ලංකාවට තවත් කීර්තියක්...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආගම දහමෙන් සීග්‍රයෙන් ඉවත්වීම දියුණුවේ රන් දොරටුවයි...

    ප්‍රථිපල

    picture.php

    අවූරුද්දකට පවුල් 108000 දික්කසාද වේ..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    අපි තිත්ත ඇත්ත කතා කරන්න ඕන...
    බහුතර මිනිස්සුන්ගේ තියෙන "උන්මාදනීය පුරාජේරුව" හින්ද තමයි ලංකාවට කෙළවුණේ...
    ප‍්‍රායෝගිකව හිතන, රට ගැන හිතන අලූත් පරම්පරාවක් අවශ්‍යයි...
    හැබැයි ඒකට විවෘත මනසක් තියෙන්න ඕනම වගේ තමන්ගේ රට මේ වෙන කොට තියෙන තැන ගැනත් අවබෝධයක් තියෙන්න ඕන....

    බුද්ධ දර්ශනය ආගමක් කොරගෙන කරන පිස්සු මරගාත හින්දා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. අවංකව බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන ගිහි පැවිදි පිරිස ඉන්නව නම් ලංකාව අද සංවර්ධිත රටක් වෙලා ඉවරයි
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    ලංකාවට තවත් කීර්තියක්...

    ද ටෙලිග‍්‍රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද :( 99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ :( 98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි. :shocked:

    මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප‍්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.

    චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප‍්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප‍්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.

    කැනඩාව, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප‍්‍රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.

    මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ‍්‍රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප‍්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප‍්‍රතිඵලයකි.

    පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප‍්‍රතිඵලය විදහා දැක්වේ.

    https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map

    pathfinder_PNG_Face.png

    agamak hadiyawak nathi un napunsakyo wage.Un robola wage.hagim danim sada charayak na.Thamange thataha gahuwath police yana samajayak.Sexma jiwithe kiyala hithana samajayak.Nodakin witharak :angry::angry::angry:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද :confused:

    :shocked: :shocked: :shocked:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    agamak hadiyawak nathi un napunsakyo wage.Un robola wage.hagim danim sada charayak na.Thamange thataha gahuwath police yana samajayak.Sexma jiwithe kiyala hithana samajayak.Nodakin witharak :angry::angry::angry:

    හැම ආගමකම තියෙනවා මෙලොව ජීවිතය සඳහා වැදගත් වන කොටසක්....
    බුදු දහමේ ඒ සම්බන්ධව පට්ටම විදියට කියල තියෙනවා...
    සිගාලෝවාද සූත‍්‍රයේ සදිසා නමස්කාරය හොඳම උදාහරණය...
    දැන් උඹ කියපං ඔය සදිසා නමස්කාරය හරියට දන්න බෞද්ධයෝ කී දෙනාද ලංකාවේ ඉන්නේ.... ගිහියෙකුට බුදු දහමේ තියෙන අංක එකේ ඉගැන්වීමක්...
    හැබැයි පොඩ්ඩක් අහපංකෝ සතර අපායයි සදෙව් ලෝකයි ගැන... විඤ්ඤාණය ගැන, නිවන, භවය, ගන්ධබ්බය වගේ දේවල් ගැන.... බුදු හාමුදුරුවොන්ටත් උගන්නන සයිස් එකෙන් තමයි කතා කරන්නේ.... හැබැයි ඓහම කියන එවුන්ගේ වටපිටාව බලපං.... අන්තිම කාළකණ්ණි... මොකද උන් ප‍්‍රායෝගික බෞද්ධයෝ නොවන නිසා.... මම බුදු දහමේ මෙලොව ජීවිතයට උගන්වා ඇති දේවල් ගැන ඇත්තේ පුදුමාකාර බැඳීමක්.... බුදු හාමුදුරුවෝ ආර්ථික විග‍්‍රහය, සාමාජික සබඳතා ආදිය ගැන කියල තියෙනවා යැයි කියන දේවල් අනෙක් ආගම්වල නෑ... වැඩියෙන්ම ප‍්‍රායෝගික ආගම බුදු දහම... හැබැයි ඒක අදහන එවුන් ප‍්‍රායෝගික නෑ.... ඒ හින්ද බුද්ධාගමට අත නොතබනු නොකියා බුද්ධාගමට අත හිතයි දෙකම දීපං.. නැතිව නිකං මනෝ රාජ්‍යයේ ලොකු කතා වැඩක් නෑ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධ දර්ශනය ආගමක් කොරගෙන කරන පිස්සු මරගාත හින්දා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. අවංකව බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන ගිහි පැවිදි පිරිස ඉන්නව නම් ලංකාව අද සංවර්ධිත රටක් වෙලා ඉවරයි

