ලංකාවේ අධ්‍යාපනය

sankicool

Member
Jul 11, 2018
115
31
0
ලංකාවේ අධ්‍යාපනය

ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබෙනවා කීවාට නිදහසේ පාසැල් යන්නට ලැබෙන්නේ නෑ

ලංකාවේ ( Sri Lanka ) නිදහස් අධ්‍යාපනය තිබෙනවා යැයි කීවාට හැමෝටම නිදහසේ පාසැල් යන්නට ලැබෙන්නේ නැත. 2016 වසරේ දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 5-17 අතර මිලියන 4.6 ක් ළමුන් ප්‍රමාණයක් සිටියි. ළමයි ලක්ෂයකට අධික පිරිසක් රැකියාවල නියැලෙති. මුළු සංඛ්‍යාව ලෙස 107,259කි. එයිනුත් ළමුන් 63,916 අවදානම් සහිත රැකියාවල යෙදෙති.

ඒ අතරම 77,730ක් පාසැල් නොයන්නේ අධ්‍යාපනයට වුවමනාවක්, අධ්‍යාපනය වටිනා යැයි සලකන්නේ නැති නිසාය. නමුත් ප්‍රයෝගිකව ගත් කල එය ළමයා විසින් තීරණය කරන්නක් නොවන අතර වැඩිහිටි තීරණ හා ක්‍රියා කලාපයන් නිසා මෙය සිදු වේ. එසේම 14,922ක් දරුවන් පාසැල් නොයන්නේ ආර්ථික දුෂ්කරතා නිසාය. පංති පරතරය, දුෂ්කර ග්‍රාමීය නියෝජනය, සම්පත් නිසි ලෙස බෙදී නොයෑම, ප්‍රමිතියෙන් යුතු පාසැල් නොතිබීම, උගැන්වීමට ගුරුවරුන් නොමැති වීම වැනි හේතුද එයට බල පෑ හැක.

19,213 ක් පාසැල් නොයන්නේ තමන්ගේ ආබාධිත බව නිසාය. ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපන පද්ධතිය තුළ ආබාධිත ළමුන් ගැන ඇති සැළකිල්ල හා පෙර කී දුෂ්කරතා නිසා බැට කන දරුවන් ලෙහෙසියෙන් අධ්‍යාපනය නොලබන තත්ත්වයට වැටෙයි. තවද දීර්ඝ කාලයක යුද්ධයක් පැවති රටක් ලෙස එහි අනිසි බලපෑම් මත ආබාධිත වූ ළමුන් මෙහිදී අමතක කළ නොහැක.

Source http://thewoman.lk/archives/6031
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නිදහස් අද්‍යාපනය කියන්නේ නිදහසේ හිතුනහම ඉස්කෝලේ යන එකට නෙමෙයි. අද්යාපනයේ නිදහස කියන්නේ, කුලේ, වර්ගය, ජාතිය, ආගම නොසලකා සැමට ඉගෙනීමේ අයිතිය ලබාදෙන එක. ලංකාවේ දැන් තියන ක්‍රමේ අනුව දුප්පත් එකාට ඉගෙන ගන්න ලේසියි, පෝසත් එකාට අමාරුයි.. තාත්තා දුප්පත් කම්කරුවෙක්නම් උගේ පුතා දොස්තර උනේ පාඩම් කරලා.. තාත්තා කොම්පැනියක CEO නම් උගේ පුතාට දොස්තර වෙන්න තියා හිතන්නවත් තහනම්. මොකද ඌ දොස්තර උනොත් ඌ උපදී කඩේකින් සල්ලිවලට ගත්තා කියලා මැරෙන්න දගලනවා. අන්න එක තම නිදහස් අද්යාපනේ වැහිලා කියන්නේ. අද්යපනයට පෝසත් උන්ට තියන අයිතිය අහුරලා.
 
Opinion

Member
May 20, 2018
2,904
185

you got a point. anyway the poor child will lose his future if he dont get enough scores to get in to a university. the country cant afford to give free higher education to everyone because of economic issues. dropping students by asking for higher entry requirement will reduce the cost. anyway this system will spoil the future of many students. if the country dont have enough resources to provide free education the country should allow private universities and allow students to join universities with reasonable entry requirement.
 
Last edited: