ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..

    ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මගේ අම්බෝ උඹට හිතෙන දේවල්.....මට පිස්සු වගේ උඹේ comment එක කියවල.
    තව යුද්ද කීයක් කරන්න වෙයිද දන් නැ ඉස්සරහට ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

    :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පක්ෂ අදහන එකනම් ප්‍රශ්නයක් තමයි.. ඒත් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න පුළුවන් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑනේ.. ජනාධිපති විතරක් වෙනස් වුනාට වැඩක් නෑනේ පාර්ලිමේන්තුවේ සහය ලැබුනේ නැත්තම්.. එන කෙනෙක්ට ඔය දෙකෙන් එකකින් තමා එන්න වෙන්නෙ..:sorry: දැන් තියෙන විදිහට ලංකාවේ මහින්දට දෙන අය හිතන්නේ රනිල් හදන්නේ රට බෙදන්න.. මහින්ද හදන්නේ රට එක්සේසත් කරන්න කියලා.. ජාතිය බේර ගනියි, රට භෞතික වශයෙන් සංවර්ධනය කරයි කියලා... මහින්දව විකිනෙන ප්‍රධාන පොයින්ට් එක එකනේ.. මහින්දත් වෙන අය වගේම යුද්දේ ඉතුරු කරලා ගියානම් ඒ නමට කවුරුත් දෙන්නේ නෑ.. ඇමෙරිකන් ට්‍රම්ප්ට දුන්න අය හිතන්නේ හිලරි හදන්නේ රට මුස්ලිම් අයටයි මෙස්සිකන් අයටයි දෙන්න කියලා.. වෝල් එකක් හදලා සබ්හාදක දාලා වෙන ජාති වල මිනිස්සු ඇමෙරිකාවට එන එක නවත්තයි කියලා... චන්ද කාලෙට ඔය ටිකමනේ ඇද ගත්තේ... රනිල්ට දෙන අය හිතන්නේ ආර්ථිකේ ගොඩ දායි.. අධ්‍යාපනේ හදයි.. ජාතින් අතර සමගිය ඇති කරයි .. මානව හිමිකම් සුරකියි කියලා.. හිලරිට දෙන අය හිතන්නේ හැම ජාතියකටම එක තැන ලැබෙයි. ජාතිවාදේ ක්‍රිස්ටියන් පුරුදු අත ඇරලා මිනිසුන්ගේ අයිතීන් වැඩි කරයි කියලා.. තව Democratic ල කියනවා නොමිලේ සෞක්‍ය සේවය දෙනවා කියලා.. ඒත් අපේ රජයෙන් ගොඩක් දේවල් දැනටමත් නොමිලේ දෙන නිසා අපිට ඒ දේවල් වලට බෙදෙන්න හෙතුවක් නෑ. දැන් අපෙන් සෞක්‍ය සේවයටයි අධ්‍යාපනයටයි සල්ලි ගන්න ගත්තනම් අපිටත් රණ්ඩු වේවි ඉන්න තිබ්බ මේගොල්ලෝ මේවා දෙනවා ඔයගොල්ලෝ දෙන්නේ නෑනේ කියලා

    මැදටම ගිහයම ඔක්කොම මිනිස්සු එකයි.. බෙදෙන හේතු ටික විතරයි චුට්ටක් වෙනස් වෙන්නෙ.. අමෙරිකාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන අපේක්ෂකයන්ට චන්දෙ දිදී ඉන්නවා මිසක් වෙන එකකට යන්නේ නෑ නේද? ගිය සැරේ දෙන්නම හොඳ නෑ කිව්වට අන්තිමට ඒ දෙන්නටමනේ දීලා තිබ්බේ..

    2015 දී කාර් අඩු කරනවා කියල කියපු පචේ බලන්න.. චන්ද කියක් කඩා ගත්තද දන්නේ නෑ එකෙන් විතරක්.. :( :dull:

    බෙදෙන හේතු සැහෙන්න වෙනස්....

    ඇමරිකාවේ මිනිස්සුන්ට හොද කතිකාවතක් ඇති කරන්ගෙන රට සම්පුර්ණ සම්පුර්ණ සමාජවාදී රටක් කරගන්න පුළුවන් , එහෙම නැත්තන් ධනවාදයේ අන්තෙටම උනත් යන්න පුළුවන්...

    ප්‍රබල බලවේග දෙක political ideology අන්ත දෙකක ඉන්නකොට තියන වාසිය ඒකයි..

