ලන්කාවේ මිනිස්සු දියුණු රටක් කරන්න බෑ කියන්නේ ඉන්න මිනිස්සු සවුත්තු නිසා කියන කතාව වැරදියි. එහෙම වෙනව නම්, සවුත්තු මිනිස්සු ඉඳපු රටවල් තමයි ලෝකෙ හැම තැනම තිබුණේ. සින්ගප්පූරුව ගත්තත් 1965 මැලේසියාවෙන් වෙන් වෙද්දි උගත් සුපිරි සෙට් එකක් හිටියේ නෑ. බහුතරයක් දුප්පත් මෝඩ මිනිස්සු. සින්ගප්පූරුව සහ අනිත් දියුණු රටවල දියුණුවත් එක්ක තමයි මිනිස්සුන්ගෙ ගතිගුණ හොඳ අතට ආවේ. දුප්පත්, අවස්ථා අඩු රටක සාමාන්‍ය දේ තමයි උගත්ගම, හොඳ පුරුදු (manners) කියන ඒවා දියුණු රටවල තත්වයෙන් නෑ. අනික ඒවා බලාපොරොත්තු වෙන්නත් බෑ. සරලවම කිව්වොත්, ඉපදුන දවසෙ ඉඳන් දුප්පත්, හරියට කන්නවත් නැති, බඩගින්නේ, මහ පාරේ වේලෙන එකෙක්ට පාර අයිනට එක්කන් ගිහින් බත් පැකට් එකක් දීලා පිළිවෙලට කාපන් කියන එක මෝඩ වැඩක්. හැබැයි එහෙම එකෙක්ට මුල කාලෙ ඉඳන් හරි මග පෙන්වීමක් තිබ්බ නම්, ඌට අඩුම තරමේ ඉඳපු තැනින් උඩට එන්න පුළුවන්. මග පෙන්වීම කියන්නේ අධ්‍යාපනේ, සෞඛ්‍ය වගේ මූලික අවශ්‍යතා දෙන එක. ඒකට සල්ලි ඕන. රටක් හැටියට ඒ පහසුකම හදන්න නම්, රටේ ආර්ථිකේ හොඳ වෙන්න ඕන. ඒක කරන්න මිනිස්සු සවුත්තු නිසා බෑ කියල කියන්න බෑ. ආර්ථික ප්‍රතිපත්ති හරි ඒවා නම් ඒක ඉබේම වෙනවා. ලන්කාවේ නොවුනේ ඒක. හොරු අල්ලන එක වුනත් එච්චරයි. ඇල්ලුවත්, opoortunities අඩු දුප්පත් මිනිස්සු ඉන්න රටක අළුතින් හොරු හැදෙනව. එදාටත් ඉතින් "අපේ උන් නම් කිසි කමකට නෑ' කිය කිය ඉන්න තමයි වෙන්නේ.