුසියාව සිරියාවේ සිවිල් යුද්ධයට මැදිහත්වුයේ ප්‍රධාන අරමුණු කිහිපයක් සපුරා ගැනීම උදෙසාය.පළමු වැන්න රුසියාවට පක්ෂ බෂාර් අල් අෂාඩ් පාලනය ස්ථාවර කිරීමයි.දෙවැන්න කලක පටන් වර්තමානයට ගැළපෙන සේ නවීකරණය කරමින් සිටින රුසියානු හමුදාවල තත්ත්වය මැන බැලීමට සිරියානු සටන් බිම යොදාගැනීමයි.තුන්වැන්න රුසියානු ඉස්ලාමිකයන් වැඩි පිරිසක් සහිත සිරියාවේ ක්‍රියාත්මක ISIS වැනි ත්‍රස්ත සංවිධාන දුර්වල කිරීමයි.හතරවැන්න යුක්‍රේනයේ සිදුකල මැදිහත්වීම ඔස්සේ තමන් මත පැටවූ යුරෝපා සංගමයේ සහ ඇමෙරිකානු සම්බාධක නොසලකා හැර තමන්ට සිරියාව තුල මැදිහත් වීමක් සිදුකල හැකිබව පෙන්වීමයි.

    wm1SCs3.jpg
    සිරියාවේ පැල්මයිරා හි පිහිටා තිබූ පුරාණ දෙවොලක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කිරීමට පෙර සහ පසුව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප​

    රුසියානුවන්ගේ සහ අනෙකුත් බාහිර ආධාරකරුවන් වන ඉරානය සහ හිස්බුල්ලා සංවිධානයේ සහාය සහිතව සිරියානු රජය විශාල වශයෙන් කැරලිකරුවන්ගේ ඉදිරිගමන අඩාල කර තිබේ.මේ වන විට සිරියානු රජයේ හමුදාවට වැඩි වාසි අත්ව තිබේ.නමුත් බෂාර් අල් අෂාඩ්ගේ සතුරන් තවමත් මුළුමනින්ම පරාජය කර නොමැත.සිරියාව තුල අෂාඩ් විරෝධී හමුදා පසුබැස්සවීම රුසියාව තනිවම සිදුකල කාර්යයක් නොවේ.ඒ සඳහා සිරියානු රජයට ඉරානයේ සහායද ලැබිණි.

    e4LF9WG.jpg
    සිරියාවේ සිට රුසියාවේ Voronezh ප්‍රදේශයේ ගුවන් කඳවුරකට පැමිණි Su-34 යානයක්​

    සිරියාවේ සිදුකල මෙහෙයුම්වලදී රුසියානුවන් තමන්ගේ වැඩිදියුණු කල සංග්‍රාමික හැකියාවන් සහ සමහර නවතම සහ පාවිච්චි නොකල අවි යොදාගන්නා ලදි.ISIS සංවිධානය දුර්වල කිරීමේ ඔවුන්ගේ අරමුණ විශාලවශයෙන් මුදුන්පත් කරගැනීමට සමත්විය.රුසියානු ප්‍රහාර හමුවේ සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තවාදීන් මුළුමනින්ම පරාජය නොකලද මීට මාස පහකට පෙර ඔවුන් සතුව ඉරාකයේ සහ සිරියාව තුල තිබූ බලය මේ වන විට සාපේක්ෂව අවම මට්ටමක තිබේ.නමුත් සමහරෙකුගේ මතය වන්නේ ISIS සංවිධානය පරාජය කිරීම රුසියාව සිතූ තරම් පහසු නොවීමත් එය තවදුරටත් ලාභදායි ක්‍රියාවක් නොව නිසාත් ඔවුන් සිරියාවෙන් ඉවත්වන බවයි.

