ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි’ – පොලිස් ඇමති
මෙරටට ගුවනින් හා මුහුදින් එන මත්ද්‍රව්‍ය නැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි
මත්ද්‍රව්‍ය මෙරට පැමිණෙන එක ක්ෂණිකව නැවැත්වීම අමාරු බවත් හෙතෙම කියා සිටියි.
ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවට එමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
“අපි ඒක නවත්තන්න සැලසුම් සකස් කරලා තියෙනවා. එස්.ටී.එෆ්. මේකට යොදා තිබෙනවා. දැනටත් කුඩු අහුවෙනවා කෝටි ගණන් වටින. පහුගිය මාස කිහිපයකට කුඩු කිලෝ විශාල ප්‍රමාණයක් අහුවුණා. සංඛ්‍යාලේඛනත් තිබෙනවා.
ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි. ඒ තරම් මේ කුඩු ජාවාරම රටේ ප්රබලව ව්‍යාප්ත කරලා පහුගිය කාලෙ.
අපි පාතාලෙට බය නෑ. බය නෑ කිව්වේ සැලසුමක් නැතුව මේක මඬින්න බහිනවා කියන එක නෙවේ. අපි මේ සම්බන්ධ අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ඒවා පියවරෙන් පියවර යනවා.
ඉස්සර කයිවාරු ගහපු හැටි