ලංකාවේ අය වාහනවලට කියන ලොවෙත් නැති නම්...
ලංකාවෙ කස්ටියගෙ ලොකුම දක්ෂකමක් තමයි නම පටබඳන එක
මිනිස්සුන්ට, සත්තුන්ට විතරක් නෙමෙයි වාහනවලටත් අපේ අය ලොවෙත් නැති,
හිනා යන නම් දාලා තියනවා...
මේ නම්වල බලපෑම කොච්චරද කියනවා නම් වාහනේ හරි මොඩ්ල් නමටත් වඩා...
ලංකාවෙ අය ඒවාට තියපු නම් ගොඩක් ප්‍රසිද්ධයි...
ඩොල්පින් කියයි, ටියුබ් ලයිට් කියයි අරවා මේවා නම් ගොඩයි
මේ ගැන හොයන්න තිබ්බ ආසාව නිසාම මම ඒ ගැන ටිකක් හොයලා බැලුවා
එහෙම හොයාගත්ත..., වාහනවලට අපේ අය තියලා තියන නම් තමයි මේ...
1. ටොයෝටා හයිඒස් (H-10) - රුක්මණී මොඩල්

ලංකාවෙ ආදි කාලෙ සිනමා නිළියක් උන රුක්මණී දේවි 1978දී රිය අනතුරකින් මිය යනවා
ඒ අවස්ථාවේ ඇය ගමන්ගත්තේ මේ වර්ගයේ වෑන් රථයක.
ඒ නිසා මේ වෑන් එක රුක්මණී මොඩ්ල් කියලා ප්‍රසිද්ධ වුනා.
2.මිට්ෂුබිෂි ඩෙලිකා (T-100) - ජේ.ආර් මූණ මොඩල්
ලංකාවෙ හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්.ජයවර්ධන මහතාට පිහිටලා තිබුනේ...
පළල් නළල් තලය සහ දිගු නහයයකින් යුක්ත මුහුණක්.
එතුමාගේ ඒ පෙනුමට සමානකම් දැරූ නිසා 1980 දශකයේ දකින්න තිබූ
මෙම ඩෙලිකා වෑන් රථය ජේ. ආර් මූණ මොඩලය නමින් හැඳින්වෙනවා.
3. මිට්ෂුබිෂි ඩෙලිකා (T-120) - කිචි කිචි ඩෙලිකා

මේ වෑන්එකට නම වැටිලා තියෙන්නේ යන අයට කිචි කැවෙන නිසා එහෙම නෙමෙයි එන්ජින් එකෙන් එන සද්දෙ නිසා.
කිචි කිචි වගේ සද්දයක් තමයි ඇහෙන්නේ.
මේවා නම් තාමත් දකින්න තියනවා හැබැයි පොඩි ලොරි කරලා.
ඕනි බරක් සුපිරියටම අදිනවා මේ වාහනේ.
4. වොක්ස්වැගන් බීට්ල් - ගෙම්බා කාර්
වායු සිසිළන එන්ජිමකින් සමන්විත මේ කාර් එකේ පෙනුම ගෙම්බෙකු ගේ වගේ නිසා තමයි මේ නම වැටිලා තියෙන්නේ.
අදටත් දකින්න තියන සුපරි ක්ලැසික් කාර් එකක්.
5.වොක්ස්වැගන් බීට්ල් 1300 - වැට මොඩල්
පසුපස වින්ඩ්ස්ක්‍රීන් එකට පහළින් වැටක් ආකාරයට තියන
එන්ජිමේ වායු සිසිලනය සඳහා තියන කොටස නිසා මේ නමින් හැඳන්වෙනවා.
6. වොක්ස්වැගන් බීට්ල් 1302 - කනේ මයිල් මොඩල්
වැට මොඩල් කාර් එකත් එක්ක ගත්තහම ලොකු වෙනසක් නැහැ.
