ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Batfleck

Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    දඬුබස්නාමානය Number 1. Pattama drama eka. Dan kaale camera sound ekka karanna tibba nam niyamai. Kamal, Shriyantha, Buddadasa and Damitha patta acting ekak denne. Kamal ge hodama ragapaama man dakala thiyena. Shriyanthage Aarachchige charithaya dakkama athiwena baya. Hama scene ekakma wadagath drama ekak.

    අකාල සන්ධ්‍යා Number 2. Thawath niyama drama ekak. Jackson, Shriyantha and Sabeetha lassanata drama eka kala. Script ekath niyamai. E kaale hatiyata wenas script ekak.

    -- Mei drama 2ma Jayantha Chandrasiri ge nirmana. Api drama balana kaale ohu drama kirima gana adatath sathutui.

    කුඹියෝ Number 3. Wenasma concept ekak. Breaking Bad line eke yana drama ekak. Everything happens to a plan. Thumindu and Kalana supiyatama ragapaawa. Meikata vote karanna thawa reason ekak thamai hamadama Deweni Inimata giya Polpular actor award eka Thumindu gaththa eka. System eka nawatha change karapu thanak.
     
    • Like
    Reactions: dfgrendezvous

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ අසනි වැසි කොහොමද ??
    සහ හිඟන කොල්ලා??

    මේකේ තියෙන ගොඩක් ඒවා හොඳයි.
    පරණ ටෙලිනාට්‍ය බලද්දි දැනුන ආතල් එක දැන් දැනෙන්නේ නෑ. සමහරවිට අපි වයසට ගිහින් නිසා වෙන්න ඇති.
    මට නම් කූඹියෝ බලද්දිත් ලොකු ආතල් එකක් නෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    House of Cards

    😳 huh
    Koheda bn saman wenne

    5925d044df1bf02b008b461e.jpeg

    😭
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    😳 huh
    Koheda bn saman wenne

    View attachment 94322
    😭

    1 to 1 කොපියක් නෙමෙයි
    inspiration එක නං ඕකෙන් කියලා සමහර තැන් වලදි මට තේරිලා තියනවා
    House of cards එකේ දෙන ගේම් එක්ක කූඹියෝ ලඟින් වත් තියන්න බැහැ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    යකෝ උඔලට ස්වයංජාත අමතක වෙලා.
    කරුවල ගෙදර අමතක වෙලා
    ගම් පෙරලිය අමතක වෙලා
    රම්‍ය සුරම්‍ය අමතක වෙලා.

    මටනම් බෙස්ට්ම ස්වයංජාත තමයි. ඒක තරම් මොකක්වත් ෆීල් වුනේ නෑ...
     
    • Like
    Reactions: dfgrendezvous

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අඹුදරුවෝ
    භාග්‍යා
    ගංගා සහ නිස්සංක
    ගිරය
    කඩවර
    මේ teledrama තියෙනවා නම් upload කරලා links දාන්න please
     
    • Like
    Reactions: dfgrendezvous

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    1 to 1 කොපියක් නෙමෙයි
    inspiration එක නං ඕකෙන් කියලා සමහර තැන් වලදි මට තේරිලා තියනවා
    House of cards එකේ දෙන ගේම් එක්ක කූඹියෝ ලඟින් වත් තියන්න බැහැ

    වෙන්න පුලුවන් ඒක තමා මාත් බැලුවෙ

    One Tree hill එකෙන් දෙවෙනි ඉනිම හදනවා කියලා කතාවක් ගියේ
    අපේ දැන් ඉන්න එවුන්ට හරියට copy කරලවත් කතාවක් හදාගන්න බෑ 😂
     
    • Like
    Reactions: dfgrendezvous

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,773
    113
    පරණ ටෙලි නාට්‍ය වලින්
    කඩුල්ල, ඳඩුබස්නාමානය, ඇල්ල ළඟ වලව්ව, අකාල සන්ධ්‍යා, දූ දරුවෝ, අඹු දරුවෝ.

    මෑත ටෙලි නාට්‍ය වලින්
    කූඹියෝ, සහෝදරයා, සුදු ඇඳගෙන කළු ඇවිදින්, ස්වයංජාත
     
    • Like
    Reactions: dfgrendezvous

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,773
    113
    යකෝ උඔලට ස්වයංජාත අමතක වෙලා.
    කරුවල ගෙදර අමතක වෙලා
    ගම් පෙරලිය අමතක වෙලා
    රම්‍ය සුරම්‍ය අමතක වෙලා.

