රේගුව හොරුන්ට ආනමාලු කවයි
රේගුව, රත්තරං හොරුන්ට ආනමාලු කවයි
රන් කැබැලි ගිලදමා චෙන්නායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය ජාතිකයන් 6 දෙනකුට ආනමාලු, පිට්ටු, මීකිරි කවමින් ඔවුන්ගේ කුසේ ඇති රන් කැබැලි එළියට ගැනීමේ උත්සාහයක කටුනායක රේගු නිලධාරීන් යෙදී සිටින බව රේගුව පවසයි.
රේගුව, රත්තරං හොරුන්ට ආනමාලු කවයි
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කෙළේ, පෙරේදා රාත්‍රි මේ පිරිස වෑන් රථයකින් කටුනායක බලා එන බවට ලැබුණ තොරතුරු මත එම සැකකරුවන් ශ්‍රී ලාංකිකයකුද සමඟ රේගුව විසින් අත්අඩංගුවට ගත් බවයි. පසුව රේගුව විසින් කරන ලද එක්ස් කිරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එම සැකකරුවන්ගේ කුසේ රන් කැබැලි තිබෙන බවයි.
එම සැක කටයුතු ඉන්දීය ජාතිකයන්ගේ කුසේ රන් කැබැලි තොගයක් තිබෙන බව අනාවරණය වීමෙන් පසු රේගුව ඔවුන් රඳවාගෙන කුස පිරෙන්න කෑම දෙමින් රන් කැබැලි එළියට ගැනීමේ වෑයමක යෙදී සිටින බව රේගුව පවසයි.
දෙදෙනකුගේ කුසේ තිබූ රන් කැබැලි දෙකක් එළියට ගෙන ඇති බවද රේගුව පැවැසීය. සැකකරුවන් පැමිණි වෑන් රථයද රේගුව භාරයට ගෙන ඇත.දැනට රේගුව භාරයට ගෙන ඇති ඉන්දීය ජාතිකයන් තවදුරටත් රඳවා තබාගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබා ගැනීමට රේගුව කටයුතු යොදා තිබේ.


ඉංන්දියන් කාරයෝ ඉරාගෙන රෙනවා ඇති අපේ එඋන් වහගෙන හොයනවා ඇති






ඉංන්දියන් කාරයෝ ඉරාගෙන රෙනවා ඇති අපේ එඋන් වහගෙන හොයනවා ඇති