    බලපංකෝ පන්සලක් ලගට ගිහිල්ලා බෞද්ධයාගේ යැදිල්ල..
    හරියට කෝවිලක ගිහිල්ල ජප කරනවා වගේ...
    පුලුවන් හැම තැනකින්ම ඉල්ලන්න තමයි යන්නේ.... :confused:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බලපංකෝ පන්සලක් ලගට ගිහිල්ලා බෞද්ධයාගේ යැදිල්ල..
    හරියට කෝවිලක ගිහිල්ල ජප කරනවා වගේ...
    පුලුවන් හැම තැනකින්ම ඉල්ලන්න තමයි යන්නේ.... :confused:

    උබ කියන්න හදනදේ මට පැහැදිලි මදී. .
    උබ කියන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට ගිහින් දෙවියන්ගෙන් අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා කියලද?
    බුදුදහම ඇර අනිත් ආගම් වල කියලා තියෙන්නේ දෙවියන්වහන්සේ ලෝකය මැව්වා ඒ ආගම් බිහිකල දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්, පනිවිඩකාරයෙක් වගේ දේවල්නේ. .
    ඉතින් එහෙම කියලා තියෙන ආගමකට පල්ලි යන්න එපා යඤා කරන්න එපා, ඉටිපන්දම් ගහන්න එපා කියලා කිව්වොත් ඒ ආගමේ අය පිලිගනීද?
    මට හිතෙන්නේ ඕක තේරුමක් නැති දෙයක් වෙයි. .

    උබ බවුද්දයෙක් නම් ඊටවඩා හොදයි බුද්ද දේශනාවට අනුව අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවිවරු නැති බව බවුද්දයන්ට තේරුම් කරලා දෙන එක. . නයාම දර්ම තේරුම් කරලා දෙවියන්ගෙන් නොයිල්ලා තමන්ට අවශ්යදේ තමන්ගේ උත්සහයෙන් කරගන්න කියන එක. .

    හැම ආගමම එකය, ආගම් අවශ්ය නැතිය, සියලු ආගම් වල අයට දෙවියන් යදින්න එපාය කියන එක සාර්තක නැතිවෙයි. .
     
    මචං වරදවා ගන්න එපා... මම කාරණා දෙකක් අනිවාර්යයෙන්ම කියන්න ඕන...
    01. මම සිංහල 02. මම නුවර බෞද්ධකම හිස්මුදුනින් තියාගත්ත පවුලක සාමාජිකයෙක්

    මම සිංහලකමට ආදෙරෙයි... මගේ ත්‍රෙඞ් කොනක ඉඳන් බලන් ආවොත් ඒක තෙරෙයි...
    මම බුද්ධාගම ආගමක් විදියට සලකන්නේ නෑ... මම දකින්නේ ඒක දර්ශනයක් විදියට විතරයි..
    ඒ හින්ද තමයි මම මට ආගමක් නෑ කියන්නේ....