    මටනම් බෙස්ට්ම ස්වයංජාත තමයි. ඒක තරම් මොකක්වත් ෆීල් වුනේ නෑ...
    ඇත්තමයි ස්වයංජාත පට්ට. පරම්පරා දෙක තුනක් දිවෙන ටෙලි නාට්‍ය පට්ට බං. අනූ ගනන් වල අග හරියේ ගියා අඹු දරුවෝ කියලා එකක් එකත් පට්ට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    අඩෝ අසනි වැසි කොහොමද ??
    සහ හිඟන කොල්ලා??

    මේකේ තියෙන ගොඩක් ඒවා හොඳයි.
    පරණ ටෙලිනාට්‍ය බලද්දි දැනුන ආතල් එක දැන් දැනෙන්නේ නෑ. සමහරවිට අපි වයසට ගිහින් නිසා වෙන්න ඇති.
    මට නම් කූඹියෝ බලද්දිත් ලොකු ආතල් එකක් නෑ
    අසනිවැසි කියන්නෙ නැටුම් කේස් එක නෙ ?
    මැම්බර් මහත්තයා කියලා පොරක් ඉන්නවා පොරගෙ පුතාට ඔනි වෙනවා දෙශීය නැටුම් බෙර ශිල්පය ඉගෙන ගන්න
    සුමින්ද සිරිසෙන තමා නැටුම් ගුරුන්නාන්සෙට ඉන්නෙ
     
    • Like
    Reactions: dfgrendezvous

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අසනිවැසි කියන්නෙ නැටුම් කේස් එක නෙ ?
    මැම්බර් මහත්තයා කියලා පොරක් ඉන්නවා පොරගෙ පුතාට ඔනි වෙනවා දෙශීය නැටුම් බෙර ශිල්පය ඉගෙන ගන්න
    සුමින්ද සිරිසෙන තමා නැටුම් ගුරුන්නාන්සෙට ඉන්නෙ

    ඔව්. සුමින්ද සිරිසේන ගේ රඟපෑම් එල.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,644
    14,290
    113
    කූඹියෝ කියන්නේ නම් මහලොකු එකක් නෙවෙයි මගේ මතයේ හැටියට.

    කඩුල්ල එහෙම බැලුවම ලංකාවේ සමාජයේ විකාශය ගැන documentry එකක් බැලුව වගේ. Next level.
     
    • Like
    Reactions: dfgrendezvous

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    තව එකක් තියෙනව මට නම මතක නැති කමෙන්ට් වලවත් නම වැටිල තිබුණෙ නෑ.

    කතාව ටිකක් අකාල සන්ධ්‍යා වගේ.
    ජීවකය, සහ මාරය කියල චරිත දෙකක් ජීවකයට ඉන්නෙ කමල් අද්දර ආරච්චි.
    ජීවිතයත් මරණයත් අතර පණ අදින ගෑනු කෙනෙක් වෙනුවෙන් ජීවකයගෙයි මාරයගෙයි සටන තමයි කතාවෙ යන්නෙ.

    Its called Wesmuhuna :). It has been uploaded to youtube by Teleview.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දඩුබස්නාමානය කියන්නේ ලංකාවේ බිහිවෙච්ච සුපිරිම එකක්.කුඹියෝ ,ගිණි අවි සහ ගිණි කෙලිත් මරු. අකාල සන්ද්‍යා හොඳයි හැබැයි කතාව යථාර්තයෙන් පොඩ්ඩක් බැහැර ගිය sci-fi තත්වයේ එකක්.මනොකායත් එහෙමයි.
    ගිණි අවි සහ ගිණි කෙලි නම් නැවැත්තුවේ මොකක් හරි බලපෑමක් නිසා.ඔය පොත් ලියපු මනුස්සයා පිටරටක ගිහිල්ලා ඉන්නේ මොකද මරණ තර්ජන නිසා.
    මිණි කිරණ කියලා එකක් ගියා මරු. මිණි ගං දෑල කියන එකත් වරදක් නෑ.
     
    • Like
    Reactions: dfgrendezvous

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපි නම් 92 දොරෙ .
    එත් අසූ ගණන් වල ගිය නාට්ටිත් අපිට මතක ඇති කාලෙත් ටෙලිවිෂන් එකෙ පෙන්නපු නිසා අපිටත් විචාරය කරන්න හැකියාවක් තියෙනවා .
    දොරෙ අසු පහට කලින් ඉපදුනු කෙනෙක් වගෙ.

