ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ - Red Pill Hard to Swallow

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,936
    113
    deep state ekak na kynna ba inna deep state eka us wala taran advanced nathi unath
    මෙහෙ තියෙන්නෙ business කාරයො politician ල අතර උඩින් පේන්න තියෙන ගැටුම මිසක් politician ලට ඉහලින් legistlative powers තියෙන කිසිම ආයතනයක් නෑ.

    deep state තියරි එක ඇමෙරිකාවට apply වෙන්නෙ එහෙ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ උන් ඉන්නෙ congress එකට උඩින් නිසා සහ උන්ව චන්දෙකින් මිනිස්සුන්ට පත් කරගන්නවත් එලවන්නත් බැරි නිසා.

    බස් සංගම් කියන්නෙ පොඩි බිස්නස් කාරයොන්ගේ එකතුවක් මිසක් උන්ට ආයතිනකගත බලයක් නෑ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ලන්කාවේ මිනිස්සු දියුණු රටක් කරන්න බෑ කියන්නේ ඉන්න මිනිස්සු සවුත්තු නිසා කියන කතාව වැරදියි. එහෙම වෙනව නම්, සවුත්තු මිනිස්සු ඉඳපු රටවල් තමයි ලෝකෙ හැම තැනම තිබුණේ. සින්ගප්පූරුව ගත්තත් 1965 මැලේසියාවෙන් වෙන් වෙද්දි උගත් සුපිරි සෙට් එකක් හිටියේ නෑ. බහුතරයක් දුප්පත් මෝඩ මිනිස්සු. සින්ගප්පූරුව සහ අනිත් දියුණු රටවල දියුණුවත් එක්ක තමයි මිනිස්සුන්ගෙ ගතිගුණ හොඳ අතට ආවේ. දුප්පත්, අවස්ථා අඩු රටක සාමාන්‍ය දේ තමයි උගත්ගම, හොඳ පුරුදු (manners) කියන ඒවා දියුණු රටවල තත්වයෙන් නෑ. අනික ඒවා බලාපොරොත්තු වෙන්නත් බෑ. සරලවම කිව්වොත්, ඉපදුන දවසෙ ඉඳන් දුප්පත්, හරියට කන්නවත් නැති, බඩගින්නේ, මහ පාරේ වේලෙන එකෙක්ට පාර අයිනට එක්කන් ගිහින් බත් පැකට් එකක් දීලා පිළිවෙලට කාපන් කියන එක මෝඩ වැඩක්. හැබැයි එහෙම එකෙක්ට මුල කාලෙ ඉඳන් හරි මග පෙන්වීමක් තිබ්බ නම්, ඌට අඩුම තරමේ ඉඳපු තැනින් උඩට එන්න පුළුවන්. මග පෙන්වීම කියන්නේ අධ්‍යාපනේ, සෞඛ්‍ය වගේ මූලික අවශ්‍යතා දෙන එක. ඒකට සල්ලි ඕන. රටක් හැටියට ඒ පහසුකම හදන්න නම්, රටේ ආර්ථිකේ හොඳ වෙන්න ඕන. ඒක කරන්න මිනිස්සු සවුත්තු නිසා බෑ කියල කියන්න බෑ. ආර්ථික ප්‍රතිපත්ති හරි ඒවා නම් ඒක ඉබේම වෙනවා. ලන්කාවේ නොවුනේ ඒක. හොරු අල්ලන එක වුනත් එච්චරයි. ඇල්ලුවත්, opoortunities අඩු දුප්පත් මිනිස්සු ඉන්න රටක අළුතින් හොරු හැදෙනව. එදාටත් ඉතින් "අපේ උන් නම් කිසි කමකට නෑ' කිය කිය ඉන්න තමයි වෙන්නේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    define fuking "Diyunuwa"
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඔහොම මීඩියා සංදර්ශන දාගෙන නටන්න ඕනේ නැහෑ රට හදන්න. ගෝඨා හදන්න කලින් කොළඹ කොහොමද දැන් කොහොමද? ඒ වගේ තමා හරියට control කෙරෙව්වා නම් ඇතී.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔය කවුරු ආවත් රට control කරන්නෙ Deep state එක නැතිනම් අදිසි හස්තය

    Menna Deep state 😂

    mqdefault.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    ova ta enna epa

    HUMAN rights ok
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සරලවම කිව්වොත්, ඉපදුන දවසෙ ඉඳන් දුප්පත්, හරියට කන්නවත් නැති, බඩගින්නේ, මහ පාරේ වේලෙන එකෙක්ට පාර අයිනට එක්කන් ගිහින් බත් පැකට් එකක් දීලා පිළිවෙලට කාපන් කියන එක මෝඩ වැඩක්. හැබැයි එහෙම එකෙක්ට මුල කාලෙ ඉඳන් හරි මග පෙන්වීමක් තිබ්බ නම්, ඌට අඩුම තරමේ ඉඳපු තැනින් උඩට එන්න පුළුවන්. මග පෙන්වීම කියන්නේ අධ්‍යාපනේ, සෞඛ්‍ය වගේ මූලික අවශ්‍යතා දෙන එක. ඒකට සල්ලි ඕන. රටක් හැටියට ඒ පහසුකම හදන්න නම්, රටේ ආර්ථිකේ හොඳ වෙන්න ඕන. ඒක කරන්න මිනිස්සු සවුත්තු නිසා බෑ කියල කියන්න බෑ. ආර්ථික ප්‍රතිපත්ති හරි ඒවා නම් ඒක ඉබේම වෙනවා.
    Reality.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    අනිවා ඒක තමයි සිස්ටම් එක. ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර තහනම් කරලා, සොෂල් මීඩියා සීමා කරන්නේ නැතුව රට හදන්න බෑ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලංකාවේ පාරවල් කුනු නැතුව ලස්සනට තියෙයි

    වාහන පාරෙ නීතිගරුකව යයි

    කඩ කෑම වල hygiene එක වැඩි වෙයි

    මේ වගේ අදහස් වල උබලා ඉන්නවනම් ඇත්තටම පවු උබලා . යකෝ මේක 3 rd World රටක් . රටට මිනිසුන්ට සල්ලි නැතුව ඔය එක දෙයක්වත් කරන්න බෑ

    ඒක හොදටම පැහැදිලියිනෙ බස් සංගම් වලින් කියන ඒවයින්. පාරේ නීති කඩන්නෙ නැතුව උන්ට business එක කරන්න බෑ.

    අනුර කුමාර ගෝඨාටත් වඩා ෆේල් වෙනවා
    ඔය කවුරු ආවත් රට control කරන්නෙ Deep state එක නැතිනම් අදිසි හස්තය

    facebook එකේ හෑලි දාන middle class උන්ට ඕන විදියට රටේ කිසිම දෙයක් වෙන්නෙ නෑ රට පාලනය වෙන්නේ Matrix එකට ඕන විදියට
    Eka para nam karanna ba
    Mayinalage Geri Ranilage kale hiti minissuma ne inne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,233
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    SGවල ඕව වෙච්ච කාලේ තත්වෙ වෙනස්. අද කාලේ වගේ මිනිසුන්ට information වලට access තිබ්බෙ නෑ. ඉස්සර කරපුවා දැන් කරන්න හදනවානම් අමු හරකෙක් වෙන්න ඕන.

    වෙනසක් කරන්න ඕනා, ඒත් කරන විදියක් හරියට තියෙන්නෙ ඕන. නිකන් මේ වගේ ලබ්බවල් කරාම වෙන්නෙ පට්ට විරෝදයක් එන එක. දැනටම නාල ඉවරනෙ.