මචන්ලා මම මේක අවුරුද්දක අත්දැකීම් වලින් කියන්නේ ලංකාවේ සමහර කොම්පැනි වලින් බිස්නස් කාරයෙක් කිව්වාම අමුතු විදියට අන්දලා ගන්න හදන්නේ උන් හිතං ඉන්නේ අපි ගොන්නු කියලා හොදට තේරුණා උන් එක්ක කතා බහා කරනකොට මම උන්ට අහු වෙන්නේ නැති නිසා උන් මාව වැඩිය ගනම් ගන්නේ නැහැ පස්සේ , මුන්ට අහු වෙන එවුන් ඉන්නවද ?
ගොඩක් කොම්පැනි එක්ක කතා කළා උන් Area Manager / Branch manager ලට දානවා ඒ උන් ඉසේල්ලම අහන්නේ අපේ අදායම ඊට පස්සේ උන් උන්ට හිතෙන ගනම් කියන්නේ ඒ මදිවට අන්දන්න එනවා සැහෙන බොරු කියලා.
උන්ගේ වෙබ් සයිට් එක්ක අදාළ දේවල් වලට අය කරන Price දාන්න බෑ එහෙමත් තැනක තමයි දාලා තියෙන්නේ Manager ලට ඕනේ ගනම් තමයි කියන්නේ එපේ අදායම අහලා සමහර Company වලින් Proposal එවන්නේ Offer දීලා (ඒවා නම් අවුලක් නැහැ)
දැන් Corporate Bank account Open කරගන්න අවම තැන්පතුව කියක් ගන්නවා ද කියලා දාලා නැහැ උන්ගේ වෙබ් එකවත් , ඒ Account දෙකට දෙන දේවල් මොනවා ද කියලා දාලා නැහැ අරන් යන්න ඕනේ Document මොනවා ද කියලා දාලා නැහැ , ඇයි මේවා උන්ට වෙබ් වල ප්‍රසිද්ධ කරන්න බැරි ? එක්තරා බැංකුවක ඔකොම ප්‍රසිද්ධ කරලා තියෙනවා මම එතනින් තමා Account එක Open කරේ
තව එක්තරා ප්‍රසිද්ධ කොම්පැනි එකකින් Payment Gateway එකක් ගත්තා. මට Manager කෙනක් දුන්නා වෙනම රු 4400/- Payment එකක් ආව මුන් මට එක දුන්නේ නැහැ මම අර Manager ට කතා කාලාම ඌ කියනවා Customer Payment එක කරලා නැහැ කියල Payment Gateway Portal එකේ එක තැනක් කොළ පාට වෙනවා කියලා මට බොරු කිව්වා මාව ගොනා කරලා. ඌට මම කනේ ඇගිලි ගහගන්න තෙරුන් කරලා අදාළ Company එකේ වෙන එකෙක් ට E-mail කරලා රු 4400 ගත්තේ. ඒ Payment Gateway එක මම අයින් කරා ඒ Payment එකෙන්ම
අනිත් එක User Portal තියෙනවා නේ උන් Corporate Customers ලට දෙන්නේ වෙනම එකක් හැම තැනම ඒවාගේ එක එක අවුල් තියෙනවා සමහර ඒවා ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා ,
Corporate Customers කෙනක් කියන්නේ අන්දන් කරන්න පුලුවන් එකෙක් ගොනෙක් කියලා උන් හිතනේ
ඒ වගේම පට්ට ලොකුව ඔය Manager ලගේ කලින් මම උන්ට Mr. කිව්වා දැන් නම් ඔයා කියලා කතා කරන්නේ නැත්තම් උන් එක්ක බෑ ඔළුවට උඩින් යනවා.
උබලට හිතෙන්නේ මොකක් ද මේ ගැන ?