    බුදු දහමේ ඉගැන්වීම මෙලොව පරලොව දෙකටම අවශ්‍ය කරුණුවලින් සන්නද්ධයි... අපි පරලොව පැත්තක තියලා මෙලොව ගැන කතා කරමු.... එතනදීය මම අහන්නේ බෞද්ධයා ප‍්‍රායෝගික බෞද්ධයෙක්ද නැත්තං හින්දු ආගමේ ආභාෂය අරගෙන තැන තැන වැඳ වැඳ ගාථා කවි කිය කියා ඉල්ලන්න පුලූවන් හැම දේම ඉල්ලන දේවවාදි බෞද්ධයෙක් වෙලාද නැද්ද...? කොහෙන් හරි කවුරු හරි හාස්කමකින් ගෙදරට වැඩමවනකං බලන් ඉන්න ජාතියක් වෙලා නැද්ද...? බුදු දහම ප‍්‍රායෝගික භාවිතයට අරගෙන තියෙනවාද... ? එච්චරයි...

    මට අනෙක් ආගම් වැඩක් නෑ... මම සිංහල... හැබැයි බෞද්ධකමෙන් වියුක්තව සිංහලකමක් ලංකාවේ නෑ... ඒ හින්ද සිංහලකම ගැන කතා කරද්දී බෞද්ධකමට මගෙන් රිදවුම් එනවා ඇති....
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    හැම ආගමකම තියෙනවා මෙලොව ජීවිතය සඳහා වැදගත් වන කොටසක්....
    බුදු දහමේ ඒ සම්බන්ධව පට්ටම විදියට කියල තියෙනවා...
    සිගාලෝවාද සූත‍්‍රයේ සදිසා නමස්කාරය හොඳම උදාහරණය...
    දැන් උඹ කියපං ඔය සදිසා නමස්කාරය හරියට දන්න බෞද්ධයෝ කී දෙනාද ලංකාවේ ඉන්නේ.... ගිහියෙකුට බුදු දහමේ තියෙන අංක එකේ ඉගැන්වීමක්...
    හැබැයි පොඩ්ඩක් අහපංකෝ සතර අපායයි සදෙව් ලෝකයි ගැන... විඤ්ඤාණය ගැන, නිවන, භවය, ගන්ධබ්බය වගේ දේවල් ගැන.... බුදු හාමුදුරුවොන්ටත් උගන්නන සයිස් එකෙන් තමයි කතා කරන්නේ.... හැබැයි ඓහම කියන එවුන්ගේ වටපිටාව බලපං.... අන්තිම කාළකණ්ණි... මොකද උන් ප‍්‍රායෝගික බෞද්ධයෝ නොවන නිසා.... මම බුදු දහමේ මෙලොව ජීවිතයට උගන්වා ඇති දේවල් ගැන ඇත්තේ පුදුමාකාර බැඳීමක්.... බුදු හාමුදුරුවෝ ආර්ථික විග‍්‍රහය, සාමාජික සබඳතා ආදිය ගැන කියල තියෙනවා යැයි කියන දේවල් අනෙක් ආගම්වල නෑ... වැඩියෙන්ම ප‍්‍රායෝගික ආගම බුදු දහම... හැබැයි ඒක අදහන එවුන් ප‍්‍රායෝගික නෑ.... ඒ හින්ද බුද්ධාගමට අත නොතබනු නොකියා බුද්ධාගමට අත හිතයි දෙකම දීපං.. නැතිව නිකං මනෝ රාජ්‍යයේ ලොකු කතා වැඩක් නෑ....

