ලංකාවේ පට්ට මෝඩයෝ
අප්පා මේක කියන්නත් ලැජ්ජාවේ බැහැ.ලංකාවේ මෙහෙමත් පට්ට මෝඩයෝ ඉන්නවා කියල අදයි දැන ගත්තේ. මම අර රාවණ ගේ ගැන තියන බ්ලොග් එකට ගිය එක කියෝලා බැලුව හපොයි කියල වැඩක් නැහැ .පට්ටම බොරු කන්දක් ඇත්තම වගේ ලියල තියනවා.මිනිසුන්ට මේවා කොහොම ලියනවද මන්ද නයි ඉගිලෙනවා ඇති මේවා ලියන වෙලාවට.අනේ අතින් අපේ මෝඩ පැටව් ටික අනේ මර දේවල් තමයි අපේ ඉතිහාසේ තිබිල තියෙන්නේ කියල ජාතික අලෙ නිසා ඇත්ත කියල පිළිගෙන විකාර නටනවා.අපේ ඉතිහාසේ නැති දේවල් ලියල ඒ මනුස්සය දැකල වගේ.මේවා කියෝපුවම මට නම් පට්ට ට හිනා ගිය.මේකේ තිබ්බ ටොපික්ස් ටිකක් මම කියන්නම් කෝ.
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි
රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිවසේදීම තනාගන්න හැටි
රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි
රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි
9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.
පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකොටුවකි
මේවා දැක්කම උඹලට හිනා යන්නේ නැද්ද බන්.මේවා විශ්වාස කරලා අපේ මිනිස්සු දල තියන කොමෙන්ට් දැක්කම ඊට වැඩ පිස්සු හැදෙනවා.මට අපේ රට ගැන මර දුකක් ඇති උනා. අපේ රටේ මේවා විස්වාස කරන්න තරම් පට්ට මෝඩයෝ සෙට් එකක් ඉද්දි කොහොම රට දියුණු කරන්නේ කියල මර දුකක් ඇති උනා.අනේ මන්ද මිනිසුන්ට මේවා කොහොම පහදලා දෙන්නද කියල මේවා ගැන.මේක කියවල රාවණ අනුගාමිකයෝ මගේ රේප් කපල දානවා.කමක් නැහැ එකට .මචන් මම උඹලට කියන්නේ අපේ රටේ අපිට හොඳ අතීතයක් තිබ්බ එක ඇත්ත.අපිට ගොඩක් දක්ෂ රජවරු හිටිය බව ඇත්ත .එත් ජාතික හැඟීමෙන් මේ වගේ පට්ට බොරු විස්වාස කරන්න එපා .පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලන්න මොනවද මේ කියන්නේ කියල.