    CcKvEyF.jpg

    JJrsBqJ.jpg

    CWFOxjI.jpg

    රුසියානු හමුදා සිරියාවෙන් ඉවත් කරගන්නා බව පුටීන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග රුසියානු ආරක්ෂ අමාත්‍යවරයා වන සර්ජෙයි ෂොයිගු විසින් පසුගිය මාස පහ තුල ඔවුන් සිරියාවේ සිදුකල මෙහෙයුම්වල සාර්ථකත්වය සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.ඔහුට අනුව රුසියානු ගුවන් ප්‍රහාරක සහාය සහිතව සිරියානු රජයේ හමුදා විසින් ජනාවාස සහිත ප්‍රදේශ 400ක් සහ වර්ග කිලෝමීටර් 10,000කට වැඩි ප්‍රදේශයක් මුදාගත් බවයි.Latakia සහ Aleppo ප්‍රදේශවලින් ත්‍රස්තවාදීන් පළවා හැර දමන ලද අතර පැල්මයිරා වැනි පෞරාණික වැදගත්කමක් සහිත ස්ථානද යළි අත්පත් කරගන්නා ලදි.හමා සහ හෝම්ස් පළාත්වල බලයද දැන් ත්‍රස්තවාදීන්ට අහිමි කර තිබෙන බව ඔහු කියා සිටියි.වසර 3ක් තිස්සේ ත්‍රස්තවාදීන් විසින් වටලා තිබූ Kuweires ගුවන් කඳවුරු භූමියද යළි ලබා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්විය.

    4rLWpwv.png
    රතු පැහැයෙන් දක්වා තිබෙන්නෙ දැනට සිරියාවේ ISIS ත්‍රස්තවාදීන් සතුව පවතින නගරයි​

    lpoI7R0.jpg

    2015 සැප්තැම්බර් මස 30 දා පටන් රුසියානු ගුවන් හමුදාව මෙහෙයුම් 9000කට වඩා සිදුකර තිබෙන අතර පළමුවරට කි.මී. 1,500ක් තරම් දුරට සිට නෞකාවලින් ප්‍රහාර එල්ල කිරීමටද රුසියාව ක්‍රියා කලේය.රුසියාවේ ගුවන් ප්‍රහාරක සහාය සහිතව සිරියානු හමුදාව පැල්මයිරා ආසන්නයේ තෙල් සහ ගෑස් නිධි සහිත භූමියද යළි අල්ලාගන්නා ලදි.රුසියානු ප්‍රහාරවලින් තෙල් නිෂ්පාදන පහසුකම් 209ක් සහ ප්‍රවාහන රථ 3000ක් පමණ විනාශ වී තිබේ.ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කල ප්‍රහාරවලින් ISIS ත්‍රස්තවාදීන් ඇතුලු සටන්කරුවන් 2000කට වැඩි ගණනක් සමග ක්ෂේත්‍ර අණදෙන්නන් 17 දෙනෙක්ද මරා දමන්නට සමත්ව තිබේ.රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ තුර්කිය ඔස්සේ ISIS ත්‍රස්තවාදීන්ට සහ සටන්කරුවන්ට යුදමය සහ වෙනත් ආධාර ලබාගැනීම අසීරුව තිබිණි.

    E2269yw.png

    රතු පැහැයෙන් දක්වා තිබෙන්නෙ දැනට සිරියාවේ ISIS ත්‍රස්තවාදීන් සතුව පවතින නගරයි​

    දැනට සිරියාව තුල සටන් විරාමයක් පැවතියද නියමුවන් රහිත යානා 70 වඩා යොදාගනිමින් සිරියාව පුරා ගුවනින් නිරීක්ෂණ කටයුතු සිදුකිරීම රුසියාව විසින් තවමත් සිදුකරන බව කියවේ.