    mata mekata hariyata answer ekak dipan.Ube thread eken uba adahas kale lankawath niragamika ratak wiya yuthu bawa da?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුද්දො ජපන්නු තාක්ශනික වශ්‍යෙන් සාමාජිය වශයෙන් දියුනු උන්ගෙ ජාන කලු මිනිස්සුන්ගෙ ජාන වලට වැඩිය දියුනු ජාන සුද්දන්ගෙ ජපනුන්ගෙ ආකල්ප දියුනුයි , හැමෝටම එක වගේම අවශ්‍ය දෙවල් ලැබිලා තියෙනවා එ මට්ටමට උන් ඇවිල්ලා තියෙන්නේත් උන්ගෙ ආකල්ප වලින්, ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම් වල නෙමෙයි එක මට්ටමට නැති dna තියෙන මිනිසුන්ගේ , නිකන් හිතන්න කලු හම තියෙන මිනිස්සු ඉස්ලාම් වලට ඇඳිලා ගියාට සුද්දො ජපන්නු වගෙ ජාතින් එවට එකතු වෙන්නෙ නැත්තේ කියලා , ලංකාවේ වුණත් නමට බවුද්ද මෙලො බුදුදහාමක් දන්නෙ නැ, ලංකාවේ ප්‍රශ්නෙ එකයි, අනිත් රට්වල ඉස්ලාම් එක නිසා ප්‍රශ්න වැඩි , බුදුදහම සහා ඉන්දියාවේ ශඩ් අගාම් ඇර අනිත් සියලුම ආගම් දෙව වාදි , ප්‍රශ්නෙ දෙව ආගම් වල පිටිපස්සෙ ඉන්නෙ කවුද ඔවුන් ලොකෙ හැඩගැස්වීම මොකක්ද කියන දෙ, සුද්දො ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේම දක්ශකම් වලින් නෙමෙයි ගොඩක් දෙවල් ඔවුන්ට දිලා තියෙනවා, එ උදවු දකුනු ආසියවෙ සහා අෆ්‍රිකන් මිනිස්සුන්ට ලැබිලා නැ, හොඳම උදාහරණ ලියනාඩො ඩාවින්චි අනාගත ලොකෙ දැක්කේ කොහොමද කියන දෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    mata mekata hariyata answer ekak dipan.Ube thread eken uba adahas kale lankawath niragamika ratak wiya yuthu bawa da?

    එක්කෝ උඹල ප‍්‍රායෝගික බෞද්ධයෝ වෙලා... සිහින මාලිගා අතහැරල අනාගත සිංහලයෙකුට රටක් ඉතිරි වෙන විදියට වැඩට බහින්න ඕන.... නැත්තං මේ රට නුදුරු අනාගතයේ දී ව්‍යවස්ථාවට නිර්ආගමික කියල දෙයක් එකතු වෙනවා... තවත් කාලයක් ගියාට පස්සේ ෂරියා නීතිය සහිත ව්‍යවස්ථාවක් එනවා.... ඒක හින්ද ඒවට ඉඩ නොතියන බහුතර සිංහල, ශක්තිමත් ආර්ථිකයක් සහිත සිංහල, හොඳ අධ්‍යාපනයක් සහිත සිංහල, සිංහලකම ගැන හිතන දේශපාලන පරපුරක් බිහිවෙන්න ඕන... එහෙම නැතිව ඔය දැන් ඉන්න සිංහලයින් එක්ක මේ ගමන යන්න බෑ....

