රේප් වගේද කිස්
source http://slash-dev-slash-null.blogspot.com.au
මාර සීන් එක.
කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක්
තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා.
ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ.
හෙන ගහනවා මුන්ට.
එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා.
වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්.
වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ.
නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා.
ඒ විතරක්ද?
තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට
තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු.
අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා
කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා
එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා.
ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න
වනචර කෙල්ලක්.
තවම ඉවර නැහැ.
කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්.
මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ.
එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.
මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා
හයියෙන් කෑගැහුවලු.
ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්.
ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.
මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා.
අහම්බෙන් ඔය පොඩි දරුවෙක් රේප් වුනාට
උන් කිස් දෙනවා දැක්කොත්
බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.
කෙල්ල නම් බැහැලා ගියාලු.
ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.
අනේ අපේ පින්බිම.

Last edited:

siraa !