    උබ කියල තියන දේවල් නිසා රනිල්ට, මහින්දට චන්දෙ දෙන උන් ඉන්නවා තමයි.. එත් උබම කියනවනේ ඔය දෙන පොරොන්දු ඉෂ්ට කරලා නෑ කියල..

    බුද්දිමත් මිනිස්සු කොටසක් හිතුව රනිල්ගේ උගත්ම , ජාත්‍යන්තර සම්බන්දතා නිසා මිනිහට බලය ලැබුනොත් රට දියුණු වෙයි කියල...

    ඒවගේම තරමක් බුද්දිමත් තවත් කොටසක් හිතුව ජාතික ආරක්ෂාව තමයි වැදගත්ම දේ, ඒක රකි කියල හිතන්න පුළුවන් මහින්දට බලය දෙන්න ඕනේ කියල..

    නමුත් රනිල් ආව කියල ආර්ථිකේ දියුණු උනාද ? ජාතික ආරක්ෂාව නැති උනාද ?
    බුද්දිමත් මිනිස්සු මේ පක්ෂ/නායකයෝ බෙදපු නිර්ණායක දෙකම ප්‍රයෝගිකව ක්‍රියාත්මක උනේ නෑ...., ප්‍රයෝගිකව ක්‍රියාත්මක උනා නම් රනිල හිටිය කාලය ඇතුලට ලංකාව පට්ට විදියට සන්වර්දනයත් වෙලා , රටෙන් කෑල්ලකුත් කැඩිලා ගිහිල්ල තියෙන්න ඕනේ..

    ඔය ප්‍රශ්නේ එන්න හේතුව තමයි පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන වීම හා තියන එකම වෙනස්කම චන්ද කාලෙට එන බයිලාවන් පමණක් වීම...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..

    ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.
    ගොබ්බ කතා කියන්න එපා...
    ආගම් අනුව රටවල් පාලනය කරන්න බෑ
    බුද්ද , ජේසු හිටපු කාලේ සමාජේ ගොඩක් සරලයි....
    ඒ කාලේ නම් ඕව apply කරන්න පුළුවන්...

    බුදු දහම අනුව නම් රට පාලනය කරන්නේ, නිතිය ක්‍රියාත්මක කිරීම පවා නවත්තන්න ඕනේ..:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොබ්බ කතා කියන්න එපා...
    ආගම් අනුව රටවල් පාලනය කරන්න බෑ
    බුද්ද , ජේසු හිටපු කාලේ සමාජේ ගොඩක් සරලයි....
    ඒ කාලේ නම් ඕව apply කරන්න පුළුවන්...

    බුදු දහම අනුව නම් රට පාලනය කරන්නේ, නිතිය ක්‍රියාත්මක කිරීම පවා නවත්තන්න ඕනේ..:rolleyes:

    බුදුදහම යනු දර්ශනයකි.බෞද්ද දර්ශණයයි, බුද්දාගමයි 2කි .දර්ශණයකට අනුව රට පාලනය කිරිම කල හැක්කකි.නීතියට හිස නෑමීම බුදුරදුන් අනුමතයි .එය බෞද්ද දර්ශනයයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුදහම යනු දර්ශනයකි.බෞද්ද දර්ශණයයි, බුද්දාගමයි 2කි .දර්ශණයකට අනුව රට පාලනය කිරිම කල හැක්කකි.නීතියට හිස නෑමීම බුදුරදුන් අනුමතයි .එය බෞද්ද දර්ශනයයි

    මමත් අදහස් කරේ දර්ශනේ තමයි...
    දර්ශනේ උනත් මිට අවුරුදු 2500 කට කලින් හිටපු ප්‍රථමික සමාජයට ගැලපෙන්න හදපු එකක්, එක දැන් apply කරන්න බෑ..
    කොටින්ම මිට අවුරුදු 150 කට විතර ඉසෙල්ලා හදුන මාර්කස් වාදයත් දැන් apply කරන්න බෑ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ඉහල මද්යම පාන්තිකයො ! ඒත් ඒගොල්ලො හිතන්නෙ අපි දනපති පන්තිය කියල ! ඉතින් ධනපති පන්තියට එන අනතුර තමන්ට එන අනතුරක් විදිහට දැකල ධනවාදයට පක්ශව වැඩ කරනව !

    e kiyanne lankawa diyunu ratak :rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?

    ධනවාදය අසමානව සමාජයතුල ධනය බෙදාඇත , සමාජවාධය සමානව සමාජයතුල දුප්පත්කම බෙදා ඇත ...:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ධනවාදය අසමානව සමාජයතුල ධනය බෙදාඇත , සමාජවාධය සමානව සමාජයතුල දුප්පත්කම බෙදා ඇත ...:angry:

    දුප්පත්කම කියන්නේ සාපේක්ෂ දෙයක්...

    සාමාන්‍ය ආදායම 100ක් වෙන සමාජෙක 10ක ආදායමක් ලබන කෙනා දුප්පත්..
    එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    දුප්පත්කම කියන්නේ සාපේක්ෂ දෙයක්...

    සාමාන්‍ය ආදායම 100ක් වෙන සමාජෙක 10ක ආදායමක් ලබන කෙනා දුප්පත්..
    එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ.

    එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ. නමුත් ඒ සමාජයම දුප්පත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එත් සාමාන්‍ය ආදායම 50ක් වෙන සමාජෙක 40ක ආදායමක් ලබන කෙනා දුප්පත් නෑ. නමුත් ඒ සමාජයම දුප්පත්

    ඉතින් මොකද්ද ප්‍රශ්නේ!

    කෑම , ඉන්න තැනක් , ආරක්ෂාව තියනවා නම් ඊට වඩා දෙයක් ඕනේ නෑ..

    ඊට අමතරව අවශ්‍ය හැම දේම පරිබෝජනවාදයේ නිර්මාණ...

    මොනා ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නෑ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..

    මගේ අම්මෝ...... යන්තං උඹ එක්ක එකඟවෙන්න පුලුවන් කතාවක් කිව්වා... උඹ හරි. සමාජවාදය ජීවිතේට හරියන දෙයක් නෙමෙයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජවාදය බුදුදහමට පටහැනියි.ලෝක පාලක ධර්මයක් වන කර්ම නියාමයට පටහැනියි.සොබදහමේ රිද්මයට පින් පව් වලට පටහැනියි.ජෙබ්බෝ බුදුහාමුදුරන්ට සමාජවාදි ලේබලය ඇලෙව්වට උන්වහන්සේ සමාජවාදියෙක් නෙමේ.සාධාරනය ,පින් පව් දැනගෙන ඒ අනුව කටයුතු කිරිම තමයි උන්වහන්සේ සමාජගත කලේ (සමාජමය වශයෙන් )උන්වහන්සේ කොහෙවත් කියලා නෑ රාජපාලනය වැරදියි කියලා..

    ධනවාදය පින් පව් නියාම වලට අනුකූලයි .මෙතන වෙන්නේ පෙර පින් තිබුනු අයට පින් පඩිසන් දීම .මේකට සුද්දා දීපු නම ධනවාදය ... සමාජවාදී ජනරජය වශයෙන් මේ රට හැදින්වීම වැරදියි. ශ්‍රිලoකා ප්‍රජාතාන්ත්‍රික බෞද්ධ දර්ශණවාදී ජනරජය ලෙස වෙනස් වුනොත් හොදයි.

    සමාජවාදියෙක් නොවෙමි. ඒත් උඹේ තර්කෙ වැරදියි. බුදු දහමෙ කොහෙවත් කියල නෑ කර්මය තිබ්බ කියල මිනිස්සු විඳවන්න ඕනෙ කියල. ඔය තර්කෙට අනුව මනුස්සයෙක් කන්න නැතුව ඉන්නවනං ඒක වෙලා තියෙන්නෙ ඒ මනුස්සය කරපු පවක් නිසා නං ඒ මනුස්සයට බත් වේලක් දෙන එකත් කර්මයට පටහැනි නිසා වැරදියි.

    කර්මය නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන එකත් වැරදියි. මනුස්සයෙක් ගිලෙන්න යනවනං එල්ලෙන්න මොනා හරි දාන එකත් වැරදියි ගිලෙන්න යන්නෙ කරුමෙටද දන්නෑනෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ!

    කෑම , ඉන්න තැනක් , ආරක්ෂාව තියනවා නම් ඊට වඩා දෙයක් ඕනේ නෑ..

    ඊට අමතරව අවශ්‍ය හැම දේම පරිබෝජනවාදයේ නිර්මාණ...

    මොනා ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නෑ...