    නිර්ආගමික වෙන්න ඕන ද නැද්ද කියන එක තීරණය කරන්නේ කාලය....
    හැබැයි ඒක එහෙම නෙවෙන්න වැඩ කරන්න 70% කට ආසන්න බහුතරයක් ඉඳල සිංහලයාට පුලූවන්ද කියන එකයි ප‍්‍රශ්නය...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සුද්දො ජපන්නු තාක්ශනික වශ්‍යෙන් සාමාජිය වශයෙන් දියුනු උන්ගෙ ජාන කලු මිනිස්සුන්ගෙ ජාන වලට වැඩිය දියුනු ජාන සුද්දන්ගෙ ජපනුන්ගෙ ආකල්ප දියුනුයි , හැමෝටම එක වගේම අවශ්‍ය දෙවල් ලැබිලා තියෙනවා එ මට්ටමට උන් ඇවිල්ලා තියෙන්නේත් උන්ගෙ ආකල්ප වලින්, ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම් වල නෙමෙයි එක මට්ටමට නැති dna තියෙන මිනිසුන්ගේ , නිකන් හිතන්න කලු හම තියෙන මිනිස්සු ඉස්ලාම් වලට ඇඳිලා ගියාට සුද්දො ජපන්නු වගෙ ජාතින් එවට එකතු වෙන්නෙ නැත්තේ කියලා , ලංකාවේ වුණත් නමට බවුද්ද මෙලො බුදුදහාමක් දන්නෙ නැ, ලංකාවේ ප්‍රශ්නෙ එකයි, අනිත් රට්වල ඉස්ලාම් එක නිසා ප්‍රශ්න වැඩි , බුදුදහම සහා ඉන්දියාවේ ශඩ් අගාම් ඇර අනිත් සියලුම ආගම් දෙව වාදි , ප්‍රශ්නෙ දෙව ආගම් වල පිටිපස්සෙ ඉන්නෙ කවුද ඔවුන් ලොකෙ හැඩගැස්වීම මොකක්ද කියන දෙ, සුද්දො ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේම දක්ශකම් වලින් නෙමෙයි ගොඩක් දෙවල් ඔවුන්ට දිලා තියෙනවා, එ උදවු දකුනු ආසියවෙ සහා අෆ්‍රිකන් මිනිස්සුන්ට ලැබිලා නැ, හොඳම උදාහරණ ලියනාඩො ඩාවින්චි අනාගත ලොකෙ දැක්කේ කොහොමද කියන දෙ

    සිරාවට මටත් හිතිලා තියනවා මේක ..ලෝකේ දියුණුයි කියන සියලුම රටවල් එක්කෝ සුද්දෝ බහුතරයක් ඉන්න ඒවා නැත්තම් චීන සම්බවයක් තියන ඒවා . එහෙමත් නැත්තම් අරාබි කාරයෝ තෙල් නිසා ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    එහෙනම් අපේ ඉතිහාසය පට්ටපල් බොරුවක්...
    අපේ ජාන කචල් නම් ඒ වගේ ඉතිහාසයක් තියෙන්න බෑ....
    බලපංකෝ එතනත් උඹල ගත්තේ නෙගටිව් අයිඩියා එකක්...
    හෙට වැඩට බහිමු කියල හිතුණේ නෑනේ.... :confused:

    සුද්දො ජපන්නු තාක්ශනික වශ්‍යෙන් සාමාජිය වශයෙන් දියුනු උන්ගෙ ජාන කලු මිනිස්සුන්ගෙ ජාන වලට වැඩිය දියුනු ජාන සුද්දන්ගෙ ජපනුන්ගෙ ආකල්ප දියුනුයි , හැමෝටම එක වගේම අවශ්‍ය දෙවල් ලැබිලා තියෙනවා එ මට්ටමට උන් ඇවිල්ලා තියෙන්නේත් උන්ගෙ ආකල්ප වලින්, ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම් වල නෙමෙයි එක මට්ටමට නැති dna තියෙන මිනිසුන්ගේ , නිකන් හිතන්න කලු හම තියෙන මිනිස්සු ඉස්ලාම් වලට ඇඳිලා ගියාට සුද්දො ජපන්නු වගෙ ජාතින් එවට එකතු වෙන්නෙ නැත්තේ කියලා , ලංකාවේ වුණත් නමට බවුද්ද මෙලො බුදුදහාමක් දන්නෙ නැ, ලංකාවේ ප්‍රශ්නෙ එකයි, අනිත් රට්වල ඉස්ලාම් එක නිසා ප්‍රශ්න වැඩි , බුදුදහම සහා ඉන්දියාවේ ශඩ් අගාම් ඇර අනිත් සියලුම ආගම් දෙව වාදි , ප්‍රශ්නෙ දෙව ආගම් වල පිටිපස්සෙ ඉන්නෙ කවුද ඔවුන් ලොකෙ හැඩගැස්වීම මොකක්ද කියන දෙ, සුද්දො ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේම දක්ශකම් වලින් නෙමෙයි ගොඩක් දෙවල් ඔවුන්ට දිලා තියෙනවා, එ උදවු දකුනු ආසියවෙ සහා අෆ්‍රිකන් මිනිස්සුන්ට ලැබිලා නැ, හොඳම උදාහරණ ලියනාඩො ඩාවින්චි අනාගත ලොකෙ දැක්කේ කොහොමද කියන දෙ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබ දැන් කියන්න හදන්නෙ ආගමක් ඕනෙ නෑ කියන එක නෙ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං වරදවා ගන්න එපා... මම කාරණා දෙකක් අනිවාර්යයෙන්ම කියන්න ඕන...
    01. මම සිංහල 02. මම නුවර බෞද්ධකම හිස්මුදුනින් තියාගත්ත පවුලක සාමාජිකයෙක්

