ලංකාවේ අධ්‍යාපනය
ලංකාවේ ( Sri Lanka ) නිදහස් අධ්‍යාපනය තිබෙනවා යැයි කීවාට හැමෝටම නිදහසේ පාසැල් යන්නට ලැබෙන්නේ නැත. 2016 වසරේ දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 5-17 අතර මිලියන 4.6 ක් ළමුන් ප්‍රමාණයක් සිටියි. ළමයි ලක්ෂයකට අධික පිරිසක් රැකියාවල නියැලෙති. මුළු සංඛ්‍යාව ලෙස 107,259කි. එයිනුත් ළමුන් 63,916 අවදානම් සහිත රැකියාවල යෙදෙති.
ඒ අතරම 77,730ක් පාසැල් නොයන්නේ අධ්‍යාපනයට වුවමනාවක්, අධ්‍යාපනය වටිනා යැයි සලකන්නේ නැති නිසාය. නමුත් ප්‍රයෝගිකව ගත් කල එය ළමයා විසින් තීරණය කරන්නක් නොවන අතර වැඩිහිටි තීරණ හා ක්‍රියා කලාපයන් නිසා මෙය සිදු වේ. එසේම 14,922ක් දරුවන් පාසැල් නොයන්නේ ආර්ථික දුෂ්කරතා නිසාය. පංති පරතරය, දුෂ්කර ග්‍රාමීය නියෝජනය, සම්පත් නිසි ලෙස බෙදී නොයෑම, ප්‍රමිතියෙන් යුතු පාසැල් නොතිබීම, උගැන්වීමට ගුරුවරුන් නොමැති වීම වැනි හේතුද එයට බල පෑ හැක.
19,213 ක් පාසැල් නොයන්නේ තමන්ගේ ආබාධිත බව නිසාය. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපන පද්ධතිය තුළ ආබාධිත ළමුන් ගැන ඇති සැළකිල්ල හා පෙර කී දුෂ්කරතා නිසා බැට කන දරුවන් ලෙහෙසියෙන් අධ්‍යාපනය නොලබන තත්ත්වයට වැටෙයි. තවද දීර්ඝ කාලයක යුද්ධයක් පැවති රටක් ලෙස එහි අනිසි බලපෑම් මත ආබාධිත වූ ළමුන් මෙහිදී අමතක කළ නොහැක.
Source http://thewoman.lk/archives/6031
ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබෙනවා කීවාට නිදහසේ පාසැල් යන්නට ලැබෙන්නේ නෑ