රු.100ට ගතහැකි (වුණු) රසම රස උදේකෑම ජාති 9ක් 😞

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නය අරන් අරන්, එ නයට පිට රටින් බඩු ඉම්පොර්ට් කරලා, ඩොලර් එක අඩුවට තියන් ඉන්දපුවයි ප්‍රතිපල,

    1994න් පස්සෙ රටෙ දලදෙසිය නිස්පාදනයෙන් වැඩි ප්‍රමානෙයක් ආවෙ එක්ස්පොර්ට් වලින්වත් - ෆොරින් ඉන්වෙස්ට්මන්ටන් වලින්වත් නෙවි, රටෙ මුල්‍ය ආයතන සහ විදෙසිය ලොන් වලින්,

    එ වගෙම කෝටි 2.2ක් ඉන්න රටක ඉකොනොමිල ටුවරිසම් වගෙ අස්තාවර ජාවාරමකින් නඩත්තු කරන්න යැම, ලක්ස 40-60ක් වගෙ ඉන්න රටක් නම් ටුවරිසම් වලින් අල්ලන් ඉන්න පුලුවන්,

    රාජපක්සලා ඇවිල්ලා ක්සනික විජ්ජා කාරෙයො සෙට් එකක්, ඉතුරුවක් ගැන දන්නෙ නැති. අනාගතෙයක් ගැන හිතන්න බැරි නාස්තිකාර් පිස්සො රැලක්, ඔකුන් හොරාකාපු සල්ලි එක සත 5ක් නැහැ, ඔක්කොම නාස්තිකර්ලා දාලා තියෙන්නෙ,,,,
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    1. මාලුපාන් සහ වඩේ (පෙට්ටි කඩෙන්)

    මාලු තිබුණත් නැතත් ත්‍රිකෝණ හැඩයේ මේ පාන් බාල මහලු කොයි කාගේත් ප්‍රියතම ආහාරයක්. ලොකු මිල ගණන් වලටත් මාලුපාන් අලෙවි උනත් තාමත් හොද පිරිසිදු මාලුපාන් ගෙඩියක් රුපියල් හතලිහකට මිලදී ගන්න පුලුවන්. මාලුපාන් දෙකක් ගත්තම ඉතිරිවන මුදලින් වඩේ එකක් ගත්තොත් මාලුපාන් එකේ ෆිලින්ග් එක නැති කොටස කන්න ප්‍රයෝජනවත් වේවි.

    2. බිත්තර රොටි සහ පරාටා

    ලේන්සුවක් වගේ එලන රොටිය මැද්දට බිත්තර සහ කපපු එළවලු දාල නවල හදන බිත්තර රොටි ඉතාම රසවත් උදේ කෑමක්. බිත්තර රොටි දෙකක් හරි බිත්තර රොටි දෙකයි පරාටා එකකුයි හරි ඔබේ අතේ තියන රුපියල් සීයට අනිවාර්යෙන් මිලදී ගන්න පුලුවන්. කරුණාවන්ත හෝටල් හිමියෙක්නම් රොටි කපල හොදි ටිකකුත් උඩින් දාල දෙයි.

    3. ඉඳි ආප්ප

    පොල් සම්බෝල ස්වල්පයක් එක්ක එන ඉඳි ආප්ප 10ක පාර්සලයක් රුපියල් තිහකට ගන්න පුලුවන්. ලොකු බඩගින්නක ඉන්නවනම් පාර්සල් දෙකක් ගන්නත් පුලුවන්. ඉදිආප්ප ඉවර කරන්න සම්බෝල මදි වගේ කියල හිතෙනවනම් බිත්තර රෝල් එකක් හෝ වඩේ වර්ගයකුත් මේ කෑම වේලට එකතු කරගත්තට වරදක් නෑ.

    4. ආප්ප

    රුපියල් දෙසීයේ ආප්පයේ ඉඳල දේශපාලන පෙරළි දක්වා කතාබහට ලක්වුණ මේ සුවිශේෂී ශ්‍රී ලාංකික උදේ ආහාරය රුපියල් සීයක් ඇතුලෙ රස විඳින්න ඔයාලට හොඳටම ඉඩකඩ තියනවා. බිත්තර ආප්ප දෙකක් සහ ප්ලේන් ආප්පයක් හෝ බිත්තර ආප්පයක් සමග ප්ලේන් ආප්ප කිහිපයක්.

    5. තෝසෙ

    “තෝසේ මසල වඩේ.. ලාබයි තෝසේ මසල වඩේ. සම්බෝලෙ ටික ටික සම්බාරු ටික ටික හොඳට අනාලා කාලා බලන්නේ”
    කියලයි සින්දුවකත් තියෙන්නේ.
    තෝසේ තුනක් සම්බාරු එක්ක එහෙම නැත්නම් තෝසේ දෙකක් එක්ක උලුඳු වඩේ එකක් රුපියල් සීයකට

    6. පාන් කාල් (පෙට්ටි කඩේ)

    රුපියල් සීයක් දීල සීනි සම්බෝල හෝ ඔම්ලට් මැදට දාපු පාන් කාල් දෙකක් දෙකක් කෑවොත් බඩ ගල් ගෙඩියක් වගේ වෙනව ඔබට දැනෙයි. ඒ නිසා එකක් කෑවත් ප්‍රශ්නයක් නෑ. සැර සීනි සම්බෝලයක් තියන මේ වගේ පාන් කාල උණු ප්ලේන්ටියක් බිවුවම පන්කාදුයි.

    7. මිශ්‍ර පළතුරු (Cargills Food City)

    රුපියල් සීයක් වැනි මුදලකට කැබලි වලට කැපූ මිශ්‍ර පළතුරු සහිත කුඩා තැටියක් ඔබට සමහර සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්නට පුලුවන්. එය සෞඛ්‍යයට හිතකර හොඳ උදේ ආහාරයක් වනවා නිසැකයි.

    8. සීරියල්

    උදේ ආහාරය සෞඛ්‍ය සම්පන්නව ගතයුතුයැයි ඔබ සිතනවානම් Kellogs chocos වැනි උදෑසන සීරියල් ආහාර කුඩා පැකැට්ටුවක් ඔබට රුපියල් 40කට දැන් මිලදී ගන්න පුලුවන්. ඉතුරු මුදලින් කෙසෙල් වැනි පළතුරකුත් මිලදීගෙන එයට එක්කරගත්විට රසවත් සහ සෞඛ්‍යසම්පන්න ආහාරයක් වේවි.

    9. සමපෝෂ අග්ගලා

    සමපෝෂ පැකැට්ටුවක් රුපියල් 30ක් සහ 60ක් වැනි මුදලකට ඔබට මිලදී ගන්න පුලුවන්. එයට සීනි, පොල් සහ ලුණු එකතුකොට සාදාගන්නා රසවත් අග්ගලා කිහිපයක් සමග ඔබට උදෑසන තේ වේල රසවිඳින්නට හැකිවේවි.

    මේක 2017 විතර aniwa.lk එකේ ගිය එකක්.. රාජපක්ස වේසිගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන :(😂
    😂