    මම සිංහලකමට ආදෙරෙයි... මගේ ත්‍රෙඞ් කොනක ඉඳන් බලන් ආවොත් ඒක තෙරෙයි...
    මම බුද්ධාගම ආගමක් විදියට සලකන්නේ නෑ... මම දකින්නේ ඒක දර්ශනයක් විදියට විතරයි..
    ඒ හින්ද තමයි මම මට ආගමක් නෑ කියන්නේ....

    බුදු දහමේ ඉගැන්වීම මෙලොව පරලොව දෙකටම අවශ්‍ය කරුණුවලින් සන්නද්ධයි... අපි පරලොව පැත්තක තියලා මෙලොව ගැන කතා කරමු.... එතනදීය මම අහන්නේ බෞද්ධයා ප‍්‍රායෝගික බෞද්ධයෙක්ද නැත්තං හින්දු ආගමේ ආභාෂය අරගෙන තැන තැන වැඳ වැඳ ගාථා කවි කිය කියා ඉල්ලන්න පුලූවන් හැම දේම ඉල්ලන දේවවාදි බෞද්ධයෙක් වෙලාද නැද්ද...? කොහෙන් හරි කවුරු හරි හාස්කමකින් ගෙදරට වැඩමවනකං බලන් ඉන්න ජාතියක් වෙලා නැද්ද...? බුදු දහම ප‍්‍රායෝගික භාවිතයට අරගෙන තියෙනවාද... ? එච්චරයි...

    මට අනෙක් ආගම් වැඩක් නෑ... මම සිංහල... හැබැයි බෞද්ධකමෙන් වියුක්තව සිංහලකමක් ලංකාවේ නෑ... ඒ හින්ද සිංහලකම ගැන කතා කරද්දී බෞද්ධකමට මගෙන් රිදවුම් එනවා ඇති....

    ඔය දැන් කිව්වා වගේ බවුද්දයන් කියන කුලකේ අරන් ඔවුන්ගේ වැරදි මත දුරුකරනවනම් පැටලුනු නූල් බොලේ ලිහනවනම් මන් උබට අනිවා මගේ සම්පූර්න සහයෝගය දෙනවා. .
    හැම ආගමක්ම අරන් පොදිවේ අරම කරන්න මෙහෙම කරන්න කියන එක ප්‍රායෝගික නැති බවයි මගේ අදහස. .
    බුද්දුදහම දර්ශනයක් බව මමත් පිලිගන්නවා. . එය විශ්වයේ සැගවුනු සත්යය බවයි මගේ හැගීම. .

    කතරගම දෙවියන් කවුද, ඇත්තට සිටිනවාද, ඔහු ඔබට කුමක් ලබාදෙන්නේද වගේ ත්‍රේඩ් පුලුවන්නම් දාන්න. . ඒ වගේ ත්‍රේඩ් එකක් බවුද්දයන්ට වැදගත්වෙයි කියලා හිතනවා. .