    lXGYv3X.jpg
    රුසියානු ජනපතිවරයා සමග සිටින ආරක්ෂක අමාත්‍යවරයා​

    පසුගිය 15 දා පටන් රුසියානු ගුවන්හමුදාවේ ප්‍රවාහන,ප්‍රහාරක සහ බෝම්බ හෙළන යානා සිරියාවෙන් සිය රට බලා ගමන් අරඹා තිබේ.පළමු යානා කණ්ඩායම පිටත්ව ගියේ Khmeimim ගුවන් හමුදා කඳවුරෙන් බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ.Tu-154 සහ Su-34 බහුකාර්යය බෝම්බ හෙළන යානා ඒ අතර විය.මේවා රුසියාවේ Voronezh ගුවන් හමුදා කඳවුරට ගොඩබස්සවා තිබේ.රුසියාව බලා පිටත්වන දෙවන යානා කණ්ඩායම 16 දා එනම් අද උදෑසන ගුවන් කඳවුරින් පිටත්ව ගියේය. Khmeimim කඳවුර සිරියාවේ Latakia පළාතේ පිහිටා තිබේ.මෙම කණ්ඩායමට Su-25 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුලත්විය.

    wP2gDwK.jpg
    සිරියාව හැර යන රුසියානු සුකෝයි ජෙට් යානා​

    Source:Stratfor.com & RT.com

    -HarshaLulzSec-
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    "බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා" :lol::lol::lol::rofl::rofl::rofl:

    ඕනෙනම් දවස් දෙකෙන් ගහල ඉවර කරන්න පුළුවන් කියපු අයම තමයි මේ.

    සවුදිය හමුදාව එවනකොට ඒක පිටින් දාල අල්ලගත්ත කොටි වලිගෙ අත අරින එක තමයි පුටින් කරන්නෙ.

    තෙල් මිල අඩු වීමත් එක්ක රුසියාවට මේ යුද්දය දරාගන්න අමාරුයි.

    ලෝකෙ කොයි බලවතත් එකයි. තමන්ගෙ එක පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කොහෙවත් නැති රටකට බෝම්බ දාන එක සමාන්‍ය දෙයක් වෙලා දැන්. ඊළඟට මිනිස්සු මරණ කොන්ත්‍රාත්තුව සවුදියට දීල තමයි ඔය රුසියාව යන්නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා" :lol::lol::lol::rofl::rofl::rofl:

    ඕනෙනම් දවස් දෙකෙන් ගහල ඉවර කරන්න පුළුවන් කියපු අයම තමයි මේ.

    සවුදිය හමුදාව එවනකොට ඒක පිටින් දාල අල්ලගත්ත කොටි වලිගෙ අත අරින එක තමයි පුටින් කරන්නෙ.

    තෙල් මිල අඩු වීමත් එක්ක රුසියාවට මේ යුද්දය දරාගන්න අමාරුයි.

    ලෝකෙ කොයි බලවතත් එකයි. තමන්ගෙ එක පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කොහෙවත් නැති රටකට බෝම්බ දාන එක සමාන්‍ය දෙයක් වෙලා දැන්. ඊළඟට මිනිස්සු මරණ කොන්ත්‍රාත්තුව සවුදියට දීල තමයි ඔය රුසියාව යන්නෙ.

    :yes::yes::yes:
     
    okunta salli nae dan ... ekai shape wenne :lol: :dull:

    දැන් චීන්නු තමා මුන්ගෙන් වැඩියෙන්ම තෙල් ගන්නෙ. චීන්නු කලින් ගත්තෙ සවුදියෙන්. එතකොට හිතාගන්න පුළුවනි කාටද සල්ලි නැතුව දඟලන්නෙ කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉදිරියේ රාළ;19868221 said:
    දැන් චීන්නු තමා මුන්ගෙන් වැඩියෙන්ම තෙල් ගන්නෙ. චීන්නු කලින් ගත්තෙ සවුදියෙන්. එතකොට හිතාගන්න පුළුවනි කාටද සල්ලි නැතුව දඟලන්නෙ කියලා.

    rus_gdp_0.png