අඹුදරුවො කියලා නාට්ටියක් ගියා මතකද ?
මෙ සින්දු අහද්දිත් හිතට දැනෙන සහනය.
මෙ සින්දු අහද්දිත් හිතට දැනෙන සහනය.
1 to 1 කොපියක් නෙමෙයි
inspiration එක නං ඕකෙන් කියලා සමහර තැන් වලදි මට තේරිලා තියනවා
House of cards එකේ දෙන ගේම් එක්ක කූඹියෝ ලඟින් වත් තියන්න බැහැ
ඇත්තමයි ස්වයංජාත පට්ට. පරම්පරා දෙක තුනක් දිවෙන ටෙලි නාට්‍ය පට්ට බං. අනූ ගනන් වල අග හරියේ ගියා අඹු දරුවෝ කියලා එකක් එකත් පට්ටයකෝ උඔලට ස්වයංජාත අමතක වෙලා.
කරුවල ගෙදර අමතක වෙලා
ගම් පෙරලිය අමතක වෙලා
රම්‍ය සුරම්‍ය අමතක වෙලා.
මටනම් බෙස්ට්ම ස්වයංජාත තමයි. ඒක තරම් මොකක්වත් ෆීල් වුනේ නෑ...
අසනිවැසි කියන්නෙ නැටුම් කේස් එක නෙ ?අඩෝ අසනි වැසි කොහොමද ??
සහ හිඟන කොල්ලා??
මේකේ තියෙන ගොඩක් ඒවා හොඳයි.
පරණ ටෙලිනාට්‍ය බලද්දි දැනුන ආතල් එක දැන් දැනෙන්නේ නෑ. සමහරවිට අපි වයසට ගිහින් නිසා වෙන්න ඇති.
මට නම් කූඹියෝ බලද්දිත් ලොකු ආතල් එකක් නෑ
අසනිවැසි කියන්නෙ නැටුම් කේස් එක නෙ ?
මැම්බර් මහත්තයා කියලා පොරක් ඉන්නවා පොරගෙ පුතාට ඔනි වෙනවා දෙශීය නැටුම් බෙර ශිල්පය ඉගෙන ගන්න
සුමින්ද සිරිසෙන තමා නැටුම් ගුරුන්නාන්සෙට ඉන්නෙ
තව එකක් තියෙනව මට නම මතක නැති කමෙන්ට් වලවත් නම වැටිල තිබුණෙ නෑ.
කතාව ටිකක් අකාල සන්ධ්‍යා වගේ.
ජීවකය, සහ මාරය කියල චරිත දෙකක් ජීවකයට ඉන්නෙ කමල් අද්දර ආරච්චි.
ජීවිතයත් මරණයත් අතර පණ අදින ගෑනු කෙනෙක් වෙනුවෙන් ජීවකයගෙයි මාරයගෙයි සටන තමයි කතාවෙ යන්නෙ.
. It has been uploaded to youtube by Teleview.අපි නම් 92 දොරෙ .
එත් අසූ ගණන් වල ගිය නාට්ටිත් අපිට මතක ඇති කාලෙත් ටෙලිවිෂන් එකෙ පෙන්නපු නිසා අපිටත් විචාරය කරන්න හැකියාවක් තියෙනවා .
දොරෙ අසු පහට කලින් ඉපදුනු කෙනෙක් වගෙ.
ප්‍රශ්නයක් අහන්නෙ දැනගන්න .
ජේ ආර් සීයාව එහෙම මතක ඇති නෙ ?
එතකොට ප්‍රෙමදාස උන්නැහේවත් මතක ඇති නෙ
මෙ දෙන්නාගෙ යුගයන් වල මාධ්‍යේ හැසිරීම කොහොමද ?
92 කියන්නේ 2002 වෙනකොට උබට අවුරුදු 10 යි ...සාමාන්යෙන් 90' තමයි golden age එක කියන්නේ ගොඩක් දේවල් වල ...blue film වල පවා ...අබ ගෙඩියක් ටිකෙන් ටික ඉදිලා රන්වන් පාට වෙලා හොදටම පැහිල හොදම රසය තියෙන අවස්ථාව වගේ ඊට පස්සේ ඉදිලා නරක් වෙලා යනව පණුවොන්ට කන්න ...එතකොට උබට touch වෙන්නේ 2000 න් පස්සේ දේවල් ...ඒවත් එක්ක තමයි උබේ මනස ගොඩනැගෙන්නේ ....අඩුම උබට අවුරුදු 15ක් වත් වෙන්න ඕනි සංසන්දනයක් කරන්න පවා ...එතකොට 2007 වෙලා ...එතකන් ඔයාට ඇහෙන්නේ ඉරජ්ල centigrade ල rap මෙගා නාට්‍ය අග මුල මැදක් නැති ...