    මන් පොඩි දෙයක් කියන්නම්. . ලමෙක් ලැබෙන්න ඉද්දි ගොඩනැගිලි ඉදිකරන්න හොද නෑ, බීම් දාද්දි කුරුස වැටෙන්න හොද නෑ වගේ ජෝතිශය වාස්තු අනන් මනන් කලවන් කරගෙන තව කියපු කෙනෙක්, හැදුනු විදියක් නොදන්නා විවිත මත, කතා දාන් මිනිස්සු පිස්සුවක් කරනවා. . ඔය හැම දෙයින්ම වෙන්නේ දියුනුවට බාදාවක්. . බෝදිය ලගට ගිහින් බෝදිපූජා තියලා විබහග පාස්කරලා දෙන්න කියන එක තේරුමක් නැති වැඩක්. . කතරගම ගිහින් විනෝදෙට පලතුරු වට්ටියක් තියනවනම් අව්ලක් නෑ මොකද ඒක අන්තිමේට අපිම කනවනේ. . එහෙම නැතුව මෙන්න පලතුරු වට්ටිය දැන් මට අරක, මේක කරලදෙන්න කියනවනම් මන් ඒකට එකග නෑ. . පහන පත්තුකරලා, ඉටිපන්දමක් ගහලා හෝ වෙන මොනයම් වූ ක්‍රමේකට දෙවියන්ගෙන් දේවල් ඉල්ලන එකට මන් එකග නෑ. .

    දැන් මේ කතාව අහලා ඔබ අහයි මම දෙවියන් ඉන්න බව අවිශ්වාස කරනවද කියලා. . නෑ මන් එහෙම අවිශ්වාස කරන් කරන් නෑ හැබැයි බුදුදහමට අනුව මන් දන්න දේ අනුව ඔලුගොඩවල් අත්ගොඩවල් තියෙන දෙවිවරු නැති බව පැහැදිලී. . දෙවියන්ට පින් අනුමෝදන් නොකල යුතුද ඇහුවොත් කියන්නේ පින් අනුමෝදන් කල යුතුයි ඒ තවත් පිනක් බලාපොරොත්තුවෙන්. .
    ආමිස පූජව ප්‍රතික්ශේප කරනවද ඇහුවොත් අපෝ නෑ මම ප්‍රතික්ශේප කරන්නේ නෑ. .

    ඔබට යම් දෙයක්, හැකියාවක් ලබාගත යුතුනම් එය ඔබ ඔබෙන්ම ලබාගන්න. . බාවනා ක්‍රම මගින් විවිද වූ හැකියාවන් ලබාගත හැකි. . ලව්කිකව නොපෙනෙන ශක්තීන් අවශ්යනම් ඔබ එවැනි මාර්ගයක් අනුගමනය කරන්න දෙවියො දෙනකන් බලන් ඉන්න එපා. . බාන්ඩයක් හෝ දෙයක් අවශ්යනම් උත්සහයෙන් ඒ සදහා වෙහෙසෙන්න දෙවියෝ දෙනකන් බලන් ඉන්න එපා. .
    ඔබට නිවන් දකින්න අවශ්යනම් ඔබම ඒ සදහා වෙහෙසෙන්න කවුරුත් නිවන් දක්වනකන් හෝ අනාගතයට බාරදී බලා සිටින්න එපා. .

    සැබෑ ජීවිතේදි යාඤා කරලා, ඉටිපන්දම් ගහලා දෙවියන්ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන අයම තමයි එලකිරිය තුලදී සියලු දෙවියන් බොරුය කියන්න උත්සහකරන්නේ කියන එකයි මගේ අදහස. .

    ආගම් ආගම් අතර වාදනම් මට අප්පිරියයි. . :sorry:
     
    Last edited: