රූමස්සල, බොනවිස්ටා කොරල් පරයේ ඛාදනය වූ කොටස් සුදු වැල්ල වෙරළ තීරයේ
COLOMBO (NEWS1ST) : සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගත් රූමස්සල බොනවිස්ටා කොරල් පරය අශ්‍රිත සුදු වැල්ල වෙරළ තීරයට කොරල්පරයේ ඛදනය වූ කොටස් ගොඩගසා තිබේ.
ප්‍රදේශයේ පරිසර සංවිධාන පවසන්නේ එම ප්‍රදේශයේ සිදුවන කිසියම් ක්‍රියාකාරකමක් හේතුවෙන් කොරල් ඛාදනය විය හැකි බවයි.ගාලු සොබා සුමිතුරෝ සංවිධානයේ සභාපති කමල් පෙරේරා පවසන්නේ, බොනවිස්ටා කොරල් පර සම්පත විශාල වශයෙන් ඛාදනය වී ටැක්ටර් කීපයක පැටවිය හැකි ප්‍රමාණයක් සුදු වැල්ල ප්‍රදේශයට ගොඩ ගසා ඇති බවයි.
”පසුගිය දවස්වල මේ මුහුදු තීරයේ ගිනිබත් වූ express පර්ල් ලංකාවේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා ද , එහෙම නැත්නම් මේ දවස්වල පවතින කාලගුණික දේශගුණික විපර්යාසයක් නිසා මේක සිදු වෙලා ද, මේක රටට වහාම හෙළි කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා මොකද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් නිතර ගැවසෙන රූමස්සල ප්‍රදේශයේ මේ වන විනාශය නවත්තන්න”
අපි හංසමාලි නාට්‍යය බලමු