ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැසිය යුත&

ලංකාවේ පෞද්ගලික

  • ඔව්, අනිවා වැසිය යුතුයි

    Votes: 3 6.7%
  • නෑ, ඒවත් තිබිය යුතුයි

    Votes: 40 88.9%
  • අනේමන්දා බං

    Votes: 2 4.4%

  • Total voters
    45

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැසිය යුත&

    වර්තමාන ලංකාවේ අධ්‍යාපනය ඉතාමත් තරඟකාරී වෙලා තියෙන්නේ මේ පුද්ගලික විශ්ව විද්‍යාල ආවට පස්සේ. :yes: ඉතින් රජයේ විශ්ව විද්‍යාල වල අන්තරේ අයගේ ප්‍රධාන මාතෘකාවක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරනු! කියන දේ. :baffled:

    ඇත්තටම එහෙම කරන්න ඕනෙද? :confused: ඇයි මේ අය ඒක ප්‍රධාන කරගෙන කතා කරන්නේ? :confused:

    මම නම් කියන්නේ ඕනේ නෑ එහෙම. :yes: ගොඩක් රජයේ කැම්පස් යන අය හිතන්නේ. සල්ලි දුන්න ගමන් උඩින් පල්ලෙන් ගහලා degree දෙනවා කියලා. :no: ඒක නිසා ඩිග්රි කඩ කියලා හැමෝම කියනවා. නෑ එහෙම නෑ. මම කියන්නේ නෑ ඔක්කොම හොඳයි කියලත්. :yes: නමුත් SLIIT/NSBM/APIIT හා තවත් පිළිගත් ආයතන වල පිළිගත් system එකකට වැඩ කරන්නේ. :yes: fail කරන මනුස්සයව fail කරනවා ආයේ නිකන් යවන්නේ නෑ. A/L fail අයට certificate course කරන්න ඕනේ. ඒක fail නම් ඒත් degree කරන්න බෑ. :baffled: මන් දන්න තරමින් NSBM එකට එන ගොඩක් lecturers ලා රජයේ කැම්පස් වල lecturers ලා. papers බලන්නෙත් එයාලා. ඉතින් ගුණාත්මක භාවය අඩු කියන්නත් බෑ :yes:

    මේ අයගේ තර්ක වල ගැඹුරට යද්දී තේරෙන දේ තමයි උන් කියන්නේ තත්වෙන් බාල ගුණාත්මක නැති අධ්‍යාපනයක් ලබලා ක්ශේත්‍රයට ගිහින් කාගන්නවා කියලා. උදාහරණයක් විදියට මාලබේ වෛද්‍ය උපාධි දෙන තැන. ඔව් සමහර විට වෙන්න පුළුවන්.

    ඒත් උන් කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා. එක නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණයක් වගේ. :confused: එහෙම නෙවෙයි වෙන්න ඕනේ. අදාල ආයතනයේ ගුණාත්මක බාවය වැඩි කරන්න කියල බල කිරීම හෝ. එවැනි දේවල් වැලක්වීමට පියවර ගැනීමයි. නමුත් මොවුන් කියන්නේ වහන්න කියලා පුද්ගලික විශ්ව විද්‍යාල. ඒක වැරදි. මොකද ජීවිතය අතරමන් කරගන්නේ නැතුව තම අම්මගේ තාත්තගේ සල්ලි වලින් ආයේ පාරක් ජීවිතේ ජයගන්න බොහෝ දෙනා එනවා. ඒ හැමෝම සල්ලි කාරයෝ නෙවෙයි. අම්මලා ජීවිත කාලේ ඉතුරු කරපුවා වියදම් කරන්නේ තමන්ගේ දරුවා කවදාහරි සමාජයේ පිළිගත් මහත්මයෙක් කරන්නයි. පුද්ගලික විශ්ව විද්‍යාල වහන එකෙන් වෙන්නේ ඒකට ගරහන එක. :(

    සමහරු කියනවා ඒකෙන් සල්ලි නැති අයට අසාධාරණ වෙනවා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. අයි රජයේ කැම්පස් වහනවා කිව්වේ නෑනේ කව්රුත්? මම නම් කියන්නේ ඒකෙන් වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට වාසියක් කියල. මොකද අර ළමයි රජයේ කැම්පස් එන්න දඟලන්නේ නැති එකෙන් තව අයට අවස්ථාවක් ලැබෙනවා රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට.