    ධනවාදී හෝ අර්ධ-ධනවාදී අර්ධ ධනවාදී (අපි වැනි සුබසාධන රාජ්‍ය) වලදී ඔබ ඉහත පවසන සියල්ල ලබාගැනීමට ධනය මුලිකාවේ ....

    එසේ නොමැති ධනවාදයට විකල්ප ලෙස ගෙනෙන අනිකුත් සියලුම අර්ථක්‍රම වලදී ධනවාදය විසින් මිනිස් ජිවිත වලට උරුම කරනවාට වඩා බොහෝ බයානක සීමාකිරීම හා අසහකාරී තත්වයන් අවසානයේ ඉතිරිකරයි.

    එසේ නොවන්නේනම් උදාහරණ සහිතව පැහැදිලි කරන්න ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමාජවාදියෙක් නොවෙමි. ඒත් උඹේ තර්කෙ වැරදියි. බුදු දහමෙ කොහෙවත් කියල නෑ කර්මය තිබ්බ කියල මිනිස්සු විඳවන්න ඕනෙ කියල. ඔය තර්කෙට අනුව මනුස්සයෙක් කන්න නැතුව ඉන්නවනං ඒක වෙලා තියෙන්නෙ ඒ මනුස්සය කරපු පවක් නිසා නං ඒ මනුස්සයට බත් වේලක් දෙන එකත් කර්මයට පටහැනි නිසා වැරදියි.

    කර්මය නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන එකත් වැරදියි. මනුස්සයෙක් ගිලෙන්න යනවනං එල්ලෙන්න මොනා හරි දාන එකත් වැරදියි ගිලෙන්න යන්නෙ කරුමෙටද දන්නෑනෙ.

    නියාම ධර්ම පහක් තියනවා ලෝකෙ මෙහෙයවන. කර්මය ඉන් එකක් විතරයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමත් අදහස් කරේ දර්ශනේ තමයි...
    දර්ශනේ උනත් මිට අවුරුදු 2500 කට කලින් හිටපු ප්‍රථමික සමාජයට ගැලපෙන්න හදපු එකක්, එක දැන් apply කරන්න බෑ..
    කොටින්ම මිට අවුරුදු 150 කට විතර ඉසෙල්ලා හදුන මාර්කස් වාදයත් දැන් apply කරන්න බෑ...

    මාක්ස්වාදයනම් කවදත් ඇප්ලයි කරන්න බෑ.මොකද බොරුවක් නිසා..මේ පල්ලෙහා තියන දේවල් apply කරන්න බැරි ඇයි?අද සමාජෙට ගලපලා වෙනස්කරලා ඇප්ලයි කරන්න පුලුවන් :yes:

    නව විවස්ථාවක් සම්පාදනය කර රටේ නම වෙනස් කර බෞද්ධ දර්ශණය තුල පවතින දෑ වලින් විවස්තාව විසින් පිලිගෙන ඇති කරුණු මොනවාද යන්න සියලු ලක්වාසින්ට හෙලි කල යුතුය .මීට දස සක්විති වත් , දස රාජ ධර්ම ,සප්ත අපරිහාණි ධර්ම ආදී කරුණු ඇතුල් කල හැකිය.මේවායින් කිසිදු ආගමකට ජාතියකට අවැඩක් සිදු නොවේ .එමෙන්ම මෙම කරුණු කඩ කල යම් රාජ්ය පාලකයෙක් සිටිනම් ඔහු විවස්තාව කඩකල අයෙක් ලෙස සලකා දෝෂාභියෝග.විශ්වාසභoග හරහා නීත්යානුකූලව කටයුතු කල යුතුය . මෙයට වත්මන් අගරදගුරු විරුද්ද නොවන බව ඉර හද මෙන් විශ්වාසය ...

    මේ හා සමාන අන් ආගමික මුල් ග්රන්තවල/දර්ශණවල පවතින යහපත් කාරණාද විවස්තාවට ඇතුල් කිරිමෙන් අන්යාගමික අන්තවාදීන්ගේ විරෝදතා වලින්ද ගැලවිය හැක .

    සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාඨක වර්ගයට අයත් “චක්කවත්ති - සීහනාද” සූත්රයෙහි ය. එහි සඳහන් කර ඇති අන්දමට චක්ර රත්නය පහළ වීමෙන් සක්විති රජයට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත තැනැත්තායි. ඒ ඇති කර ගත යුතු දස සක්විති වත් මෙලෙස සඳහන් කළ හැකිය.

