මම දැනටමත් ඔය සීන් එක කරනව හැබැයි මෙහෙම නෙමෙයි.. එක පාර සල්ලි දෙනව පොලියත් එක්ක දවසගානෙ එකතුකරනව.. සාමාන්‍යයෙන් දවසට රුපියල් රුපියල් පනස් දාහක් දුන්නොත් දවසට රුපියල් 1000 එකතු කරනව. ටිකක් අමාරු උනාට මේකෙ රිස්ක් එක අඩුයි මොකද බිස්නස් කරන එකෙකුට දවසට රුපියල් 1000 ගෙවන්න බැරිකමක් නෑ.. හැබැයි මොකා කිවුවත් ගත්ත එකක් ගෙවල ඉවර වෙනකම් ඌට ආයෙ දෙන්නෙ නෑ..මේ වෙනකම් පොල්ලක් නම් කාල නෑ බුදුසරනින්... පිට අයෙගෙනුත් මම අරගෙන දෙනව කමිශන් එකක් මම තියාගෙන.. උබල මේක කරනවනම් බබා පාර්ට් නම් හරියන්නෙ නෑ සමාජය ගැන දැනුම තියෙන්නෙ ඕනෙ. මනුස්සය හැරෙද්දි මොකාටද එන්නෙ කියල කියන්න පුලුවන් වෙන්න ඕනෙ
මොකද අපෙන් ණයක් ඉල්ලන්න එද්දි බඩගාගෙන දන ගාගෙන එන අය අපි ආපහු ගන්න ගියාම පෙනේ පුප්පනව.. අන්න එතකොට අපි උන්ට අපේ පෙනේ පුප්පන්න ඕනෙ... දුක් අදෝනාවලට හාර්ට් එක මෙල්ට් වෙනවනම් උබ මේක කරන්න එපා.. සමහර විට පාඩුව කවර් කරගන්න ගෙදර බඩු උස්සන් එන්න වෙනව(මටනම් තාම වෙලා නෑ මම ශුවර් උන්ට විතරක් දෙන නිසා, ඒත් සමහරු ගෙදර බල බල ඉන්න ටීවී එක පවා උස්සන් ආපු අවස්තාතියන්ව)