    අපේ රටේ ළමයින්ගේ අනාගතේ තීරණය වෙන්නේ Z-score එකෙන්. ඉතින් දක්ෂතාව තියෙන කී දෙනෙක් දශමයකින් තම උසස් අධ්‍යාපනය අහිමි කරගන්නවද? ඒ අය නොවේද පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන්නේ? ඇයි ඒ අයට ගරහන්නේ?

    මම ඉස්කෝලේ යන කාලේ O/L යන්තම් පාස් වෙලා A/L උඩින්ම කැම්පස් ගිය අය ඕන තරම් දැකලා තියෙනවා. එතකොට A/L z-score එකෙන් දශමයක් නිසා රජයේ කැම්පස් එන්න බැරි අය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගියාම විතරක් ඇයි මේ කෑ ගහන්නේ?

    සමහර විට ඔබ නොදන්නවා ඇති? A/L S3ක් ගත්තා කියන්නෙත් A/L සමත් කියන එකම තමයි මචෝ. ඒ අයටත් උසස් අධ්‍යාපනය හදාරන්න අයිතියක් තියෙනවා. නමුත් ඒ හැමෝටම ලංකාවේ අධ්‍යාපනය ලබන්න විශ්ව විද්‍යාල නැති නිසයි හොඳම ටිකකට විතරක් යන්න පුළුවන් විදියට z-score හැදුවේ. අපි ප්‍රමිතියෙන් අඩු පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙමු. එතකොට ඒකට යන්න පෙළඹෙන්නෙත් නෑනේ කව්රුත්. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියා පුළුල් මාතෘකාවෙන් මිදෙමු. මොකද නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේම ඉගෙනගැනීම නොවේ, සෑම කෙනාටම අධ්‍යාපනය හැදෑරීමේ අයිතියයි. :yes:

    ඔබලාගේ අදහස් බලාපොරොත්තු වෙමි :)
    ජය!
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ දේ කියන්ඩ ඕනි මචන්,ගොඩක් උන් හිතන් ඉන්නේ පෞද්ගලික විශ්ව වි. වල යන උන් ලක්ෂ ගානක් සල්ලි වියදම් කරලා යන හින්දා උන්ට ඩිග්‍රිය නිකන්ම හම්බෙනවා කියලා..ඒක 100% වැරදියි මචන්.ඌත් මහන්සි වෙන්ඩ ඕනි ඒ දේ ලබා ගන්ඩ... :)

    කුහක වෙන්ඩ හොඳ නෑ මිනිස්සු,තව එකෙක් ඉගෙන ගන්නෙ ආසාවෙන්නම් දෙයක් ඒකට ඉඩ හදලා දෙන්ඩ ඕනි,ලංකාවේ Al වලින් පස්සේ හැමෝටම කැම්පස් යන්ඩ බෑනේ...A3 තිබිලත් බෑ...ඉතින් මේ දේ හැමෝම පිලිගන්ඩ ඕනි,රජයෙ නෙමේ මොකේ ගියත් වැඩ බැරි එකා ගෙදර..මොකද රජයෙ ඒවගෙ ගියා කියලා හැම ඒකාම ඩිග්‍රිය අරන් එලියට එන්නෙ නෑනේ නේද..?? :)

    ඉගෙන ගත්ත,මොලේ තියෙන එකා කුහක නෑ...ලංකාව තාම එකම තැනනම් ඒවට හේතු ඕවා තමා...පාගන් නැගිටෛන්ඩ හදන සමාජයක් මේක :)


    රෙප් මචන් උඹට 7* :)
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    "මේ අයගේ තර්ක වල ගැඹුරට යද්දී තේරෙන දේ තමයි උන් කියන්නේ තත්වෙන් බාල ගුණාත්මක නැති අධ්‍යාපනයක් ලබලා ක්ශේත්‍රයට ගිහින් කාගන්නවා කියලා. උදාහරණයක් විදියට මාලබේ වෛද්‍ය උපාධි දෙන තැන."


