ලංකාවෙ බිස්නස් කාරයෝ 🇱🇰

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සිංහලු දැන් බලපන් ලංකාවෙ බිස්නස් කාරයෝ කියන උන් වැඩ කරන් විදිය. කොහෙන් හරි බලන්නෙ monopoly එකක් තමන්ට හදා ගන්න. මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට ඕනි ගානට බඩු විකුණනවා.

    දැන් ගනින්කො private hospital එකක්, බෙහෙත් පෙති 2ක් ඕනි තැනට 8ක් විතර දීලා ගාන කපනවා, අනවශ්‍ය මිල අධික බෙහෙත් දීලා ගාන කපනවා, පුලුවන් තරම් discharge කරන්නෙ නැතුව තියාගෙන ඉන්නවා,

    ඊලග එක ඉන්කම් ටැක්ස් ගෙවීම. මම දන්න සමහරුන්ට ලක්ශ තුන්සීය ටැක්ස් ගෙවන්න තියෙද්දි ලක්ස සීයක් ආණ්ඩුවට ගෙවල තව සීයක් අත යටින් දුන්නම ඉතුරු සීය ඌටම තියා ගන්න දෙනවා. ඉතින් බදු ආදායම 1/3 යි. ඒ උනාට කතා කරන්නෙ දේසපාලුවෝ එලවන්න.
    හාල් කාරයෝ බලපන්. ඌට හිතු හිතු ගානට හාල් ගනන් දානවා. ගානට එන්නෙ නැතිකොට හංගනවා. Isp ලා බලපන් තනිකරම මාෆියාවක් මංකොල්ල කෑමක් මොනොපෝලියක්. අපි දෙන්නෙ මෙහෙමයි ගන්නවනම් ගනින්.

    මචන් මගේ ප්‍රශ්නය උබල ඔය ඉන්න දියුණු රටවලත් මෙහෙම කලු කඩ කාරයෝ ඉන්නවද? නැත්තන් ඒ ඇයි?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Emotions තියන මිනිස්සු ඉන්නකල් තියනවා . හැමෝම හිතන්නේ තමන් ගැන .
     
    • Like
    Reactions: Rontmir