ලංකාවේ දේශපාලනය කොයිබටද ?
2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස.
2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල පත්කරගන්න උදව් කරාට අද වෙද්දී ඒ සියල්ල පුස්සක් බවට පත්වෙලා. අවුරුදු පහක යහපාලනය අවසානයේ ඔප්පු කරා මහින්දගේ ආණ්ඩුව වගේම යහපාලනයට කර තියපු උන්දලා සෙට් එකත් පට්ට හොරු කියන එක.
විකල්පය කියාගෙන පට්ට සුදනෝ වගේ හිටපු ජවිපේත් අද වෙද්දී තමුන්ගේ වාසියට ඩීල් දමන්නන් බවට ඔප්පු වී හමාරයි. සුනිල් හඳුන්නෙත්ති කොර්ප් කමිටුව හරහා යම් යම් වැදගත් දේ සිදුකලත් එතනත් යම් යම් දේ මගහැරීම උදෙසා වංගු සහගත ස්භාවයක් පෙනේ නොපෙනේ. රනිල්ගේ අත්තනෝමතික පාලනය වෙනුවෙන් ජවිපේ තමුන්ගේ උපරිම බර දාල ගැහුවේ නෑ කියන එක ළදරුවෙකුට උනත් තේරුම්ගන්න පුළුවනි පහුගිය වසර පහ දිහා හැරිලා බැලුවාම.
අවසානයේ මුළු දේශපාලන සංහතියම තමුන්ට හෝ තමුගේ පක්ෂයට හෝ තමුන්ගේ නෑ සනුහරයේ පැවැත්ම වෙනුවෙන්ම පමණයි කියන එක ලෝකෙටම මේ වෙද්දී එළිවෙලා ඉවරයි..
ඝෝඨාභය ජනාධිපතිතුමා පත්වෙලා තවම මස කීපයක් නිසා ඒ ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි. ඒත් මේ ගතවෙච්ච මාස කීපයට පැහැදිලිවම පෙනෙන්න තියෙන එකම දේ නම් ලක්ස හැට නමයක චන්දදායකයින්ගේ අමුඩය අගමැති තුමා පහලට අදිද්දී ජනාධිපතිතුමා අසීරුවෙන් උඩට අදින ස්භාවයක්.
සියල්ල දිහා බැලුවාම ලංකාට මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවීමක් තියේවිද ?
රටේ සම්පත් හොරා කාපු එවුන්ට දඬුවම් ලැබේවිද?
රටේ මිනිස්සුන්ට දියුණුවක් වෙන්න ලැබේවිද ?