    මාලඹේ සයිටම් එකට ඔය ඔක්කොම කියන්නේ අන්තරේ සහ ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වල උන්නැහේලා විතරනේ බං..
    කවුද දන්නේ සයිටම් එකට ඔය කියන ඔක්කොම ඇත්තද නැද්ද කියලා...?
    උන් කන්න ඕන වුනාම කබරගොයා තලගොයා කරනවා වගේ කන්න ඕන නැති වුනාම තලගොයා කබරගොයා කරනවා.:frown::frown:

     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    "මේ අයගේ තර්ක වල ගැඹුරට යද්දී තේරෙන දේ තමයි උන් කියන්නේ තත්වෙන් බාල ගුණාත්මක නැති අධ්‍යාපනයක් ලබලා ක්ශේත්‍රයට ගිහින් කාගන්නවා කියලා. උදාහරණයක් විදියට මාලබේ වෛද්‍ය උපාධි දෙන තැන."


    මාලඹේ සයිටම් එකට ඔය ඔක්කොම කියන්නේ අන්තරේ සහ ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වල උන්නැහේලා විතරනේ බං..
    කවුද දන්නේ සයිටම් එකට ඔය කියන ඔක්කොම ඇත්තද නැද්ද කියලා...?
    උන් කන්න ඕන වුනාම කබරගොයා තලගොයා කරනවා වගේ කන්න ඕන නැති වුනාම තලගොයා කබරගොයා කරනවා.:frown::frown:


    ඒකනේ මචන් පටු වාසි අරමුණින් තමයි හැමෝම කෑ ගහන්නේ. ඕක ගැන කලින් කතා උනාම කිව්වේ දුප්පත් මිනිස්සුන්ට තැන නෑ කියල. එතකොට මෙච්චර කල් ලංකාවේ පුද්ගලික රෝහල් රජයේ රෝහල් තිබ්බා. කව්රුත් මුකුත් කිව්වද පුද්ගලික ඒවා නිසා දුප්පතාට තැන නෑ කියලා? නෑ එහෙම කියන්න ඕනේ නෑ. සල්ලි නැති මනුස්සයා රජයේ එකට යනවා කොහොමහරි.

    ඒ දේම තමයි මෙතනත් වෙන්නේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්රු කෑ ගැහුවත් private degree දෙන එක නවත්වන්න බැහැ කාටවත් දැන් 25yrs ඉදන් ලංකාවේ private degree දීල තිනව.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒකනේ මචන් පටු වාසි අරමුණින් තමයි හැමෝම කෑ ගහන්නේ. ඕක ගැන කලින් කතා උනාම කිව්වේ දුප්පත් මිනිස්සුන්ට තැන නෑ කියල. එතකොට මෙච්චර කල් ලංකාවේ පුද්ගලික රෝහල් රජයේ රෝහල් තිබ්බා. කව්රුත් මුකුත් කිව්වද පුද්ගලික ඒවා නිසා දුප්පතාට තැන නෑ කියලා? නෑ එහෙම කියන්න ඕනේ නෑ. සල්ලි නැති මනුස්සයා රජයේ එකට යනවා කොහොමහරි.

    ඒ දේම තමයි මෙතනත් වෙන්නේ.


    පුද්ගලිකයි කියන විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත එකෙක් තමයි දන්නේ ඒකේ දුක..
    පුද්ගලකයි කියන ඒවාට යන එවුන් ගෙවන බදුවලින්ම ඉගෙන ගෙන උන්ටම වලකපනවා මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල එවුන්.

    අන්තරේ එවුන් අනාතයි උන්ට සටන් පාඨ නැති වුනාම.උනුත් මේක අල්ලගෙන කැට හොලවනවා.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව


    මේ ඉන්නේ ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්න අනගි මෙහෙවරක් කරලා දැන් නැට්ට හිලේ ගහගෙන කටවහන් ඉන්න එකෙක්..:lol::lol::lol:කෝ වර..මොක මොකක් හරි කියපන් බං..:oo::oo:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම කැම්පස් ගිහින් නෑ බං.. ඉතිං මට ඕවට උත්තර දෙන්න බෑ..

    කැම්පස් යන්ඩම ඕනි නෑ බන් මේවට උත්තර දෙන්ඩ,නොගිය උන්ට තමා මේක සාධාරනව දකින්ඩ පුලුවන්, :)

    යන උන්ට ඕක නිකන් දේශපාලනෙ වගේ,එක පැත්තයි පේන්නේ.. :growl:
     
    • Like
    Reactions: dileeshakr

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රයිවට් හරි ගිහින් ඉගෙන ගන්න හදන්නේ ඒ පුද්ගලයා ඉගෙන ගන්න ආස නිසානේ.
    රජයේ කැම්පස් වලට සිලෙක්ට් නොවි ඕ ලේවල් වලින් ෆවුන්ඩේශන් ගහලා ප්‍රයිවට් උපාධි දාලා ජිවිතේ ලස්සනට අරන් යන කොච්චර අය ඉන්නවද?
    කුඩු ගහන්න නෙවෙයිනේ.
    ඉගෙනගෙන ජීව්තේ ගොඩ දාගන්නනේ ප්‍රයිවට් හරි කරන්නේ රජයේ කරන්න බැරි නිසා.
    එහෙනම් එච්චරයි.
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම කැම්පස් ගිහින් නෑ බං.. ඉතිං මට ඕවට උත්තර දෙන්න බෑ..

    පොඩ්ඩක් සමාජේ පැත්තෙන් හිතලා බලපන්. උඹේ ළමයෙක් ඉන්නවා නම් උඹ ට්‍රයි කරන්නේ කොහොමහරි ඒ ළමයට උගන්නවලා ගොඩ දාන්න නේද? :dull:
     
    • Like
    Reactions: akilar25

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ප්‍රයිවට් හරි ගිහින් ඉගෙන ගන්න හදන්නේ ඒ පුද්ගලයා ඉගෙන ගන්න ආස නිසානේ.
    රජයේ කැම්පස් වලට සිලෙක්ට් නොවි ඕ ලේවල් වලින් ෆවුන්ඩේශන් ගහලා ප්‍රයිවට් උපාධි දාලා ජිවිතේ ලස්සනට අරන් යන කොච්චර අය ඉන්නවද?
    කුඩු ගහන්න නෙවෙයිනේ.
    ඉගෙනගෙන ජීව්තේ ගොඩ දාගන්නනේ ප්‍රයිවට් හරි කරන්නේ රජයේ කරන්න බැරි නිසා.
    එහෙනම් එච්චරයි.

    :yes::yes::yes: rep+
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කව්රු කෑ ගැහුවත් private degree දෙන එක නවත්වන්න බැහැ කාටවත් දැන් 25yrs ඉදන් ලංකාවේ private degree දීල තිනව.

    :):):) කොහොමත් පුස් වෙඩිල්ලක් තමයි මචන් ඕක. උන් අරගල කරන්නේ රට දියුණු වෙන්න නෙවෙයි උන් රජවරු වෙලා අනිත් එවුන්ව තලලා දාන්න :)

    පුද්ගලිකයි කියන විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත එකෙක් තමයි දන්නේ ඒකේ දුක..
    පුද්ගලකයි කියන ඒවාට යන එවුන් ගෙවන බදුවලින්ම ඉගෙන ගෙන උන්ටම වලකපනවා මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල එවුන්.

    :yes::yes::yes:

    අන්තරේ එවුන් අනාතයි උන්ට සටන් පාඨ නැති වුනාම.උනුත් මේක අල්ලගෙන කැට හොලවනවා.

    :yes::yes:

    මේ ඉන්නේ ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්න අනගි මෙහෙවරක් කරලා දැන් නැට්ට හිලේ ගහගෙන කටවහන් ඉන්න එකෙක්..:lol::lol::lol:කෝ වර..මොක මොකක් හරි කියපන් බං..:oo::oo:

    :lol:

    O/L valin degree karannath puluwan ban
    namuth ekata venamama Diploma course ekak karanna one

    ඔව් මචන් පුළුවන්. ඒක පාස් නැත්තම් බෑ.

    lol sirawata, experiance eken kiyanne :lol::lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :):):) කොහොමත් පුස් වෙඩිල්ලක් තමයි මචන් ඕක. උන් අරගල කරන්නේ රට දියුණු වෙන්න නෙවෙයි උන් රජවරු වෙලා අනිත් එවුන්ව තලලා දාන්න :)



    :yes::yes:



    :lol:



    ඔව් මචන් පුළුවන්. ඒක පාස් නැත්තම් බෑ.



    :rolleyes::rolleyes::rolleyes:

    ou machan
    A/L hari 6 months+ Diploma ekak thiyenne one
    degree ekak karanna
    nathnam ba
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මාලබේ medical faculty එක ගැන කතාව වෙනම එකක් බං. ලංකාවේ ඕනේ තරං private degree දෙන තැන තියෙනවා එක එක ඒවට. මගේ නං කිසි අවුලක් නෑ. මොකද මොන උපාධි ගැහුවත් වැඩ බැරි එකා රස්සාව කරන්ඩ ගියහම කෙල කරගන්නවා. වැඩ පුළුවන් එකා කොහෙන් උපාධිය එක කරත් තමන්ගේ උත්සාහයෙන් ඉස්සරහට යනව. විශේෂයෙන් IT, engineering, buisness, law වගේ ඒව. ඕන කෙනෙකුට ගෙදර ඉඳන් උනත් ඒව ඉගෙනගන්න පුළුවන්. IT වගේ ඒවා නං උපාධි ඕනෙත් නෑ online tutorial වලින්ම ගොඩ දාගන්ඩ පුළුවන්. ඒ වුනාට දොස්තර කෙනෙක් හදන්ඩ බෑ බං එහෙම. එක තනිකරම ලැබෙන අත්දැකීමෙන්, ඉගෙනගන්න දේ සහ ඉගෙනගන්න තැන තියෙන පහසුකම් මතයි රඳා පවතින්නේ. අනික බාල උපාධියක් ගත්ත එකෙක් සෙල්ලං කරන්නේ කෙනෙක්ගේ ජීවිතේ එක්ක. (දැනටත් දොස්තරලා අතින් වැරදි නොවෙනවා නෙවේ. හැබැයි ඒව මිනිස්සු හැටියට වෙන අත්වැරදීම් මිසක් නොදැනුවත්කම හින්ද වෙනවා කියල කියන්ඩ අමාරුයි). දැනුම නැති කෙනෙක් ආවොත් තත්වේ තවත් බරපතලයි. අනික ඔකේ ඉන්න ඔක්කොම අය කැම්පස් යන්ඩ ලකුණු පොඩ්ඩක් අඩු වෙච්ච අයම නෙවේනේ. art කරලා s3 ගත්ත අයත් ඉන්නවලු (ඇත්තද දන්නේ නෑ).
    මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නව medical faculty වල. උන් කන කට්ට දැක්කම සිරාවටම දුකයි බං.අවුරුදු 5ක් ඉගෙනගෙන තව අවුරුද්දක් internship එකකුත් තියෙනවා. ඔක්ක්කොම අවුරුදු 6ක්:sorry:. මේ ඔක්කොම කරන්නේ බං එලියට එන දොස්තර හොඳටම සුදුසුකම් තියෙන එකෙක් කරන්ඩ. එකට සෑහෙන්ඩ බලපානවා බං තියෙන පහසුකම් සහ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම. අනිත් එක පුහුණුවේදී වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම සමාන කරන්ඩ බෑ බං ඔය private hospital එකක ගන්න අත්දැකීමට. කට කපල සෙනග අදින කොළඹ පාරවල් වල traffic අස්සේ දාඩිය පෙරාගෙන පොලිසියෙන් බැනුම් අහගෙන බස් එකක් එලවන එකෙක්ගෙයි highway එකේ AC බස් එකක් එලවන driver කෙනෙක් ගෙයි වෙනස හිතාගනින්කෝ. ඒ වගේ තමා. පුළුවන් නං ඔය අඩුපාඩු හදාගෙන ඕක ඉස්සරහට යනවා නං අවුලක් නෑ. හැබැයි ඕක මෙතනින්ම පාලනය කරේ නැත්තන් ඉස්සරහට හැම එකාම medical faculty පටන් ගනී. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉගෙන ගන්ඩ නිදහස තියෙනව. හැබැයි එක නුසුදුස්සෝ නුසුදුසු තැන් වලට පත් කරන එකක් වෙන්ඩ බෑ. අනිත් කොහාට පත් වුනත් දොස්තර කමට කොහොමත් බෑ. මොකද දොස්තර අතින් වැරද්දක් උනොත් වන්දි ගෙවන්ඩ වෙන්නේ ජීවිතෙන් හින්ද. හැබැයි ඔය අඩුපාඩු නැති කරගෙන මාලබේ medical faculty එක ගොඩ යනවා නං මාත් කැමතියි:lol::lol: