ලංකාවෙ දොස්තර හොද හිත 😻🐶

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    මේ තමයි ඩොක්ටර් කනිෂ්ක ..
    වාහනයකට අහු උන ඉබ්බෙක්, උඩ යට දෙකම ඩැමේජ්.. නමුත් සියල්ල එකලස් කරලා සවි කරලා නැවත ජීවත් වීමට වරම් ලබා දුන්නා.

    ඉබ්බෙක් අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා. සතුන්ගේ සමහර අනතුරුවලින් සිදු වූ තුවාල සහිත අවස්ථාවලදී මෙයට කරන්නට දෙයක් නැතැයි කියා අත හරින අවස්ථා බොහෝය. ඒ අපට කළ හැකි පිළියම් ගැන අත්දැකීම් නොමැති නිසාවෙනි . මෙය පල කරන්නේද ඔබ සැමගේ දැනුවත් වීමටය..

    ඩොක්ටර් කනිශ්ක බොහෝ ප්‍රසිද්ධ වී ඇත්තේ " බැරිම තැන අර දෙවලපොල ඩොක්ටර් හෝ ඩොක්ටර් කනිශ්ක ලගට අරං ගිහිං බලන්න " කියාය. රට වටෙන්ම ඔහු සොයා එන්නේ එනිසාවෙනි. දුර ඈත පලාත් වල සිට එන අය මට මෙසේ හමුවී ඇත, අනුරාධපුර , මොනරාගල , නුවර , මාතර වැනි ප්‍රදේශ වල සිට අවසාන බලාපොරොත්තු ව ලෙස මෙතනට පැමිනි අය මට හමුවී ඇත. වරෙක මාතර සිට දිනපතා පැමිනෙන සුරතලෙකු මට හමුවිය. එවැනි දුරක් ගෙවා දෙවලපොලට පැමිනෙන්නේ මෙතෙක් ඔහු කල විශ්ම කර්ම ක්‍රියා හේතුවෙනි..

    හොම්බ කට කැඩුණු බව්වෝ, වාහන වලට යටවෙලා මුත්‍රා නාල පුපුරා යාම් වැනි මාරාන්තික අවස්ථා වල එවාට පිලියම් යොදා බේරාගත් ජිවිත බොහෝය. ඒ අවස්ථා සියල්ල වෙන කරන්න දෙයක් නැතැයි කියා අතහරින ලද අවස්ථාය .

    වෙන කරන්න දෙයක් නෑ මේ කකුල කපන්න ඕනෑ කියූ කකුල් කීයක් මේ ඩොක්ටර් කනිශ්ක බේරලා තියනවද.

    ඔබට සතෙකු සම්බන්ධයන් ගැටලුවකදී කර කියා ගැනීමට දෙයක් නොමැති නම් සියලු විස්තර සමගින් doctor කණිෂ්කගෙන් උපදෙසක් ලබා ගන්න. කොපමණ කාර්යබහුල වුණත් ඔහු දුරකථනයට පිළිතුරු දීමට අතපසු කරන්නේ නැත .

    මිල මුදල් ගැන තැකීමක් ද නැත, සමහර ෆාමසියෙන් ගත යුතු බෙහෙත් සදහා අසරණ අයට එම බෙහෙත් ගැනීමට මුදල්ද අතට දී පිටත් කරන්නේය. එතන විකීණීමට ඇති සතුන්ගේ කෑම පැකට් කඩා සතුනට කෑම දෙන අවස්ථා එමටය. ඒ ඔහුගේ මානුශීය පැත්තය. නිවැරදි රෝග විනිශ්චය හා ප්‍රථිපල ඔහුගේ දක්ශතාවයයි..

    සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් (ICU) පවා ඔහු සතුව තිබේ.

    මොකද කරන්නේ කියා සිතා ගැනීමට නොහැකි අවස්ථාවකදී doctor කනිෂ්ක කණිෂ්කගෙන් විමසා සිටීම අගනේය..
    6ADEC2E8-A6CA-4F93-ABE8-D8D608DCDD37.jpeg
    9917B20C-EDA7-47A3-BC14-35A9EA2210B8.jpeg
    C69A17EE-5BD8-43F4-BD9F-43216FBDC3C2.jpeg
    2A3338EF-069A-4652-9DB8-E8E1F0E51BDB.jpeg
    58EC7DCC-BFEB-4799-A489-A4FD3BCF72A5.jpeg
    1CA72B0C-BFE2-4CFE-864C-546C4BA133FB.jpeg
    9C4850D4-23F6-4806-B40A-A62D1E072B78.jpeg
    0A935F0D-42C7-4B29-AAC0-254161C21355.jpeg
    D78866E8-CFC6-42FE-8EC6-7B330AEC50B6.jpeg
    C226FFC1-743D-43FB-B99C-AD1E221696EC.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇත්තටම බන් ඉබ්බො එහෙම ලේසියකට මැරෙන්නෙ නැහැ, එක සැරයක් මම නතරවෙලා ඉඳපු බෝඩිමේ වත්තෙ ඔය වගේ ඉබ්බො දෙතුන්දෙනෙක් හිටියා,දවසක් ගේට්ටුව අරිද්දි ඒක වැදිලා ඔය වගේම කට්ට කුඩු වෙලා ගියා උඩ පැත්තෙන්, මම නිකන් අර දුඹුරුපාට ප්ලාස්ටර කෑල්ලක් ගැහුවා ඕක කුනුවෙලා මූ මැරෙයිද දන්නෙ නැති නිසා, මාසෙකට විතර පස්සෙ ආපහු දකිනකොට කට්ට හොඳටම වගේ හැදිලා තිබුනා ආපහු.