රෝදපුටුවෙන් යන

AMAL2012

Member
Mar 18, 2012
159
29
0
රෝදපුටුවෙන් යන

48823242318067772746337.jpg







sanhida.com [සංහිඳ . කොම්]
Like This PageLiked · http://www.facebook.com/#Yesterday http://www.facebook.com/#






මම රෝද පුටුවෙන් එන නිසා පංති භාර මිස්‌ බනිනවා
නිලූෂාගේ සංවේදී කතාව (උපුටා ගැනීමකි)

අනේ මගේ කකුල් හොඳ කරගන්න උදව් කරන්න

..."අනේ මාමේ මට ඉස්‌කෝලේ යන්න හරිම ආසයි. ඒත් මගේ කකුල් දෙක නැතිව ආබාධිත වී රෝද පුටුවෙන් යන නිසා පංතිය භාර මිස්‌ මට නිතරම බනිනවා. මට උදව් කරන ළමයින්ටත් බනිනවා. ඒ නිසා මට ඉස්‌කෝලෙ ගමන එපා වුණා. අනේ මාමේ මගේ කකුල් දෙක හොඳ කිරීමට උදව් කරලා නැවතත් මට පාසල් යන්න අවස්‌ථාව ලබා දෙන්න" යෑයි වැඳ වැටෙමින් පුංචි ළමා ලෝකයේ අසරණ තත්ත්වයට පත්ව සිටි 13 හැවිරිදි නිලුෂා ආනන්දි හේවාමානගේ දියණියගේ මුවින් නැඟුණු අඳෝනාවෙන් අපගේ හදවත සසල විය.

අසරණ වූ මෙම දැරියගේ තොරතුරු සොයා අල්පිටිය. තණබද්දේගම, කොකරකන්ද ජන උදාන ගම්මානය බලා ගිය අපට දැරියගේ මව වන දිනුෂා උදේනි වීරසිංහ මහත්මිය පැවසූ කඳුළු කතාවයි මේ.

මහත්තයො වීරකෝන් ඇමැතිතුමා 1997 වසරේදී ලබාදුන් මේ ඉඩමේ පුංචි කටුමැටි නිවසක්‌ තනාගෙන මමත්, මහත්තයත් පදිංචියට ආවා. ඒ එන විටත් මගේ මහත්තයට හරිහමන් රැකියාවක්‌ තිබුණේ නෑ. එයාගේ අයියා සමඟ ගෙවල් වයරින් කරන වැඩවලට ගොස්‌ ලැබෙන සොච්චම් මුදලින් අපි සතුටින් ජීවත් වුණා.

1999 වසරේදී නිලූෂා දුව ඉපදෙන විට ගැබට මාස 6 ක්‌ සම්පූර්ණ වූවා පමණයි. අඩු මාසයෙන් ඉපදුණු ඇය ඉතා පරෙස්‌සමින් රැකබලා ගත්තත් ඇයගේ දෙපා පණ නැති වුණා. ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වී. ස්‌වර්ණකුමාර මහතාට දරුවා පෙන්වූ විට ඒ මහතා පැවසුවේ දරුවාගේ දෙපාවලට සම්බන්ධ බල නහර ඇදී ඇති නිසා කොළඹ ජාතික රෝහලේදී සැත්කම් 4 ක්‌ සිදුකළ යුතු බවයි.

ඒ සඳහා ලොකු මුදලක්‌ වැය කිරිමට සිදුවන බවත් දොස්‌තර මහතා පැවසුවා. මගේ මහත්තයට හරිහමන් රැකියාවක්‌ නැති නිසා මමත් කුලී වැඩට යනවා. පාසල් යන වයසේ තව දරුවො දෙන්නෙක්‌ නඩත්තු කරන්න ඕනෑ. ලොකු මුදලක්‌ සොයා ගන්නවා කියන්නේ අපට ලොකු ප්‍රශ්නයක්‌. අපේ දුක ගැන වැලිවිටිය දිවිතුරු ප්‍රාදේශීය ලේකම්තුමාට කිව්වාම එතුමා දුවට පාසල් යන්න රෝද පුටුවක්‌ ලබා දුන්නා. අපේ ගෙදරට යන පාර කැඩී වළවල් හෑරී ඇති නිසා රෝද පුටුවෙන් යන්න බැරි නිසා රෝද පුටුව පාසල අසල ගෙදරක තබා ඒ ගෙදර ළඟට දුව වඩාගෙන ගොස්‌ එතැන සිට පාසලට රෝද පුටුවෙන් තබා අරගෙන ගියා.

රෝද පුටුවෙන් පාසලට ගිය මගේ දුවට පංති භාර ගුරුතුමිය නොයෙක්‌ කෙනෙහිලිකම් කළ නිසා දුව පාසල් යන්න බෑ කියා දිනපතා අඬනවා. මේ පිළිබඳව සොයන්න පාසලට ගිය මට පාසලේ විදුහල්පති සහ පංතිය භාර ගුරුතුමිය බැන වැදී දුව පාසලට එවන්න එපා කිව්වා. ඉන් පසු දුවගේ පාසල් ගමන අතරමඟ නතර වුණා. ඒ පාසලට ගිය අනිත් දුවල දෙන්නටත් ගුරුවරුන්ගෙන් විවිධ කෙනෙහිලිකම් සිදුවුණ නිසා ඒ දෙන්නත් ඒ පාසලෙන් අයින් කරල වෙනත් පාසලකට යවන්න සිදුවුණා. මේ නිසා අපට තවත් අමතර වියදමක්‌ දරන්න සිදුවුණා.

දැන් අපි අන්ත අසරණ වෙලා. දුව නිතරම අඬ අඬා කියන්නේ කකුල් දෙක හදලා පාසල් යන්න අවස්‌ථාව ලබා දෙන්න කියලයි. මගේ අසරණ දුවට දෙපයින් යන්න සලස්‌වල දෙනව නම් ඒ අයට බුදුබව අත්වෙනවා

මේ අසරණ දරුවාගේ දෙපා යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැත්කම සඳහා දායක වීමට කැමැති පින්වතුන්ට ඇයගේ මව වන දිනුෂා උදේනි වීරසිංහ නමින් ඇල්පිටිය මහජන බැංකුවේ පවත්වා ගෙන යන 073200100033099 අංක දරන ඉතිරි කිරීමේ ගිණුමට මුදල් බැර කළ හැකිය. 072 8479578 දුරකථනයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය. දැරියගේ පියාගේ ලිපිනය හේවාමානගේ අජිත් කුමාර, කොකරකන්ද ජන උදාන ගම්මානය, තණබද්දේගම. ඇත්කඳුර වේ.








\
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙම ළම‍යින්ට අනුකම්පා කරන එක‍යි ගුරුවරු කරන්න ඕනේ. අනේ මෙහෙමත් ගුරුවරු.....:no::no::no:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මෙහෙම ළම‍යින්ට අනුකම්පා කරන එක‍යි ගුරුවරු කරන්න ඕනේ. අනේ මෙහෙමත් ගුරුවරු.....:no::no::no:

    තරුණ ගුරුවරු ඔහොම තමයි. ඒකට අපේ කාලේ ගුරුවරු.
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මේක ඇත්තද?නිකන් මිනිහෙක්වත් එහෙම කෙනෙක්ට බනිනවද?එහෙම එකෙ ගුරුවරු ඇයි එහෙම කරන්නෙ..