හැබැයි එන්ජිම සඳහා සිසිළන උපක්‍රමයක් විදිහට
පසු පස වින්ඩ්ශීල්ඩ් එකට මදක් පිටුපසින් කනක් වගේ කොටසක් එලියට පන්නලා තියනවා
මේ කොටස ඇතුලට දූවිලි,රොඩු යන එක අවහිර කරන්න කලුපාට ප්ලාස්ටික් කොටසක් සකස් කරලා තියනවා
ඉතිං ඒ කොටස් නිසා තමයි මේ නම වැටිලා තියෙන්නේ.
7.මිට්ෂුබිෂි ජීප් J30 Station Wagon - මන්ත්‍රී මොඩල්
මිට්සුබිෂි ජීප් දොර පහ, දිග හාඩ් ටොප් එක තමයි මන්ත්‍රී මොඩල් කියන්නේ
ඒ කාලේ මන්ත්‍රී උදවිය බහුලව පාවිච්චි කරපු නිසා මේ නමින් හැඳින්වෙනවා
8.මිට්සුබිෂි පැජරෝ - පළාත් සභා මොඩල්
මිට්සුබිෂි ජීප් මොඩල් එකෙන් පස්සේ ආව මොඩල් එක
80 දශකයේ පළාත් සභාවලට දෙන්න තමා මේ වාහන ඉස්සරලාම ලංකාවට ගෙන්නුවේ
ඒ නිසා පළාත් සභා මොඩල් කියලා මේ වාහනය හැඳන්වෙනවා
පරණ උනත් අදටත් ඉහළ ඉල්ලුමක් තියන සුපිරි වාහනයක්
9.මිට්සුබිෂි ගැලන්ට් 2003 - මෝරා ගැලන්ට්
මේ කාර් එකේ ඉදිරිපස බොනට්ටුවේ පැතිරුණු බව හා ගාම්භීර පෙනුම නිසා
මේ නමින් හැඳන්වේ. මේ වර්ගයේ වාහන ශ්‍රී ලංකා පොලිසිය සතුව පවතිනවා.
10. මිට්සුබිෂි ගැලන්ට් 1970 -73 - ගැලන්ට් ටෙන් ලයිට් / එයිට් ලයිට්
කාරයේ පසු පස ඇති ලයිට් ප්‍රමාණය අනුව ටෙන් හා එයිට් ලයිට් ලෙස නම වෙනස් වෙනවා. ඒ ගාන වෙනස් වෙන්නේ රතු පාට ලයිට්වලින්.
ඒ එක පැත්තකට රතු ලයිට් 2 හා 3 වශයෙන්.
11.මිට්සුබිෂි ලාන්සර් A73 - ලාන්සර් එල් ලයිට්
කාර් එකේ පසුපස බ්රේක් ලයිට් L හැඩයෙන් ඇති නිසා මේ නමින් හැඳන්වේ.
12.මිට්සුබිෂි ලාන්සර් A72 - ලාන්සර් ටියුබ්ලයිට්
පසුපස ලයිට් සෙට් එක ටියුබ් ලයිට් කේසින් එකකට සමාන නිසා මේ නමින් හැඳින්වේ.
12.මිට්සුබිෂි ලාන්සර් - ලාන්සර් ෆ්ලැට් ලයිට්
වාහනයේ පසුපස ලයිට් සියල්ල පැතලි ස්වභාවයෙන් පවතින නිසා මේ නමින් හැඳින්වේ.
13.මිට්සුබිෂි ලාන්සර් (A 172) - ලාන්සර් බොක්ස් මොඩල්
සම්ප්‍රදායික රවුම් හැඩයෙන් මිදිලා
1979 දී විතර පෙට්ටි හැඩයෙන් යතුව ආව මේ මොඩල් එක ලංකාවේ
ගොඩක් ජනප්‍රියවුන අදටත් දකින්න තියන හොඳ සුවපහසු වාහනයක්.
14.මිට්සුබිෂි ලාන්සර් C11 Wagon - අත්නායක මොඩල්
රෝහණ විජේවීර 89 භීෂණ සමයේ අවසන් කාලයේ කොත්මලේ නිවසක
අත්තනායක කියන ව්‍යාජ නමින් හැංගිලා ඉඳලා තියනවා.
ඒ කාලේ ඔහු මේ කාර් වර්ගයේ එකක් පාවිච්චි කරපු නිසා මේ නමින් හැඳන්වෙනවා.
15.නිසාන් සනී (B 210) - බටු සනී
ඒ කාලේ සාමාන්‍ය සනී කාරයකට වඩා කුඩා පෙනුමක් ගන්නා හුරුබුහුටි හැඩයේ
කාරයක් නිසා මෙනමින් හැඳන්වේ.
16. නිසාන් සනී (B 211) - කෙහෙල්මුව සනී / කුපාඩි සනී
කාරයේ පසු පස හැඩය කෙහෙල් මුවක ස්වරූපයේ උල් හැඩයක් ගන්නා නිසා
කෙහෙල්මුව සනී ලෙස හැඳින්වෙන අතර කාරයේ පසුපස වීදුරුව මදක් ඇලවී
උස්ව පවතින නිසා පසුපස ආසනයේ යන අය දැක ගැනීම අපහසු නිසා කුපාඩි
සනී ලෙස හැඳන්වේ.
17.නිසාන් සනී FB 13 - ඩොක්ට සනී
වර්ෂ 1993-94 කාලයේ වෛද්‍යවරුන්ට ලැබුන වාහන පර්මිට්වලට
බහුතර වෛද්‍යවරු මෙම වාහනය ගෙන්වා පාවිච්චි කළ නිසා මේ නම ලැබී තිබේ.
අදටත් ඉහළ ඉල්ලුමක් සහිත ඉතා හොඳ කාරයකි.
18. නිසාන් සෙරීනා - කාර් වෑන් / සදහටම ඔබ මගේ
මේ වාහනය ලංකාවෙ අයට අලුත් අත්දැකීමක් වුනා.
ඉදිරි පස කාරයක් පසුපස වෑන් එකක් මෙන් වූ නිසා මෙය කාර් වෑන් ලෙස හැඳින් වූවත්
පසු කාලීනව සිංහල චිත්රටයක් වූ සදහටම ඔබ මගේ යන නම පටබැඳුනි.
ඒ වාහනයේ එංජිම ආශ්‍රිතව හා ගියර් බොක්ස් ආශ්‍රිතව ගැටළු රැසක් ඇතිවූ නිසා
වාහනයේ සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම ඉතා අඩු වූ අතර මුල් අයිතිකරු සතුවම
හැමදාටම මෙම වාහනය තබා ගැනීමට සිදුවූ නිසාවෙනි.
19.ඩයිහට්සු චැරෙඩ් (G 200) - බිත්තර මොඩල් චැරෙඩ්
වාහනයේ පසුපස බිත්තරයක් මෙන් වක්‍ර හැඩයක් ගත් නිසා මෙනමින් හැඳින්විනි.
20. ටොයෝටා LH 110 - 113 - ඩොල්පින්
නම කිව්ව ගමන්ම කස්ටිය හොඳින්ම දන්න වාහනයක් තමයි මේ.
ලංකාවෙ ඉතා ජනප්‍රිය, ඉතා ඉහළ ඉල්ලුමක් සහ වෙළඳපොලක් සහිතවේ
වෑන් රථයේ ඉදිරිපස ඩොල්පින් මත්ස්‍යයෙකු ගේ මුහුණට සමානකමක් දක්වන නිසා මෙනමින් හැඳන්වේ.
දැනට මේ ඇති.
ගෙඩිය පිටින් උස්සපු එකක් එහෙම නෙමෙයි ඕං.
සෑහෙන වෙලාවක් ගියා මේ ත්‍රෙඩ හදලා දාන්න.
විස්තරවල වරදක් තියනවා නම් කියන්න කිසි අවුලක් නෑ.
මම වාහන ඔස්තාර් කෙනෙක් නෙමෙයි.
ඔබේ අදහස් අගය කර සළකමි.
අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.
ත්‍රෙඩ් එක හොඳයි නම් සැලකුවාට වරදක් නැත
සිංහලුන්ට ජය වේවා !!!

Last edited: