ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැසිය යුත&
වර්තමාන ලංකාවේ අධ්‍යාපනය ඉතාමත් තරඟකාරී වෙලා තියෙන්නේ මේ පුද්ගලික විශ්ව විද්‍යාල ආවට පස්සේ.
ඉතින් රජයේ විශ්ව විද්‍යාල වල අන්තරේ අයගේ ප්‍රධාන මාතෘකාවක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරනු! කියන දේ. 
ඇත්තටම එහෙම කරන්න ඕනෙද?
ඇයි මේ අය ඒක ප්‍රධාන කරගෙන කතා කරන්නේ? 
මම නම් කියන්නේ ඕනේ නෑ එහෙම.
ගොඩක් රජයේ කැම්පස් යන අය හිතන්නේ. සල්ලි දුන්න ගමන් උඩින් පල්ලෙන් ගහලා degree දෙනවා කියලා.
ඒක නිසා ඩිග්රි කඩ කියලා හැමෝම කියනවා. නෑ එහෙම නෑ. මම කියන්නේ නෑ ඔක්කොම හොඳයි කියලත්.
නමුත් SLIIT/NSBM/APIIT හා තවත් පිළිගත් ආයතන වල පිළිගත් system එකකට වැඩ කරන්නේ.
fail කරන මනුස්සයව fail කරනවා ආයේ නිකන් යවන්නේ නෑ. A/L fail අයට certificate course කරන්න ඕනේ. ඒක fail නම් ඒත් degree කරන්න බෑ.
මන් දන්න තරමින් NSBM එකට එන ගොඩක් lecturers ලා රජයේ කැම්පස් වල lecturers ලා. papers බලන්නෙත් එයාලා. ඉතින් ගුණාත්මක භාවය අඩු කියන්නත් බෑ 
මේ අයගේ තර්ක වල ගැඹුරට යද්දී තේරෙන දේ තමයි උන් කියන්නේ තත්වෙන් බාල ගුණාත්මක නැති අධ්‍යාපනයක් ලබලා ක්ශේත්‍රයට ගිහින් කාගන්නවා කියලා. උදාහරණයක් විදියට මාලබේ වෛද්‍ය උපාධි දෙන තැන. ඔව් සමහර විට වෙන්න පුළුවන්.
ඒත් උන් කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා. එක නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණයක් වගේ.
එහෙම නෙවෙයි වෙන්න ඕනේ. අදාල ආයතනයේ ගුණාත්මක බාවය වැඩි කරන්න කියල බල කිරීම හෝ. එවැනි දේවල් වැලක්වීමට පියවර ගැනීමයි. නමුත් මොවුන් කියන්නේ වහන්න කියලා පුද්ගලික විශ්ව විද්‍යාල. ඒක වැරදි. මොකද ජීවිතය අතරමන් කරගන්නේ නැතුව තම අම්මගේ තාත්තගේ සල්ලි වලින් ආයේ පාරක් ජීවිතේ ජයගන්න බොහෝ දෙනා එනවා. ඒ හැමෝම සල්ලි කාරයෝ නෙවෙයි. අම්මලා ජීවිත කාලේ ඉතුරු කරපුවා වියදම් කරන්නේ තමන්ගේ දරුවා කවදාහරි සමාජයේ පිළිගත් මහත්මයෙක් කරන්නයි. පුද්ගලික විශ්ව විද්‍යාල වහන එකෙන් වෙන්නේ ඒකට ගරහන එක. 
සමහරු කියනවා ඒකෙන් සල්ලි නැති අයට අසාධාරණ වෙනවා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. අයි රජයේ කැම්පස් වහනවා කිව්වේ නෑනේ කව්රුත්? මම නම් කියන්නේ ඒකෙන් වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට වාසියක් කියල. මොකද අර ළමයි රජයේ කැම්පස් එන්න දඟලන්නේ නැති එකෙන් තව අයට අවස්ථාවක් ලැබෙනවා රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට.
අපේ රටේ ළමයින්ගේ අනාගතේ තීරණය වෙන්නේ Z-score එකෙන්. ඉතින් දක්ෂතාව තියෙන කී දෙනෙක් දශමයකින් තම උසස් අධ්‍යාපනය අහිමි කරගන්නවද? ඒ අය නොවේද පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන්නේ? ඇයි ඒ අයට ගරහන්නේ?
මම ඉස්කෝලේ යන කාලේ O/L යන්තම් පාස් වෙලා A/L උඩින්ම කැම්පස් ගිය අය ඕන තරම් දැකලා තියෙනවා. එතකොට A/L z-score එකෙන් දශමයක් නිසා රජයේ කැම්පස් එන්න බැරි අය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගියාම විතරක් ඇයි මේ කෑ ගහන්නේ?
සමහර විට ඔබ නොදන්නවා ඇති? A/L S3ක් ගත්තා කියන්නෙත් A/L සමත් කියන එකම තමයි මචෝ. ඒ අයටත් උසස් අධ්‍යාපනය හදාරන්න අයිතියක් තියෙනවා. නමුත් ඒ හැමෝටම ලංකාවේ අධ්‍යාපනය ලබන්න විශ්ව විද්‍යාල නැති නිසයි හොඳම ටිකකට විතරක් යන්න පුළුවන් විදියට z-score හැදුවේ. අපි ප්‍රමිතියෙන් අඩු පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙමු. එතකොට ඒකට යන්න පෙළඹෙන්නෙත් නෑනේ කව්රුත්. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියා පුළුල් මාතෘකාවෙන් මිදෙමු. මොකද නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේම ඉගෙනගැනීම නොවේ, සෑම කෙනාටම අධ්‍යාපනය හැදෑරීමේ අයිතියයි.
ඔබලාගේ අදහස් බලාපොරොත්තු වෙමි
ජය!

. මේ ඔක්කොම කරන්නේ බං එලියට එන දොස්තර හොඳටම සුදුසුකම් තියෙන එකෙක් කරන්ඩ. එකට සෑහෙන්ඩ බලපානවා බං තියෙන පහසුකම් සහ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම. අනිත් එක පුහුණුවේදී වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම සමාන කරන්ඩ බෑ බං ඔය private hospital එකක ගන්න අත්දැකීමට. කට කපල සෙනග අදින කොළඹ පාරවල් වල traffic අස්සේ දාඩිය පෙරාගෙන පොලිසියෙන් බැනුම් අහගෙන බස් එකක් එලවන එකෙක්ගෙයි highway එකේ AC බස් එකක් එලවන driver කෙනෙක් ගෙයි වෙනස හිතාගනින්කෝ. ඒ වගේ තමා. පුළුවන් නං ඔය අඩුපාඩු හදාගෙන ඕක ඉස්සරහට යනවා නං අවුලක් නෑ. හැබැයි ඕක මෙතනින්ම පාලනය කරේ නැත්තන් ඉස්සරහට හැම එකාම medical faculty පටන් ගනී. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉගෙන ගන්ඩ නිදහස තියෙනව. හැබැයි එක නුසුදුස්සෝ නුසුදුසු තැන් වලට පත් කරන එකක් වෙන්ඩ බෑ. අනිත් කොහාට පත් වුනත් දොස්තර කමට කොහොමත් බෑ. මොකද දොස්තර අතින් වැරද්දක් උනොත් වන්දි ගෙවන්ඩ වෙන්නේ ජීවිතෙන් හින්ද. හැබැයි ඔය අඩුපාඩු නැති කරගෙන මාලබේ medical faculty එක ගොඩ යනවා නං මාත් කැමතියි