    01. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං)
    02. රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු)
    03. රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු) (වත්මනේ රාජ්ය පාලනයක් නොමැති බැවින් මෙම වාක්ය " සියලු දේශපාලකයන් කෙරෙහිද " ලෙස වෙනස් කල හැක .මේ පරිද්දෙන්ම ඉතුරු පහත සියලු කරුණුද වර්තමානයට අනුව සoශෝධනය කල හැක.
    04. රාජ්ය තන්ත්රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු)
    05. රටෙහි වෙසෙන බ්රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්රාහ්මණ ගහපතිකේසු)
    06. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු)
    07. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්රාහ්මණෙසු)
    08. මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද,
    09. තමන්ගේ රජයෙහි අධර්මක්රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද,
    10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, මේ දස කරුණු චක්රවර්තී වත් යනුවෙන් හැඳින්වයි.

    මහා පරිනිබ්බාන” සූත්රයෙන් සප්ත අපරිහානිය ධර්ම වශයෙන් දක්වා තිබේ. එම ධර්ම ඔවුන් අතර දිගු කලක සිට පැවති ඒවා නොව ඔවුන් අනුගමනය කරන්නේ නම් යහපත් බව බුදුන් වහන්සේ විසින් ඔවුන්ට උගන්වන ලද ඒවාය. ඒවායින් පළමු වැන්න නම්:
    1. නිතර නිතර රැස්වීම
    2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
    3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම.
    4. වැඩිහිටියන්ට ගරු කිරීම.
    5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම.
    6. සම්ප්රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම.
    7. පිටතින් පැමිණි ශ්රමණ බ්රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම.

    මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්ර රාජ්ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. බුදු දහමෙහි එන චක්රවර්තී ධර්මය හා පැරැණි සිංහල රජවරු දස රාජ ධර්මය හා සතර සංග්රහ වස්තුව ගරු කරමින් දාන, සීල, භාවනාහි නිරතව ක්රියා කළ අයුරු වෙස්සගිරි ලිපියෙහි සඳහන් වී ඇත.
    සතර සංග්රහ වස්තු හේතුකොට ගෙන යහපත් පවුල් පරිසරයක්, යහපත් සමාජ රටාවක් ආයතනයක් රටක් නිර්මාණය කර ගැනීමට හැකිවේ

    දානය
    සංග්රහ වස්තුවල පළමු සංග්රහ වස්තුව වන්නේ දානයයි.

    පි්රය වචනය
    දෙවන සංග්රහ වස්තුව වන්නේ පි්රය වචනයයි

    අර්ථ චර්යාව
    සතර සංග්රහ වස්තූන්ගේ තෙවන සංග්රහ වස්තුව වන්නේ, අර්ථචර්යාව යි. මින් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා ගේ අභිවෘද්ධියට, දියුණුවට හේතුවන ආකාරයට කටයුතු සැළසීමයි. රාජ්ය පාලන ධර්මයක් වශයෙන් ගන්නේ නම් මෙයින් අදහස් කරනු ලබන්නේ රට වැසියන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්ය කරන මඟපෙන්වීම හා සම්පත් ලබාදීම ආදියයි.

    සමානාත්මතාව:

    මෙසේ පාසල, කාර්යාලය, ව්‍යාපාර, ආයතන ආදියේ ජාති ආගම් කුල භේද පක්‍ෂ භේද නොතකා නිලතල භේද නොසලකා සැමදෙන සමානාත්මතාවයෙන් යුතුව දුක සැප දෙක බෙදා හදාගෙන කටයුතු කරන්නේ නම්, එම ආයතන ප්‍රධානීන් හා අනෙකුත් සෑම දෙනාත් ඉතා ප්‍රසන්නව පි‍්‍රයව කටයුතු කරනු දක්නට ලැබිය හැකි වෙයි. සිදුහත් කුමරුගේ මාලිගාවෙහි දැසි දස් කම්කරුවන්ට පවා ඇල් සහළේ බත් දුන් බව සඳහන් වෙයි.(ඇල්හාලේ බත් දුන්නට කම්කරුවන් කම්කරුබවින් මිදවීමක් සිදුහත් කුමරු සිදු නොකල බව තරයේ මතක තබාගන්න.මෙය සමාජවාදය නොවේ.මනුෂ්යත්වයයි )