ලංකාවේ හෝටල්

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ලංකාවේ


    වර්තමානයේ අපි ගෙවන කාර්යබහුල ජීවිතත් එක්ක තුන් වේලක් ගෙදරින් උයාගෙන කන්න තියන හැකියාව ගොඩක් අඩුයි. රැකියා කටයුතු සහ එකී මෙකී නොකී නොයෙක් කටුයුතු නිසා දවසකට එක වේලක් හරි කෑම කඩයකින් ආහාර ගන්න අපිට සිදුවෙනවා. තුන් වේලම කඩෙන් කන අයත් නැතිවා නොවෙයි.

    පිරිසිදුවට ආහාර පිළියෙල කරන හෝටල් නැත්තේ නෑ. ඒත් බහුතරයක් අය එහෙම නැහැ. ආහාර පිළියෙල කිරීමේ පහසුව සහ ලාබ ඉපයීමේ පරමාර්ථය නිසා බහුතරයක් හෝටල් හිමියන් විසින් එයාලගේ ආහාර හදද්දි විවිධ කූට උපක්‍රම යොදනවා. නිතර කඩවලින් කෑම කන ඔබේ අවධානයට අපි ගෙන එන්නේ එවැනි සෞඛ්‍යයට අහිතකර විදිහට හදන ආහාර වර්ග කිහිපයක් ගැන කරුණුයි.





    1. ෆ්‍රයිඩ් රයිස්



    HotelTricks-01.jpg




    ෆ්‍රයිඩ් රයිස් එකක් විකුණන්නෙ නැති හෝටලයක් ලංකාවෙ අද නැති තරම්. ෆ්‍රයිඩ් රයිස් ඒ තරමටම ලංකාවේ ජනප්‍රියම කෑමක් වෙලා. සමහර ෆ්‍රයිඩ් රයිස් කඩෙන් ගෙනත් උණු උණුවෙන් කද්දි නම් කන්න පුලුවන් රසක් තියනවා. ඒත් ටිකක් පරක්කු වෙලා නිවුනම මෙලෝ රහක් නෑ. ඇයි ඒ?
    එකක් තමයි මේවට දාන රසකාරක. ඒත් රසකාරක වලට අමතරව ඔයාල නොදන්න තවත් දෙයක් තියනවා. ඒ තමයි මේ ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නෙ සමහර විට දවස් ගණන් පරණ බත් බව. දවසේ අවසානයේදී ඉතුරුවෙන බත් සෝදල ෂොපින් එකක ගැටගහල ශීතකරණ වල ගබඩා කරන හෝටල් හිමියන් දවස් ගණන් මේ බත් නැවත නැවත ෆ්‍රයිඩ් රයිස් හදමින් සහ ශීතකරණයේ දමමින් භාවිතා කරනවා.
    එකක් ඉවරවෙන්න එකක් වශයෙන් දවසට ෆ්‍රයිඩ් රයිස් සිය ගානක් දාන හෝටලයකට ඒ තරම් බත් තම්බ තම්බ ඉන්න වෙලාවක් තියෙන්න පුලුවන්ද? බෑ නේද?
    ඒ නිසා තවත් සමහරු එකවර විශාල ප්‍රමාණයක් බත් හදනව දවස් ගණන් පාවිච්චි කරන්න. මේ උපක්‍රම දෙකෙන්ම ඉතින් අහිංසක පාරිභෝගිකයන්ගෙ තමයි බඩවල් ලෙඩ වෙන්නෙ.





    2. කොත්තු



    HotelTricks-02.jpg




    “කොත්තුද ෆ්‍රයිඩ් රයිස්ද? ෆ්‍රයිඩ් රයිස් ද කොත්තුද?”
    රෑ කෑම වෙලාව ලං වෙද්දි හුඟක් අයට ඇතිවෙන ප්‍රශ්නයක් ඕක. ලංකාවේ කෑම සංස්කෘතියෙ ෆ්‍රයිඩ් රයිස් එක්ක කරට කර සටනක ඉන්න කොත්තුවත් ෆ්‍රයිඩ් රයිස් වගේම තමයි.
    ෆ්‍රයිඩ් රයිස් එකේ බත් වලට කරන දේම තමයි කොත්තුවෙත් රොටියට වෙන්නෙ. ශීතකරන වල දාල නැවත පාවිච්චියට ගන්නවා. නරක් වීමට ලංවෙච්ච එළවලු ලාබෙට අරගෙන දාල හදන කොත්තුත් බහුලයි. සමහර කොත්තුවලට යහමින් කරපිංච සුදුලූණූ දාල හදන්නෙ ඒ පරණ එළවලු වලින් එන අප්‍රියජනක රසය සහ සුවඳ වහන්න.
    දවස් ගණන් ඉතුරු වූ මස්මාලුත් බැදල කොත්තුවලට දාන හෝටල් ඉතාම බහුලයි. ඒ නිසා කොත්තුව කියන්නෙත් පිරිසිඳුයැයි විශ්වාසවන්ත හෝටලයකින් විතරක් කන්න ඕනෙ කෑමක්.




