ලංකාවේ උන්ගෙ කොන්ද පන නැත්තෙ ඇයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර මම පොඩි කාලෙ .. එ කියන්නෙ 2000-2005 කාලෙ අතරතුර මිනිස්සුන්ට තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න එච්චරම ක්‍රම තිබ්බෙ නෑ.
    සෝශල් මීඩියා තිබ්බද දන්නෙත් නෑ.

    ඒ කාලෙ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා පාරට බහිනවා.ඒහෙම සිද්දියක් උනා අපෙ ගමේ.
    ගමේ එක කොටසකට කරන්ට් එක දීල තිබුනෙ නෑ. ගෙවල් 20ක් විතර.කොහොමහරි පොලව හාරන්න අමාරුයි කියල වැඩේ මග ඇරල හිටිය leco එකෙන්.
    මිනිස්සු ෆෝම් වෙලා එක දවසක් ප්‍රාදේශීය සබාවෙ ලොකු එකාව උස්සන් ඇවිල්ලා ඌව පාරෙ තියන් තැරි ගහන්න හැදුව.
    මමත් තාත්තගෙ අතේ එල්ලිල සීන් එක බලන්න ගියා.🤣
    කොහොමහරි වැඩිකාලයක් යන්න කලින් ඒ මිනිස්සුන්ට කරන්ට් එක ලැබුනා.

    ඒත් අද?...
    මිනිස්සුන්ට පාරට බහින්න තියා කෙලින් කතා කරන්න කොන්දක් නෑ.එකාට එකා එකතුවෙන්නෙ නෑ.

    මම හිතන්නෙ මේකට හේතුව සෝශල් මීඩියා සහ ටීවී මීඩියා.

    මොකක් හරි ප්‍රශ්නයක් උන ගමන් අපේ මිනිස්සු එකේ තරහ පිට කරන්නෙ ලගපාත ඉන්න මොකෙක් හරි මීඩියා කාරයෙක් ගෙන්නලා..ඌට වොයිස් කට් දිලා බොරුවට පපුවය ගහන් කෑ ගහලා..

    මිනිස්සු හිතන් ඉන්නෙ TV එකේ ගිය පලියට ප්‍රශ්න විසදෙයි කියල.

    තව සෙට් එකක් තමන්ගෙ තරහ පිට කරන්නෙ සෝශල් මීඩියා වලින්.
    මොකක් හරි ප්‍රශ්නයක් උන ගමන් ඔක්කොටම බැනල ෆේස්බුක් එකේ හෑලි ලියනවා.

    මේක නිකන් හරියට අතීසාරෙට අමුඩෙ ගැහිල්ලක් වගෙ.

    මිනිස්සුන්ගෙ කොන්ද පන එන්න ඕන ගැම්ම / අසහනේ නැතිවෙලා ගිහින්.ඒකට හේතුව මුන්ගෙ අසහනේ තාවකාලිකව පිට කරන්න සෝශල් මිඩියා / TV මීඩියා තියෙන එක වෙන්න බැරිද ?

    වෙනම ටොපික් එකක් උනාට මේකට සම්බන්දයි පොඩ්ඩ්ක් හිතපන්. අසහනකාරයෙක්ට උගෙ අසහනේ පිටකරගන්න බැරි උනාම උන් ඒකට ඇක්ශන් ගන්නවා.( බූතයා දාන එක / ගෑනුන්ට අරක පෙන්න්න එක etc).
    උබලට හිතෙන්නෙ නැද්ද දේශපාලනිකව/ සමාජයීය්ව එන අසහනේ පිට කරන්න සෝශල් මීඩියා /tV media වගේ දේවල් තිබුනෙ නැත්නම් හොදයි කියලා..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    රතුපස්වල, කටුනායෙක වෙච්ච scene උබලට මතක නැද්ද ?
    2000-2005 වගේ නෙවෙයිනේ දැන් රජපව්ල රට කරන්නේ .
    ජනාදිපති පිස්සෙක් .
    වතුර ඉල්ලපු මිනිස්සුන්ටත් වෙඩි තියපු උන් current නැහැ තෙල් නැහැ කියල පාරට බැස්සොත් මොනව කරයිද දන්නේ නැහැ .
    ඔය මොනවා නැතත් ජිවත් වෙලා ඉන්න එක වටිනවා .
    රජෙක් පත්කරගත්තාණන් යටත් වැසියෝ විදියට ඉන්නත් පුරුදුවෙන්න වෙනවා .