අන්න ඒක තමයි වැරැද්ද. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගන්න තිබ්බෙ.
mona pissuda ban. buskarayonge wenama system ekak thiyenawa. un polis karayinwa talk karagena inne. kohenhari alluwoth katha karala shape wenawaa. dadayakma wadunath eka shape karanna un innawa.
ඔය බස් වල මගින් යන හැමෝටම නෙමෙයි වැදගත් මිනිස්සුත් යනවා එත් සමහර එවුන් වාහන වල යන එවුන් එක්ක ඉරිසියයි බස් එක යන වාහනයක වද්දන් ගියත් උන්ට හරි සතුතුයි

බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ
ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ උන්ට ඔවෙර් ටෙක් කරන්න ලයිට් දදා එන්නේ අපි කානු වලට දාගන්න ඕන
ඒ උනාට හිතපන්කො බස් එක වැදුනා කියලා වාහනේක. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු ගන්නෙත් බස්කාරයගෙ පැත්ත.
------
Post added on Mar 20, 2021 at 8:06 PM
හපෝ ඔය හැත්ත නම් කතා කරලා වැඩක් නෑ බං.
රෑට යනකොට ලොරි කාරයෝ ඩිම් කරනවා. ඒත් ඔය දුර ගමන් බස් පක්කු ඩිම් කරන්නෙ නෑ.
මීටර් කීපයක් ඈතින් තියන හෝල්ට් එකේ නවත්තන්න ඕවටේක් කරලා යනවා.
වංගුවල ඕවටේක් කරනවා.
අපි උන්ව ඕවටේක් කරන්න යනකොට බස් එක ස්පීඩ් කරනවා.
පුදුම කාලකන්නි හැත්තක් තමයි.
මමත් වාහනේ ඇතුලෙ කුනුහරුප කිය කිය යන්නෙ. ලයිට් ඩිම් කරන්නෙ නෑ. දුර පාරවල් වල පාරේ වැරදි පැත්තෙන් කෙලගෙන එනවා අපි බහින්න ඕනෙ කාණුවට.
ඒ මදිවට ට්රැෆික් එකෙත් හෝන් ගහනවා ලයිට් ගහනවා පස්සෙන්. එහෙම කරලා එන්නෙත් නෑ හෝල්ට් වල නවත්තනවා.
------
Post added on Mar 20, 2021 at 8:09 PM
මේක උනේ මමයි යාලුවෙකුයි උගෙ කාර් එකේ වැඩට යද්දි. බස් කාරයෙක් වෙට්ටුවක් දාලා කාර් එකේ වද්දගෙන ඕවර්ටේක් කරලා ඇරලා ගියා. ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් එකක්. මගෙ යාලුවා එලවලා බස් එක හරස් කරලා නැවැත්තුවා.
ඊටපස්සෙ බස් එකේ කොන්දා ඩ්රයිවර්ටත් වඩා අර ස්ටාෆ් ට්රාන්ස්ෆොර්ට් උන් ආවෙ අපිත් එක්ක ගේම ඉල්ලන්න. අපිට කියනවා අපෝ ඕක ගරාජ් එකකට ගිහින් හදාගන්නලු. අරූට කිව්වා සල්ලි දෙන්න බැරි නම් පොලීසි යමු කියලා.
ඌ හරි කියලා එක පාර බස් එක ස්ටාර්ට් කරන් ගියා. අපි පොලීසියට ගියා ඒ ගමන් යාලුවා අඳුරන පොලිස් කාරයෙක්ට කියලා ඒ පොලීසියට කෝල් කෙරෙව්වා. ඊටපස්සෙ ඒ පොලීසියෙන් කම්පැනි එකට කතා කරලා බස් එකයි ඩ්රැයිවරුයි එවන්න කිව්වා.
මූ පැය තුන හතරක් යනකම් ආවෙ නෑ. දැන් අපි පොලීසියෙ වාත වෙනවා. එතන උන් කිව්වේ දැන් ආපුවම බස් එකයි මූවයි ඇරෙස්ට් කරමු කිය කිය. අන්තිමේ දවල් වෙලා මූ ආවා.
අපි අලාභෙ ඉල්ලුවා. එතන හිටපු පොලිස්කාරයෙක් සද්දෙ දැම්මා. ඊටපස්සෙ ඌ ගානක් දුන්නා.
පොලීසියෙන් අපිට යන්න කිව්වා. ඌට අවවාද කරන්න ඉන්න කිව්වා. මගෙ යාලුවට හෙන හැපි ඌ පොලීසියට උගෙ ඩීටේල්ස් දීලා ආවා.
අපි යනකොට ආයෙ ඌට අවවාද කරන කාමරේ ජනේලෙ ළඟින් යන්න ඕනෙ. අපිට ඇහුනා ඌට අවවාද කරනවා. "තමුසෙ ටිකක් කල්පනාවෙන් යන්න එපායැ පාරෙ. උන් දෙන්නා තදයෝ දෙන්නෙක් ඔය වගේ ගානක් දීලා බේරිච්ච එක ලොකු දෙයක්. මම් ඉතින් වැඩේ ශේප් කරේ ......... මහත්තයා කියපු හින්දා. මේක උසාවි දාන්න පුලුවන් කේස් එකක්" එච්චරයි ඇහුනෙ. පොලීසිය උගෙන් ගානක් ගන්නැති.
මගේ යාළ්Uවටත් සතියකින් කතා කරලා පිංකමකට මොනවද එවන්න කියලා තිබ්බා.
------
Post added on Mar 20, 2021 at 8:25 PM