    ප්‍රශ්නයක් අහන්නෙ දැනගන්න .
    ජේ ආර් සීයාව එහෙම මතක ඇති නෙ ?
    එතකොට ප්‍රෙමදාස උන්නැහේවත් මතක ඇති නෙ
    මෙ දෙන්නාගෙ යුගයන් වල මාධ්‍යේ හැසිරීම කොහොමද ?

    92 කියන්නේ 2002 වෙනකොට උබට අවුරුදු 10 යි ...සාමාන්යෙන් 90' තමයි golden age එක කියන්නේ ගොඩක් දේවල් වල ...blue film වල පවා ...අබ ගෙඩියක් ටිකෙන් ටික ඉදිලා රන්වන් පාට වෙලා හොදටම පැහිල හොදම රසය තියෙන අවස්ථාව වගේ ඊට පස්සේ ඉදිලා නරක් වෙලා යනව පණුවොන්ට කන්න ...එතකොට උබට touch වෙන්නේ 2000 න් පස්සේ දේවල් ...ඒවත් එක්ක තමයි උබේ මනස ගොඩනැගෙන්නේ ....අඩුම උබට අවුරුදු 15ක් වත් වෙන්න ඕනි සංසන්දනයක් කරන්න පවා ...එතකොට 2007 වෙලා ...එතකන් ඔයාට ඇහෙන්නේ ඉරජ්ල centigrade ල rap මෙගා නාට්‍ය අග මුල මැදක් නැති ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    92 කියන්නේ 2002 වෙනකොට උබට අවුරුදු 10 යි ...සාමාන්යෙන් 90' තමයි golden age එක කියන්නේ ගොඩක් දේවල් වල ...blue film වල පවා ...අබ ගෙඩියක් ටිකෙන් ටික ඉදිලා රන්වන් පාට වෙලා හොදටම පැහිල හොදම රසය තියෙන අවස්ථාව වගේ ඊට පස්සේ ඉදිලා නරක් වෙලා යනව පණුවොන්ට කන්න ...එතකොට උබට touch වෙන්නේ 2000 න් පස්සේ දේවල් ...ඒවත් එක්ක තමයි උබේ මනස ගොඩනැගෙන්නේ ....අඩුම උබට අවුරුදු 15ක් වත් වෙන්න ඕනි සංසන්දනයක් කරන්න පවා ...එතකොට 2007 වෙලා ...එතකන් ඔයාට ඇහෙන්නේ ඉරජ්ල centigrade ල rap මෙගා නාට්‍ය අග මුල මැදක් නැති ...

    ඔව් ඇරිත්මැටික් එක එක්ක සහ ජීව විද්‍යාත්මක තර්ක එක්ක ගත්තොත් ඔයාගෙ කතාව හරි .
    එත් මගෙ පොඩි කාලෙ ගැන කිව්වොත් ඒ වයසෙ ළමයෙක්ට වඩා වැඩි දෙවල් ගැන අවධානය යොමු කරාපු කෙනෙක්.කොටින්ම සාමාන්‍ය දැනිමෙන් උනත් මන් ටිකක් උඩින් හිටියෙ.
    ටයිටැනික් ෆිල්ම් එක ටී වී එකෙ මන් බලද්දි ඉස්කොලෙ තුන වසරෙ ඒ 2000 අවුරුද්දෙ.
    පාන්දර එකයි තිහ වෙනකන් ෆිල්ම් එක ගියා .

    2000 අවුරුද්දෙම ආපු දොන ඉසෙබලා නොහොත් ගජමන් නොනාවත් මට මතකයි .
    ජීවිතෙ කවියක් කියන නන්දා මාලනි ගායනා කරන ගීතයෙ පද පෙල අදටත් හිතෙ රැව් දෙනවා.
    ඇලපාත මුදලිගෙන් ගජමන් නොනා ආදරණිය කනෙ පාරක් කන සිද්ධිය අදටත් මතකයි .

    රනිල්ගෙ ආණ්ඩුව කාලෙ (2001) ලේට් නයිට් ටීවී කියලා ඉංග්‍රිසි ක්ලැසික් ෆැමිලි මූවීස් පෙන්නුව රූපවාහිනියෙ රෑ 12 න් පස්සෙ .

    ඒ වගෙම චරිත තුනක් කතාව .
    චරිත තුන පිළිවෙලින්

    කොකිලානෙ හෙනක් කොටන ඉසා
    පවුල කන්න ඉපදුනු සනා
    ඉගෙන ගෙන ඉස්කොලෙ මහත්තයෙක් වෙච්ච පවුලෙ බාල කොල්ලා (නම මතක නැහැ )

    කොච්චර පොඩි වයසක උනත් නිදිමරාගෙන ඇහි පියවෙන ගාණට
    පුකෙ අමාරුව නිසාම රැ 10 ට යන එක්ස් ෆයිල්ස් බලන්න ඉස්කොලෙ 8 වසරෙදි දීපු ගෙම අදටත් මතකයි .

    වයසට වඩා බුද්ධිමට්ටමක් තිබ්බ එකෙක් විදියට ඔය නාට්ටි වල රසය මට දැනුනා ( නාට්‍ය විචාරකයෙක් තරම් නම් නෙමෙ )
    වයසට වඩා වැඩ කරන උන් විවිධ ක්ෂෙස්ත්‍රවල උනත් දකින්ට පුළුවන් නෙ ?


    අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි.
    එක නිසා රූපවාහිනියෙ පෙන්නපු ගොඩාක් නාට්ටි අපි බැළුවා.
    ඩිස්කවරි චැනල් එක පවා පෙන්නුවා රූපවාහිනියෙ මතක ඇති .
    මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක ජන්ක් යාර්ඩ් (Junk Yard) .
    අර Teams දෙකකට බෙදලා (රතු නිල් විදියට ටීම් බෙදෙන්නෙ )
    එක එක සුන්බුන් ගොඩවල් වලින් කැලි අරගෙන නිර්මාණයක් කරන්න දෙන්නෙ .
    හොඳම නිර්මාණය දිනනවා .
    ඔන්න මගෙ මතකය .

    2000 න් පස්සෙ ඔය කියන සෙන්ට්‍රිග්‍රෙඩ් ලා ඉරාජ්ලා උඩ දාගත්තෙ සිරස ප්‍රෙක්ෂකයො .
    ඔව් මගෙ ඉස්කොලෙ මගෙ සොෂල් සර්කල් එකෙ යාළුවො ටික බැලුවෙ සිරසෙ ගිය දෙවල් නිසා මාත් ඒ රැල්ලට අහු උනා හබැයි ඉස්කොල ටයිම් එකෙ විතරයි
    එත් ගෙදරදි රූපවාහිනිය අපෙ ආධිපත්‍ය උනා .
    එක නිසා ඉරාජ්ලා සෙන්ට්‍රිග්‍රෙඩ් ලා ඉස්කොලෙ තියලා ගෙදරදි මගෙ පුරුදු රසවින්දනයට මන් අනුගත උනා.

    ඔය උඹ කියන අවුරුදු 15 දි මන් වැඩිපුර උවමනාවෙන්ම බැලුවෙ ආර්ට් ටී වී එකයි ඊ ටී වී එකයි .
    අන්තර්ජාලය නොමැති කාලෙ කතරක් වූ නව යොවුන් වියෙ පොපියන හැඟීම් වලට දිය පොදක් මෙන් සහනයක් උනෙ ඔය චැනල්ස් දෙක තමා .

    හැබැයි ඒ වෙද්දි සිරස කියන්නෙ ලාංකෙය තාඅරුණ්ය හා කාන්තාවො ටික ආක්‍රමණය කරලා ඉවරයි .
    උඹ ඔය කියන ඉරාජ්ල කොල්ලොටික අල්ල ගත්තා
    ශිහාන් මිහිරන්ගලා කෙල්ලො ටික අල්ල ගත්තා
    තුල්සිලා ප්‍රවිණලා චිත්තිලා අපෙ ගෙවල් වල අක්කලා අම්මලා ආක්‍රමණය කරා .

    ඉතිං මෙවන් ආක්‍රමණ මධ්‍යෙ මගෙ රසය පවත්වාගෙන යන්න ලොකු සටනක් දෙන්න උනා.
    කරුමෙකටද පෙර පිනකටද මන්දා අපෙ ගෙදර උන් එක්ක ඔය කසිකබල් ට්‍රෙන්ඩ්ස් වලට එන නිර්මාණ බැලුවත් එව්වා මට සෙට් උනෙම නැහැ.

    ඉතිං මට උඹට කියන්න තියෙන්නෙ වයසෙන් මනින්න එපා හැම එකම.
    මෙච්චර අත කඩාගෙන ලිව්වෙ ඒ කාරණාව ඒත්තු ගන්වන්න .