    3. චිලි පේස්ට්



    HotelTricks-03.jpg




    ලංකාවෙ මිනිස්සු චිලි පේස්ට් සහ සෝස් කන්න රුසියො. ෆ්‍රයිඩ් රයිස් එක උණු උණුවෙ මේසෙට ආපු ගමන් හුඟක් අය කරන්නෙ බත් එක වැහෙන්න සෝසුයි චිලිපේස්ටුයි හලාගන්න එක.
    ඔයාල දන්නවද හුඟක් හෝටල් වල මේ චිලි පේස්ට් එක හදන්නෙ ඉතාම පරණ තෙල් වලින් කියල. මස් මාලු පපඩම් ආදී දේවල් බැදල පරණ වෙන තෙල් එක විසිකරන්නෙ නැතිව කෑලි මිරිස් ඇතුලු අනිකුත් අමුද්‍රව්‍ය දාල චිලි පේසට් එක හදන්න භාවිතා කරනව. සමහර තැන්වල චිලි පේස්ට් එකත් හදල තියං ඉන්නව කල් පැනීම ගැන හිතන්නෙවත් නැතුව.





    4. කොළ මැල්ලුම



    HotelTricks-06.jpg






    කඩෙන් ගත්ත බත් පැකට් එක දිග හැරියාම මසක් මාලුවක් එළවලුවකට අමතරව ඒකට ගානට කැපෙන කොළ මැල්ලුමකුත් තිබ්බොත් හරි ගතියක් දැනෙනවා නේද?
    හරි, ගතියක් දැනුනට කමක් නෑ ඒ ගැම්මෙම්ම බත් එකට වගකියන්නෙ නැතිව අපි පොඩ්ඩක් හිතින් අතීතෙට යමුද? අම්මා අත්තම්මා එහෙමත් නැත්නම් ඔබේ බිරිඳ උයන කුස්සියට?
    එයාල පවුලේ දෙතුන් දෙනෙක්ට සෑහෙන්න කොළ මැල්ලුමක් හදද්දිඋණත් ඒකට කොච්චර වෙලාවක් ගත කරනවද? කොළ අහුලල, හෝදල, පණුවෝ කෘමීන් ඉන්නවද බලල හරි කැපකිරීමකින් තමයි මේ මැල්ලුම හදන්නෙ.
    දැන් ඔය මැල්ලුම හැදීමට ගත වෙන කාලයත් එක්ක සසඳල සීයකට දෙසීයකට හදන මැල්ලුමක් ගැන හිතල බලන්න. ඒ කැප කිරීමෙන්ම හදන්න හෝටල් වලට වෙලාවක් තියනව කියල හිතනවද? නෑ නේද? හුඟක් වෙලාවට කොළ මිටිය ලෙහුවා වතුර එකක එබුවා, කපාගෙන කපාගෙන ගියා.
    එච්චරයි!





    5. මිරිස් මාලු කිරි මාලු සහ බැදපු මාලු



    HotelTricks-07.jpg






    මේ කියන තුන් විදිහෙම මාලු ඔයාල කාල ඇති හෝටල් වලින්. ඒත් දන්නවද බොහෝ වෙලාවට මිරිස් මාලුවම තමයි මේ තත්ත්වෙට පත්වෙන්නෙ කියල.
    එකපාර හදන මිරිස් මාලු හොද්දට කඩල පිටි හරි පාන් පිටි හරි දාල කිරි මාලු හොද්දක් කරන්න අපේ හෝටල් සූපවේදීන්ට පුලුවන්. මිරිස් මාලුත් දීල කිරි මාලුත් දීල ඉතුරු මාලු වලින් රෑ කොත්තු ඕඩරුත් හදල පහුවදාටත් ඒ මාලු කෑලි ඉතිරි උනොත්?
    කිසි අවුලක් නෑ. එදා දවල් කෑමට ඒවා බැදපු මාලු බවට පත් වෙනවා.





    6. අතුරුපස සහ පළතුරු බීම



    HotelTricks-08.jpg



    දවල් කෑමෙන් පස්සෙ බඩේ තව ටිකක් ඉඩ තිබ්බොත් ඒ ඉඩ පුරවන්න ෆෘට් සැලඩ් එකක් තමයි නියමෙට ගැලපෙන්නෙ. ආයෙ හවස්වෙලා වැඩ ඇරිලා යන ගමන් පොඩි තිබහක් ආවොත් පළතුරු යුෂ එකකුත් කදිමයි නේද?
    නරක් වූ පළතුරු වල පාවිච්චියට ගතහැකි කොටස් උපයෝගී කරගෙන හදන ෆෘට් සැලඩ් එකම තව ටිකක් පරණ වේගෙන එද්දි පළතුරු යුෂ හැටියට බ්ලෙන්ඩ් කරලා විකුණන බව ඔබ දන්නවාද? කොහොමත් විවිධ රසායනික යොදා තියෙන පළතුරු බහුල මේ කාලෙ තව නරක්වූ පළතුරුත් කෑමට ගත්තොත් එය ඔබේ සෞඛ්‍යයට යහපත් වෙන්නේ නෑ නේද?


     
    Last edited:
    • Like
    Reactions: thilina.rp