ලංකාවේ උපදින ළමයි හරි පව් බං 😥

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

    මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

    මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය.

    තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ.

    කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

    "ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

    හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු.

    එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

    ඇයි?
    මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම..
    ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම..

    දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

    කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම.

    වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

    "අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

    කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න.

    ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” !

    කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

    කරුණාකරල තේරුම් ගන්න.

    මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

    ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි..

    කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම !

    ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

    සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

    ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
    ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
    මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

    නමුත්,

    ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

    මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

    Copied

    👌 Jamis Banda


    ලංකාවේ ළමයි කියන්නේ වයසක උන්ගේ Retirement plan එක
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අාසාවට ළමයි හදන උනුත් ඉන්නව.නාකි වුනහම බලාගනී කියල ළමයි හදන උනුත් ඉන්නව.සමහරු ළමයි නැතිව බල්ලො පූසො හදනව පාළුව මකා ගන්න..ඒ කොහොම වුනත් කාටවත් ළමයි හදන්න ඵපා කියන්න අපිට බෑ..ඒක ඵයාලගෙ කැමැත්ත..මේ වගේ කාලෙක නම් බැඳපු අය ළමයි හදන ඵක අපරාදයක් ඒත් ඒක මගේ මතයක් විතරයි.සල්ලි දේපල තියෙන උන් ළමයි හැදුවට කිසි අවුලක් නෑ..ඒ දේපල හරි ඒ ළමයින්ට ලැබෙනවනේ.අර ඩොනල්ඩ් ට්‍රම්ප් කාරය වගේ උන් ඔය සල්ලි කාරයෝ වෙලා තියෙන්නේ ඵහෙම තමා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    "ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"
    උබ නිදාගෙන ඉන්න අතරෙ උබේ යාළුවො උබේ මූනේ එක එක විකාර චිත්‍ර වදන් අඳිනවා. ඒ අඳින්නෙ උබට ඕන උබ කැමති දේවලුත් නෙවේ. කොටින්ම කියනව නම් මූනේ එක එක විකාර අඳිනවට උබ කැමතිත් නෑ. ඒවා උබේ මූනේ උබට නොදන්වා බලෙන් ඇඳපුවා.

    ඒත් උබ ඇහැරුනාට පස්සෙ ඒවා මකන්නෙ නැතුව, ඔන්න ඔහේ තියැද්දෙන් කියලා ඉන්න එකනෙ කරන්නෙ.

    ඉතින් මම කියන්නෙ, මැරියන්කො.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ලංකාවෙ නෙවෙයි දිව්‍ය ලෝකෙ උනත් මීහරක් ඉපදුනාම මඩේ ලගිනවා. ලංකාව සල්ලි තියනව මෝලේ තියනව නම් ඇමරිකාවට වඩා පට්ට සැප රටක්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කියවගෙන කියවගෙන යද්දී කතාව හරි වගේ තමයි මටත් හිතෙන්නේ

    මෙහෙම දේකුත් තියනවා
    දරුව යි දෙමවුපියෝ යි අතර තියෙන්නේ බොහොම තද බැඳීමක් කියලා කියන්න පොඩි අදහසක් කියන්නේ
    මේ කතාව අස්සේ එකත් හිතන්න
    දරුවෙක් තමන්ගේ අම්මව හෝ තාත්තව මරනවා කියන එක ආනන්තරිය පාපකර්මයක් කියලා කියලා තියනවා

    අනික කෙනෙක් ඉපදෙනකොට අහවල් දෙමවුපියෝන්ගේ දරුවෝ වෙනවා කියන එක තීරණය වෙන්නේ කර්මයත් එක්ක
    සමහර විට දෙමවුපියෝ එකතු වෙලා කලින් ආත්මෙක වද දුන්න කෙනෙක් මේ ආත්මේ රෝගී දරුවෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්
    ඒ ගැන හොඳ විස්තර ගොඩක් තියනවා
    Many Mansions
    The Edgar Cayce Story on Reincarnation
    (by Gina Cerminara)
    කියන පොතේ

    ඒ පොත කන්නිමහර සුමංගල හිමි සිංහලට පරිවර්තනය කරලා තියනවා
    සංසාර මන්දිර කියලා
    එකත් කියවලා බලන්න තව අදහස් ගොඩක් ලැබෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කතාවනං හරි,
    හැබැයි ඔහොම නැතුව අපේ වගේ රටවල් වලට ඉහ ගහල ඉන්න අමාරුයි,

    එහෙම නැත්තං වෙන්නෙ මොකක්ද දන්නවද??

    රටේ හිඟන්නො වැඩි වෙනව,
    වාසස්ථාන හිඟවෙනව,
    තියෙන ඒවයෙත් රෙන්ටල් එක තව ගොඩක් වැඩිවෙනව,
    හෝම්ලස් අය තව ගොඩක් වැඩිවෙනව.
    තියෙනවටත් වඩා රැකියා හිඟවෙනව,
    විරැකියාව තවත් ඉහල යනව,
    විශ්‍රාම යවන වයස් සීමාව වැඩි කරන්න කියල රටේ උද්ඝෝශණ මතුවෙන්න ගන්නව,

    ඔය වගේ අපිට පෙනෙන නොපෙනෙන පැති ගොඩකින් පහර වදින්න පුලුවන්...

    බටහිර රටවලනම් එහෙමයි කියල කියන්න පුලුවන්, හැබැයි අපේ රටේ ආර්ථික තත්වෙ, රටේ සම්පත්, එහෙමත් ඒ රටවල් වල හැටැයට තියෙනවද කියල මුලින්ම බලන්න වෙනව.

    ඒ නිසා ඔය වගේ සිස්ටම් වලට අතගහන්න කලින් සෑහෙන්න රිසර්ච් කරල ඉන්න වෙනව, නැත්තං ඉතිං අන්තිමට නන්දසේනගෙ කාබනික ප්‍රොජෙක්ට් එක වගේ වෙනව...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okata lokuma reason eka minissu marry karanne lamai hadanne peer pressure ekata nattam social pressure ekata
    e okkoma karanna oni nisa karanawa habai passion ekak naha
    lamai 3k 4k hadana eka achievement ekak, nadayo unat lamai hamba wenawa kiwwama hodata salakanawa
    cultural scene ekak tiyenne lamai saha paramparawa

    habai meka patta exhausting, thamanta retirement plan ekak investment ekak karanawa wenuwata thawa lamayek onboard karana eka karanne ara uda kiyapu dewal nisa, ehema karana minissu wayasata yaddi aniwa lamai uda depend wenna wenawa

    oya kiyana widiyata api cycle eka break kaloth lankawe dan tiyana economy eka anuwa godak aya marry karala lamai hadanne natiwa inna oni
    ehema iddi itin society eke pressure eka handle karanna puluwan wenna oni
    wedding ekaka gihin kawadda lamai hadanne, lamai hadanne naha kiyana ekata solid answers denna balagena inna oni
    e wagema nathi thana anith aya kiyana katha don't care mode eke inna oni
    mewa okkoma 80% settle wenawa wena ratakata migrate kalanam
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව
    අපිවට් ඔය ලබ්බ ඔලුවලින් අයින් කරගමු.
    No kids No worries.
     
    • Like
    Reactions: scorpion MW